Author: LANKA24X7

පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 22ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ (03) එම අනතුර සිදුව තිබුණේ මහඔය – අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදීය. මහ ඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුරින් බස් රථ දෙකෙහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් 02ක්, කාන්තාවන් 12ක්, පිරිමි ළමුන් 06ක් සහ ගැහැණු ළමුන් 02ක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අම්පාර ඉගිණියාගල නාමල්ඔය ප්‍රදේශයේදි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය කියයි. වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා තවත් කාන්තාවන් දෙදෙනකුට වෙඩි තබා මරා දමා ඇතැයි තහවුරු නොවූ පුවත් පවසයි. අද අලුයම 2.00 ට පමන මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. මෙසේ ඝාතනය කර ඇත්තේ මොණරාගල කරාඩුගල පොලිසියේ සේවය කරන කොස්තාපල් වරයෙකි. වෙඩි තැබීමේ සිද්ධියෙන් පැයකය පමන පසුව වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා වෙඩි තබාගෙන මියගොස් ඇති බව වාර්තා වේ. මියගිය කාන්තාවන් දෙදෙනා ගැන අද අලුයම වන තෙක් තොරතුරු වාර්තා වී නොමැත.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් 4ක සංවිධායක තනතුරු වෙනස් කළ බව එම පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස සිටි අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙනුවට රාජ්‍ය අමත්‍ය ඉන්දීය අනුරුද්ධ මහතා ද අනුරාධපුර සංවිධායක සිටි එස් .එම් චන්ද්‍රසේන මහතා වෙනුවට නාමල් රාජපක්ෂ මහතා ද ගාල්ල සංවිධායක සිටි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙනුවට මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ද මාතර සංවිධායක සිටි කංචන විජේසේකර මහතා වෙනුවට නිපුණ රණවක මහතා පත් කර තිබේ . පක්ෂයේ තිරණයට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට යෑම හේතුවෙන් මෙම තීරණය ගත් බව ප්‍රකාශ කෙරේ .

Read More

අද (04) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් සඳහන් කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊ (03) රාත්‍රියේ නිවේදනය කළේය. දෙරට අතර පළමු එක්දින තරගයේ වනිඳු ඔහුගේ 10වැනි පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්විය. ඒ හේතුවෙන් සිදු කරන ලද එම්.ආර්.අයි. පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු වී ඇත. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටියේ හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ බවයි.

Read More

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී 56 ගිනිඅවිවලින් වෙඩිතබා ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ඝාතනය කර තිබූ අතර එම වෙඩිතැබීමෙන් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබීය. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර සැකකරුවන්ගේ ඡායාරූප 03 පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. සැකකරුවන්ගේ විස්තර –

Read More

වන ගහනය සියයට 30 සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් තුන අතර ශ්‍රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ දකුණු කොරියාව, ජපානය යන රවටල් දෙක පමණක් බව කාරක සභාවේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වාදී ඇත. ලෝක‍යේ රටවල් තුළ පවතින වනාන්තරවල ප්‍රතිශතය 31% ලෙස සලකන අතර මෙරට වනාන්තර ප්‍රතිශතය 30% මට්ටමේ පැවතීම ඉතා යහපත් තත්ත්වයක් වන බව ද එම නිලධාරීන් සඳහන් කරයි. කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතිය ගැසට් නොකිරීම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් විමසා තිබේ. 2018 වන විට හෙක්ටයාර මිලියන 1.4 ක පමණ වනාන්තර ගැසට් කර…

Read More

පිළියන්දල ප්‍රදේශයේදී ඊයේ (02) ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වයෝවෘද්ධ අඹුසැමි යුවළක් බරපතළ තුවාල ලබා ඇතැයි පිළියන්දල පොලීසිය පවසයි. මෙම අනතුරින් පාසල් දැරියක් ද සුළු තුවාල ලබා ඇතැයි සඳහන් ය. අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 68 හා 74 වියේ පසුවන අඹු-සැමි යුවළකි. අඹුසැමි යුවළ නිවසේ සිට ත්‍රීරෝද රථයෙන් කළුබෝවිල ශීක්ෂණ රෝහලේ සායනයකට සහභාගී වීම සඳහා යමින් සිටියදී අතරමගදී පාසල වෙත යාමට බස්රථයක් බලාපොරොත්තුවෙන් සිටි දැරියක් ද එහි නංවාගෙන තිබුණි. එලෙස ත්‍රීරෝද රථය පිළියන්දල දෙසට පැමිණෙමින් සිටියදී රාත්‍රී සේවා මුරය නිමකර නිවස බලා යමින් සිටි කර්මාන්තශාලා කළමනාකරුවෙකු පැදවූ මෝටර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනයවී ත්‍රීරෝද රථයේ…

Read More

තමා කැබිනට් මණ්ඩලයේ සිටියේ නැතිනම් 2024 ජනාධිපතිවරණ මැතිවරණයක් කියා දෙයක් නොපැවත්වෙන බවත් ඒ පිළිබඳව සියලු කාරණා ඉදිරියේදී හෙළිදරව් කරන බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා එසේ සඳහන් කළේ විජයග්‍රහණයේ පෙර දැක්ම නමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂිත නියෝජිත සමුළුවට සහභාගි වෙමිනි. විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ කිසිවෙකු ශ්‍රිලනිප පාක්‍ෂිකයාගේ සහය නැතුව ජනාධිපති වීමට සිතනවා නම් එය කළ නොහැක්කක් බවයි.එහෙත් ඡන්ද තිබෙන්නේ පක්ෂ මූලස්ථානයේ නොව ඡන්ද තිබෙන්නේ මහපොළොවේ බවද විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. මෙය ඉතාම සුවිශේෂී මැතිවරණයක් බවත් රටේ පැවැත්ම හෝ…

Read More