Author: LANKA24X7

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය එහෙත් ඉදිරි ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක්දැයි පිළිබඳව පක්ෂය තවම ත් අවසාන තීරණයකට පැමිණ නැතැයිද ලේකම්වරයා කීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සියලුම ප්‍රශ්න අවසන් කරගෙන ඇති බව පැවසූ ලේකම්වරයා ගම් මට්ටමේ සිට පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වෙමින් සිටින බවද පැවසීය මේ වන විට නොයෙකුත් සන්ධාන බිහිවෙමින් තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව විශාලම සන්ධානය ගොඩනගාගෙන ඇතැයි කී…

Read More

ශ්‍රී ලංකා රජයට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. එම විදේශ රැකියා ලබාදීමේ වැඩසටහන පිළිබඳ ත්‍රිවිධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීමට සදහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවැසීය. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන් අතර සිදුකළ සාකච්ඡාවක ප්‍රතිළුලයක් ලෙස මෙම අවස්ථාව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හිමිව තිබේ.

Read More

වාද්දූව, මැලෑගම ප්‍රදේශයේ නිවසක සිටි අඹු-සැමි යුවළකගේ රන් භාණ්ඩ තවත් කාන්තාවක් විසින් කොල්ලකා පළාගොස් තිබේ. බස් රථයකදී අහඹු ලෙස හමුවූ කාන්තාවක් විසින් මෙම කොල්ලය සිදුකර ඇති බව අදාළ යුවළ සඳහන් කර ඇත. කතරගම – කොළඹ බස් රථයකදී අඹු-සැමි යුවළකට පසුගියදා අහඹු ලෙස අදාළ කාන්තාව හමුවී තිබුණි. එහිදී හිතවත් වූ කාන්තාව අනතුරුව වාද්දූව, මැලෑගම ප්‍රදේශයේ පිහිටි අදාළ යුවළගේ නිවසට පැමිණ ඇත්තේ, ඔවුන්ගේ පුත්‍රයාට රැකියාවක් ලබාදෙන බව පවසමිනි. නිවසට පැමිණීමෙන් පසු කොල්ලකාරිය විසින් තමන්ට කෑමට යමක් ඉල්ලා තිබේ. කොල්ලකෑමට ලක්වූ නිවසේ කාන්තාව, “එයා තේ ඒක බිව්වේ එහෙට මෙහෙට ඇවිද ඇවිද. මගේ තේ ඒක ටිකක් රස්නය අඩු වුණාම මම එකපාරටම බිව්වා. ඒ්ත් එක්කම…

Read More

ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. ඒ අනුව ඒකක 0 – 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමට ද, ඒකක 30 – 60 අතර රුපියල් 20 සිට 9 දක්වා අඩු කිරීමටත්, ඒකක 60 – 90 රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට ද, ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා…

Read More

අතුරුදන් වූ පිරිමි දරුවාගේ මෘත ශරීරය හමුවූ බව පොලීසිය පවසයි. අඟුරුවාතොට පොලිස් වසමේ නිව්වැටල් වත්ත, නෑබඩ ලිපිනයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් ගංවතුර හසුව ඇතැයි ඊයේ අනාවරණය වුණි. පසුව 17 හැවිරිදි එම පාසල් සිසුවාගේ මෘත ශරීරය අඟුරුවාතොට පොලිස් වනසමේ උඩුවර ග්‍රාමසේවා වසමේ කටුපොල් වගා භූමියක තිබී ඊයේ (05) උදෑසන හමුව ඇත. මෘත ශරීරය හොරණ රෝහලේ තැන්පත් කර ඇති අතර, අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ගංවතුරට යටවූ මාතර දිස්ත්‍රික්කයේ තේ ගස් මැරී යාමේ තර්ජනයක් ඇතැයි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි. රොන්මඩ නිසා තේ වගාවට දැඩි බලපැමක් වන බවද තේ මණ්ඩලය කියයි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ විශේෂඥයන් පැවසූයේ ගංවතුර නිසා ඇතිවූ මඩරොල්ල තේ දළුවල හා තේ පත්‍රවල තැවරීම හේතුවෙන් තේ ගස් මිය යාමේ තර්ජනයක් මතුවීමට ඉඩ තිබෙන බවයි. මේ නිසා කුඩා තේ වතු ආරක්ෂා කර ගැනීම සඳහා තේ වගා කරුවන් මේ සම්බන්ධව දැනුම්වත් කිරීමටත්, තේ පත්‍රවල මඩ තැවරී ඇත්නම් ඒවා ජලයෙන් සෝදා හෝ ඉවත් කිරීමේ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකා…

Read More

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගෙන් කොටුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් පැයකට වැඩි කාලයක් ප්‍රශ්න කර අද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. ඉන් පසු එම පොලිස් කණ්ඩායම ගැටුම සිදුවූ ජනාධිපති කාර්යාලයට ගොස් එහි නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තාවේ. තමා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගිවී එළියට පැමිණෙමින් සිටියදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමාට අතින් පයින් පහර දුන් බව ගුණතිලක රාජපක්ෂ මහතා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත. ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව…

Read More

ආදර සම්බන්ධතාවට මවුපියන් අකැමැති වුණැයි බාල වයස්කාර පෙම් යුවළක් රම්බොඩ ගැරඬිඇල්ල දිය ඇල්ලෙන් පහළට පැනීමෙන් තුවාල ලබා ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි. මෙසේ දිය ඇල්ලෙන් පැන ඇත්තේ පුස්සැල්ලාව රොච්චයිල්ඩ් වත්ත පදිංචි දරුවකු හා පෙරට්ඨාසි මේමලේ කොටසේ පදිංචි දැරියක බව පොලිසිය කියයි. 17 වැනි වියේ පසුවන මේ දෙදෙනාගේ ආදර සම්බන්ධතාවට දැරියගේ නිවෙසින් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව ප්‍රකාශ කර ඇතැයි කියයි. මොවුන් අලුයමදී රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයට ගොස් එම දිය ඇල්ලේ ඉහළට පියමංකර එහිද කාලය ගත කර මෙසේ දිය ඇල්ලෙන් පහළට පැන ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි. දිය ඇල්ලෙන් පහළට පැන්න ද තරුණයා ජීවිතක්ෂයට…

Read More

අඟුණකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේ යාබද නිවෙස් දෙකක පාසල් දරුවන් දෙදෙනකු අතර ඇති වූ දබරයකින් පසු පිහි පහර කෑ අට හැවිරිදි දරුවකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි. වයස අවුරුදු 8 ක පමණ වන පිහි පහරට ලක් වූ පාසල් දරුවා අඟුණකොළපැලැස්ස මූලික රෝහලට පස්වරුවේ ඇතුල් කිරිමෙන් පසුව හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇති බවද පොලිසිය කියයි. පිහිපහරවල් එල්ල කළේ යැයි කියන 14 හැවිරිදි පාසල් සිසුවා නිවසින් පිටව ගොස් වස පානය කිරීමෙන් පසුව ඇඹිළිපිටිය මහ රෝහල වෙත රාත්‍රී ඇතුළත් කර ඇති බව වාර්තා වී ඇතැයි අඟුණකොළ පැලැස්ස පොලිස් ස්ථානාධිපති වරයා තහවුරු කලේය. යාබද නිවෙස් දෙකක සිටි මෙම…

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි. ජනාධිපතිවරයා එම දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනයකට අනුවයි. භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි මහතාගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් පළ කළේය. එම සංවාදය අතරතුර අගමැති මෝදි මහතා සිය දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති වික්‍රමසිංහට ආරාධනා කර ඇති අතර ජනාධිපතිවරයා එම ආරාධනය පිළිගෙන තිබේ.

Read More