Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ප්‍රංශ රිමාන්ඩ් භාරයේ භාරයේ පසුවූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු ලෙස සැලකෙන සිංහාරගේ අමල් ද සිල්වා හෙවත් කුඩු අංජු නැමැත්තා එරට අධිකරණයක් මගින් මුදා හැර ඇති බව සැලවීමෙන් පසු එය සැමරීම සඳහා මත්ද්‍රව්‍ය පානය කර රත්මලාන ප්‍රදේශයේ ස්ථානයක රතිඤ්ඤා දැල්වූ බව කියන පුද්ගලයන් සිවු දෙනෙක් මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. සැකකාර පුද්ගලයන් සිව්දෙනා ලඟ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබුණ නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් සිව්දෙනා කුඩු අංජු නැමැත්තාගේසමීපතම ගෝලයින් බව පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බහුතරයක් අංශවල නිලධාරීන්ගේ ජංගම දුරකථන (රාජකාරි පැය නමය තුළ) දිනපතාම ස්ථානාධිපතිවරුන් භාරයට ගනු ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එයට හේතු වී ඇත්තේ අභ්‍යන්තර විමර්ශන තොරතුරු පිටතට යාම වැළැක්වීම සඳහා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. නමුත් අභ්‍යන්තර තොරතුරු ලබා දෙන්නේ අධ්‍යක්ෂක කාර්යාලයේ ඇතැම් නිලධාරීන් සහ නිලධාරිනියන් බවත් ඔවුන්ට මෙම නීතිය බලපැවැත්වෙන්නේ නැති බවත් එම නිලධාරීන් පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අංශ 40 ක් පමණ ස්ථාපිත ව තිබෙන අතර එහි සේවය කරන සෑම නිලධාරියකු ම සේවයට පැමිණි වහාම ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ ජංගම දුරකථන සිය භාරයට ගනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
වයස අවුරුදු 16 ට අඩු දැරියන් 168 දෙනකු මාසයක දී දූෂණයට ලක්ව ඇතැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය කොළඹදී පැවසුවාය. මේ වසරේ සැප්තැම්බර් පළමුවෙනිදා සිට 30 වනදා දක්වා කාළය තුළ මෙම දැරියන් දූෂණයට ලක්ව ඇති බවත් ඉන් බහුතරයක් දැරියන් තමන්ගේ ඥාතීන් අතින් දූෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය. එම දැරියන් අතරින් විසිදෙදෙනකු ගර්භණී තත්ත්වයට පත්වී ඇති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය. ගැබ් ගත් දැරියන් අතරින් 15 දෙනකු ප්‍රේම සම්බන්ධතා පවත්වා ගැබ් ගෙන අතැ අතර දැරියන් හත් දෙනෙකු බලහත්කාරයෙන් දුෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය තවදුරටත් කීවාය.
ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායක ධුරය රිපබ්ලිකන් සාමාජික මයික් ජොන්සන් ට හිමිවිය. ඒ සඳහා පැවැති ඡන්ද විමසුමේදී 51 ක් හැවිරිදි මයික් ජොන්සන්ට පක්ෂව ඡන්ද 220 ක් හිමිවුණු අතර, ඔහුට විරෝධය දැක්වූ ගණන 209 කි. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය හෙවත් පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට සිදුවූයේ එම ධුරයේ කටයුතු කළ කෙවින් මකාති පසුගිය ඔක්තෝබර් 3 වැනිදා විශ්වාසභංගයකින් ඉවත් කළ බැවිනි ඇමෙරිකන් කතානායකවරයකු විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පළමු අවස්ථාව වූයේ මෙයයයි. ඉන්පසු කතානායක ධුරයට…
2024 වසර සඳහා අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමසා බලා පක්ෂයක් ලෙස තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ දියුණු රටක් ඇති කිරීමට හෝ ජනතාවට සහන සැලසීමට 2030 වසර වන තෙක් බලා සිටිය නොහැකි බවය. මේ අතර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ සිදුව ඇත්තේ, කැබිනට් සංශෝධනයක් නොවන බවත් එය තනතුරු හුවමාරුවක් පමණක් බවත්ය. එම නිසා තනතුරු හුවමාරුවක් සිදුකිරීමෙන් කිසිදු ඵලක් නොවන බවත් එයින් රටට හෝ ජනතාවට කිසිදු සෙතක් සිදුනොවන බවත් මන්ත්‍රීවරයා පවසයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි…
ව්‍යාපාරිකයෙකුට ජංගම දුරකථනයෙන් කතා කර රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලූ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, පසුගිය 19 වනදා සවස් කාලයේ දී අදාළ පුද්ගලයා විසින් කප්පම් මුදල් ඉල්ලා මරණ තර්ජනය කළ බවට මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවය. ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී ඇමතුම ලබාදී ඇති පුද්ගලයාව ඊයේ (24) සවස දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී මුල්ලේරියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කප්පම් මුදල ඉල්ලූ දුරකථනයේ සිම් කාඩ් පතද පොලිස් භාරයට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 51ක් වූ දෙල්ගහවත්ත, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විදෙස් රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සැකකරු විසින් මෙලෙස කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කර…
කිරිගව සොරකම් සඳහා මෙතෙක් පැවති රුපියල් 50,000ක උපරිම දඩය, රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එමෙන්ම එවැනි සොරකම් සඳහා අවම වශයෙන් වසරක බරපතළ වැඩසහිත සිරදඬුවම් පැනවීම සඳහා වගන්ති ඇතුළත් කර සත්ත්ව සුබසාධන පනත සංශෝධනය කරන ලෙස අමාත්‍යවරයා පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් ලබාදී ඇත. සත්ත්ව සුබසාධන පනතේ නව සංශෝධන සම්බන්ධයෙන් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී කිරිගව සොරකම් ඉහළයාම සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ. පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබා දුන් එළදෙන ද සොරකම් කර ඝාතනය කර ඇති බව එහිදී සඳහන් කළ…
මුලතිව්, නිරාවිපිට්ටි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් ඝාතනය කොට වළ දමා තිබියදී සොයා ගැනීමට හැකිවූ බව මුලතිව් මුල්ලියාවේලි පොලීසිය පවසයි. පොලීසිය පැවසූවේ මුලතිව්, නිරාවිපිට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිය බිරිඳ ඝාතනය කොට වළ දමා පළාගොස් සිටි මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ පාපොච්චාරණයක් මත මළ සිරුර වළ දමා තිබු ස්ථානයෙන් ගොඩගත් බවය. මියගිය කාන්තාව පසුගිය 21 වැනිදා සිය මවට දුරකථනයෙන් කථා කොට ඇති අතර, දියණියගෙන් දින ගණනාවක් කිසිදු තොරතුරක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව 23 වැනිදා දියණිය රැඳී සිටි නිවසට ගොස් පරීක්ෂා කොට තිබේ. එහිදි දියණිය කුලි පදනම මත රැඳී සිටි නිවසේ කිසිවෙකුත් නොසිට ඇති අතර, දියණියගේ දුරකථනයෙන්ද කිසිදු…
නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඹුරුපිටිය සහ මාතර ප්‍රදේශවල ජල ගැලීමට ලක් වූ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් එලෙසම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාර්මාර්ග අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවල මාර්ග භාවිත කරන රියදුරන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවය. “නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් අද දිනය පුරාමත් පැවතිය හැකියි. ඒ තත්ත්වයේ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ වන අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟේ පහත්බිම්වල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් පැවැතිය හැකියි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ග හා අතුරුමාර්ග භාවිත කරන රියදුරු මහතුන් මේ තත්ත්වය ගැන දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු…
අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. මෙම සංශෝධනය යටතේ ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් මාරු කිරීමටද මහජන සුබසාධන ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීමටද නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. බංකොලොත් රට ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගීමට රජය ගෙන යන ආර්ථික සහ සමාජ සුභසාධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහයක් නොදී මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන අමාත්‍යංශ ලේකම්වරුන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි ලැබී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ජනතාවට නිසි සේවයක් නොලැබෙන බවට මහජන පැමිණිලි ලැබී ඇති අමාත්‍යංශ ලේකම්වරුන් සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනයක් කර ඇතැයිද එම ප්‍රකාශකයා…