Author: LANKA24X7

බිරිඳගේ අනියම් සැමියා ඝාතනය කර රහසිගත ජීවිතයක් ගත කළ හිටපු හමුදා උපලුතිතන්වරයකු වසර හයකට පසු ඊයේ (07) පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ ආපන ශාලාවක් තුළ දී ඔහු මෙම ඝාතනය සිදුකර තිබුණි. සැකකරු යුද හමුදා පාබල බළකායේ වෙන්නකේනි කඳවුරේ සේවය කර ඇති නිලධාරියකු වන අතර, ඔහු ඝාතනය සිදු කළ සමයේ ම හමුදාවෙන් පළාගිය අයෙකි. සැකකරු විවාහයන් දෙකක් කරගෙන ඇති බවත් ඝාතනය කර ඇත්තේ, දෙවැන විවාහයේ බිරිඳගේ අනියම් සැමියා ව බවත් පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත. 2017 වර්ෂයේ මාර්තු 26 වනදා සැකකරුගේ දෙවැන බිරිඳ, ඇයගේ අනියම් සැමියා සමඟ ආපන ශාලාවක ආහාර ගනිමින් සිට ඇති අතර, එම ස්ථානයට පැමිණි සැකකරු, මිය…

Read More

දළදා මාලිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවූ විදේශිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජාතිකයෙකි. ඊයේ උදෑසන එම පුද්ගලයා මෙලෙස අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම්කර ඇති දළදා මාලිගා පරිශ්‍රයට ඉහළින් ඩ්‍රෝන යානාවක් ගුවන් ගතකර ඇත. අනතුරුව මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් තාක්ෂණ ඒකකය විසින් අදාළ ඩ්‍රෝන යානාව විසින් පටිගත කර තිබූ දර්ශන මකා දැමීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මහනුවර සංචාරක පොලිස් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ලොව ධනවත්ම හිඟන්නා ඉන්දියාවේ මුම්බායි නගරයේ ජීවත්වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. භාරත් ජයින් ගේ වත්කම් වල වටිනාකම ඩොලර් 900,000ක් බව ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළේය. ඔහු දෙදරු පියෙකි.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (07) පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 2023 අයිසීසී ලෝක කුසලානයට අදාළ සුදුසුකම් ලැබීමේ තරග වටය මේ දිනවල පැවැත්වෙන්නේ, සිම්බාබ්වේ රාජ්‍යයේදී ය. එහි මූලික තරග වටයේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, සුපිරි හය දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලැබුවේ, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට ම පැමිණෙමිනි. සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය ඊයේ (07) පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේදී ය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පළමුව පන්දුවට පහර දීම සඳහා…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන, පැ.කි.මී. (40-45) ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ

Read More

සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ධනුෂ්කගේ නීතීඥයින් සිදුකර ඇති එම ඉල්ලීමට අදාළව විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සඳහා ඉල්ලීමක් සිදුකරන තෙක් මෙම නඩුව ඇසීම කල්දමන ලෙසට ද ඉල්ලා ඇති බවය.

Read More

sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் අස්වැසුම නව නිර්ණායක ලැබෙන තුරු දීමනා අඛණ්ඩව අස්වැසුම නව නිර්ණායක ලැබෙන තුරු දීමනා අඛණ්ඩව July 7, 2023 10:36 am නව නිර්ණායකයන් හඳුන්වාදෙන තුරු දැනට සිදුකරන වකුගඩු දීමනා, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ප්‍රතිලාභ අඛණ්ඩව සිදුකිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේ ය. කෙසේ වෙතත් සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දිළිදු හා අන්ත දිළිදු යන සමාජ කාණ්ඩ 04 යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකිරීමේ කිසිදු වෙනසක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත. මේ වන විට අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ අභියාචනා…

Read More

විදුලිබල පනත ප්‍රකාරව විදුලි සම්බන්ධතාවයක් ලබාගැනීමේදී තැන්පත් කරන මුදල වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ජුලි මස සිට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟවී ඇතැයි විදුලි, පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමය පවසයි. එම සංගමය නියෝජනය කරමින් මාධ්‍ය හමුවකට එක්වූ ආචාර්ය, නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පැවසුවේ සාමාන්‍ය ජනතාවගේ තැන්පතු වෙනුවෙන් ගෙවිය යුුතු පොලිය ප්‍රථමයෙන් ගෙවන ලෙස තමන් ඉල්ලීමක් කරන බවය. ආචාර්ය නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා, “ඒ පොලිය අයිති විදුලි පාරිභෝගිකයින් ට. නමුත් ඒ අයිතිය විදුලිබල මණ්ඩලය ලබාදුන්නේ නැහැ. ඒ නිසා අධිකරණයට ගිහින් ලොකු සටනක් කරන්න වුණා. ඒ තුළින් හැකියාවක් ලැබුණා විදුලි සම්බන්ධතාවය ලබාදීමේදී ලබාගන්නා තැන්පතුව වෙනුවෙන් දෙන පොලිය ගෙවන බවට. විදුලිබල මණ්ඩලය පොරොන්දු වුණා ජුලි…

Read More

පාලන මිලක් නියම කර තිබුණ ද දේශීය බිත්තර අධික මිලකට අලෙවි කිරීම නැවැත්වීමට අපහසු වී ඇති බව වාර්තා වෙයි. සුදු බිත්තර සඳහා රුපියල් 44ක පාලන මිලක් සහ රතු බිත්තර සඳහා රුපියල් 48ක පාලන මිලක් මේ වනවිටත් පැනවීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ. කෙසේවෙතත් ඊයේ (06) දිනය වනවිට ඇතැම් වෙළෙඳසැල්වල බිත්තර රුපියල් 60ක් වැනි අධික මුදලකට අලෙවි වන බව පාරිභෝගිකයින් සඳහන් පෙන්වා දෙයි. බිත්තර සඳහා පාලන මිලක් පැනවීමෙන් පසු පාරිභෝගික සේවා අධිකාරිය විසින් අඛණ්ඩව වැටලීම් සිදුකළ අතර ඒ හේතුවෙන් වෙළෙඳපොළ තුළ බිත්තර හිඟයක් ද ඇතිවිය. පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගැනීමත් සමග යළිත් වරක් දේශීය බිත්තර වෙළෙඳපොළට…

Read More

ඉතාමත් ඉක්මණින් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව රජය පවසයි. පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ විමසීමකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව පැවසීය. පොලිස්පති ධුරය ට අදාළ පත්කිරීම සමහරවිට පැය 48කටත් පෙර ජනාධිපතිවරයා විසින් ගැනීමට ඉඩ තිබෙන බවද ඔහු කීය.

Read More