Author: LANKA24X7

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබේ. අමාත්‍ය අලි සබ්‍ රි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ බව පැවසීය.

Read More

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණත් මේ දක්වා තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට හෝ අවස්ථාවක් හිමිව තිබුණේ නැත. ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදීමට තරග තීරකවරුන් තීරණය කර තිබේ.

Read More

සංචාරය කිරීම සඳහා ලොව හොදම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ද පත්ව තිබේ. ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ නවතම වාර්තාවකට අනුව 2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය යන රටවල් නම් කර ඇති බව වාර්තා වේ. මේ වසරේ පළමු කාර්තුව තුළ ලොව මිලියන 285ක පමණ පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20ක වැඩවීමක් බව සඳහන්ය. ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකානුවන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට නියමිත අතර 2022,2023 කාලය තුළ පමණක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විදෙස් ගමන් බලපත්‍ර මිලියන 24ක් නිකුත් කර ඇති බව ෆෝබ්ස් සඟරාව…

Read More

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කතානායකවරයා පැවසුවේ ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි. තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 ක් ඇතුළත් වූහ. කෙසේ වෙතත් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය ලබාගැනීමට සමගි ජන බලවේගය පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මෙම වාහන බලපත්‍රය පිළිබඳ කාරණය පාර්ලිමේන්තු කටයුතු…

Read More

ශ්‍රී ලංකා 20යි 20 සංචිතය සඳහා වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයින් තෝරා ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු එම අදහස් පළ කළේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ ඊයේ (08) ලද පරාජය පිළිබඳව අදහස් දක්වමිනි. “ඇත්ත වශයෙන්ම කණගාටුවෙනවා අපි හොඳ කණ්ඩායමක්. අපේ සූදානමක් තිබුණා. ලංකාවේ තේරීම් කමිටුව විසින් තෝරලා තියෙන්නේ ඒ අවස්ථාවේ ලකුණු ගහපු හොඳම ක්‍රීඩකයෝ. මම දැක්කා සමහර සමාජ මාධ්‍යවල තියෙනවා ටෙස්ට් කණ්ඩායමක් 20යි 20ට දැම්මද කියලා. මෙහෙමයි තරග පරදිනකොට මිනිස්සුන්ට හරි ලේසියි ඇඟිල්ල දික්කරන්න. තරග පරදිනකොට බෙල්ල කන්නේ ඇමතිවරයාගේ. මැච් දිනනකොට ක්‍රීඩකයා, පරදිනකොට ඇමතිවරයා. ඕක තමයි ලංකාවේ සාමාන්‍ය තත්ත්වය. දින්නම ක්‍රීඩකයෝ ක්‍රීඩකයින්ගේ…

Read More

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තාවකාලිකව වසා දැමූ පහළ කඩුගන්නාව කොටස මේ වනවිට යළි විවෘත කර තිබේ. කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් විමසිලිමත්ව රථ වාහන ධාවනය කරන ලෙසටය.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම දිවුරුම්දීමේ උත්සවයට සහභාගීවීමට නියමිතය. දිවුරුම්දීමේ උත්සවය නවදිල්ලි අගනුවරදී අද (09) සවස පැවැත්වීමට නියමිතව තිබේ. ඒ රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙනි. දින 44ක් අදියර 7ක් යටතේ පැවැති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය ජයගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය ප්‍රමුඛ සන්ධානය පසුගිය දා සමත්විය.

Read More

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍ර වීම හේතුවෙන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම ඇතුළු විවිධ ප්‍රතිකාර සේවා කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි රෝහල් බලධාරීහු පෙන්වාදෙති. රට පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් දෙදාහසකගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් දැනට සිටින්නේ දෙදහස් එකසිය පනහක් පමණ බවද එම ආරංචි මාර්ග කීවේය. සෞඛ්‍ය සේවයට විශේෂඥ වෛද්‍යවරුන් අනුමත කෙරුණු සංඛ්‍යාව හාරදහසකි. මෙසේ බරපතල හිඟයක් පවතින්නේ ශල්‍ය වෛද්‍යවරුන්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, රුධිර පාරවිලයන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම අංශවල වෛද්‍යවරුන් බොහෝ පිරිසක්…

Read More

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ. මෙම සිද්ධිය පිළිබඳව ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග ඇතිවූ ගැටුමකින් පසු රාජපක්ෂ මහතා තුවාල ලැබීය. කොළඹ නාරාහෙන්පිට යුද හමුදා රෝහලට ඇතළත් කෙරුණු රාජපක්ෂ මහතාගේ පාදයකට ශල්‍යකර්මයක්ද සිදුකෙරිණ.

Read More

කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. මෙම නව නගර සැලසුම යටතේ දැනට පහත් බිම් වල තිබෙන රෝහල්, පාසල් ,නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදී සියල්ල උස් භූමිවල ස්ථාපිත කිරීමට නියමිතය. ඒ සඳහා සුදුසු භූමි ප්‍රදේශ එම ප්‍රදේශයේම තිබෙන බව රජය පවසයි. එමෙන්ම කොළොන්නාව නව නගර සැලසුම අනුව අනවසර ඉදිකිරීම් තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමටද නියමිතව පවතී. මෙම සැලසුමට අනුව කැලණි ගං මිටියාවතේ ගංවතුර පාලන ක්‍රමවේදයක් සකස් කිරීමටද නියමිතය. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර සහ ප්‍රේමනාත් සී.දොළවත්ත මහත්වරුද සහභාගී වූහ.

Read More