Author: LANKA24X7

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අතර ඊයේ (18) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් අවසන් වූ බව එම කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා ලංකාදීපයට පැවසීය. ප්‍රතිපාදන සභාවේ සභාපතිවරයා ලිඛිත විසඳුමක් ඒ සඳහා ලබාදීමට ඉල්ලා සිටියද මේ වන විට බලධාරීන් එවැනි විසඳුම් කෙරෙහි තමන්ට තිබූ විශ්වාසය පලුදු කර ඇති හෙයින් එවැන්නකට එකඟ නොවූ බවද ප්‍රියන්ත ‍ මහතා කීය. එම නිසා දැනට දින හතළිස් හතක් ගත වී ඇති තම වෘත්තීය ක්‍රියාමාර්ගය නිත්‍ය විසඳුමක් ලැබෙන තුරුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවද හෙතෙම පැවසීය. මේ අතර ඇතැම්…

Read More

අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා ඇත. කැන්සාස් ජනපදයේ තෝමස් ප්‍රාන්ත දිස්ත්‍රික් අධිකරණය හමුවේ, ‘ෆයිසර්’ සමාගමට එරෙහිව නඩු පැවැරීමක් කළේ, කැන්සාස් ජනපද නීතිපති ක්‍රිස් කොබෙච් මැදිහත් වෙමිනි. ‘ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත ඇමෙරිකානුවන්ට ලබා දුන්නේ එහි අතුරු ආබාධ රැසක් ඇති බව හොඳින් දැනගෙනයි. එන්නත ලබා ගත් බොහෝ දෙනකු අද සංකූලතාවලට මුහුණ දෙනවා. සමහරු මියගිහින්. ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත සම්බන්ධයෙන් සත්‍යය ඇමෙරිකානුවන්ට හෙළි කළ යුතුයි’ යැයි නීතිපති ක්‍රිස් කොබෙච් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. ‘ෆයිසර්’ යනු වසර 175 කට වැඩි…

Read More

වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවය. වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බව සඳහන්ය. රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේය. එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බවය. වව්නියාව ප්‍රදේශවාසීන් භූකම්පනය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය. “ළමයි දෙන්නා පාඩම් කර කර හිටියේ. එතපාරම අමුතු සද්දයක් ආවා. මේසේ උඩ තිබුණ ඒවා හෙල්ලිලා ගියා. අපිට ඇත්තටම බය වුණා සෑහෙන්න. විනාඩි…

Read More

සුදුවෑන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇදගත් පිරිසක් තරුණයකු පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලීසිය පවසයි. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි රොෂාන් අෂාන් නමැති 24 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය සඳහන් කළේය. පැහැරගෙන ගොස් ඇති තරුණයාගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. සැකකරුවන් සුදුවෑන් රථයකින් පැමිණ හීනටියංගල දේවස්ථානය ආසන්නයේ දී තරුණයාව පහරදී පැහැරගෙන ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ප්‍රදේශය හැරගොස් සිටින ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවත් කළුතර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කළුතර දකුණ මූලස්ථාන පොලිස්…

Read More

ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය එන්ජින් තුනක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් එලෙස දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවය.

Read More

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති තරගය ලකුණු104කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 218ක් රැස්කර ගත්තේය. මෙවර ලෝක කුසලානයේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්වුණි. ඒ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වේ. එහිදි නිකොලස් පූරන් පන්දු 53කින් ලකුණු 98ක් රැස්කර ගැනීමට සමත්විය. පූරන් රැස්කළ ලකුණු 98 වාර්තා අතරට එක්වුණේ මෙවර ලෝක කුසලානයේදි ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය. ජොන්සන් චාල්ස්…

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන්ම මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවසීය. භාණ්ඩ හා සේවා මගී ප්‍රවාහන වියදම් මෙන්ම පොදුවේ ජීවන වියදම පහළ නොයන්නේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රටේ සැලකිය යුතු ආකාරයට පහළ නොයන නිසා බවද ඔහු සඳහන් කළේය. ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් රුපියල් 420 ක් පමණ වූ අතර දැනටත් පවතින්නේ එම මිලම බව ඔහු කීවේය. මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙසේද පැවසීය. පසුගිය වසරේ සැප්තැම්බර් වන විට බොරතෙල් බැරලයක මිල වාර්තා වන්නේ ඩොලර් අනූ හතරක් ලෙසයි.එය පසුගිය වසරේ දෙසැම්බර්…

Read More

බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය මාස පහකට පමණ පසු පළමුවරට මහජන උත්සවයක් සඳහා අද (15) එක් වූවාය. මීට මාස 5කට පමණ පෙර ඇය පිළිකාවක් හේතුවෙන් ශල්‍ය කර්මයකට මුහුණ දුන්නාය. චාල්ස් රජුගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වෙන “Trooping the Colour” නම් වාර්ෂිකව පැවැත්වෙන හමුදා පෙළපාලියක සිය දරුවන් තිදෙනා සමග අශ්ව රථයක කේට් කුමරිය ගමන් කළාය.

Read More

රථවාහන රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු. 6,000ක් දක්වා ඉහළ දමා තිබේ. ඊට අදාළව පොලිස්පතිවරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිත ය. මෙතෙක් ස්ථානාධිපති/රථවාහන ධුරය දැරූ නිලධාරියෙක් ට ගෙවූ මාසික දීමනාව වූ රුපියල් 2,500, රුපියල් 7,000ක් දක්වා වැඩිකර ඇති බවද වාර්තා විය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලබා දීම සඳහා එම අරමුදලේ විධායක කමිටුව ඊයේ (12) පැවැති රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව තෙවැනි වාරිකය ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.පසුගිය වසරේ අවසානය වනවිට ඉටුකළ යුතුව තිබූ සමාජ වියදම් ඉලක්කය හැර අනෙකුත් ප්‍රමාණාත්මක ඉලක්ක සියල්ලම ශ්‍රී ලංකාව සපුරා ඇති බවත් මෙම වසරේ අප්‍රේල් මස අවසානය වනවිට ළඟා කරගත යුතුව තිබූ ව්‍යුහාත්මක ඉලක්ක ඉටුකර හෝ ප්‍රමාදයක් ඇතිව ක්‍රියාත්මක කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත්…

Read More