Author: LANKA24X7

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ පානදුර තල්පිටිය එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ කරුණා අම්මාන් මහතා මෙසේ දේ පැවසීය. අපි අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අගය කළ යුතුයි.ඔහුට විතරයි රට ආපසු ගොඩනඟන්න පුළුවන්. හැමෝම අතීතය දන්නවා. හිටපු ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක්ම විනාශ කළා. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩ භාර ගත්තට පස්සේ තමයි අපි හොඳ තත්ත්වයකට ඇවිත් ඉන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව ඔහුට ඡන්දය ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒක…

Read More

මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සඳහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය කියයි . අරගල සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඒ මහතාට තාවකාලිකව රැඳී සිටීම සඳහා කුලී පදනම මත මහනුවර මලබාර් වීදියේ පිහිටි මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස ලබා දී තිබේ . එසේ ලබා දී ඇත්තේ ඔහුගේ මාසික වැටුපෙන් 10% ක මුදලක් අය කර ගැනීමේ ගිවිසුමක් මත බව පවසන…

Read More

බුද්ධාගමට අපහාසාත්මක වන අයුරින් අන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකිරීම සහ එම ප්‍රකාශ විකාශය කිරීමට අදාළව ගොනුකර තිබූ නඩුවෙන් ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සහ ‘එස්.එල් ව්ලොග්’ යූ ටියුබ් චැනලයේ හිමිකරු බෘෘනෝ දිවාකර නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා ඊයේ (19) නියෝග කළේය. නඩුකාරය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා ලිඛිතව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙන බවත් ඒ හේතුවෙන් නීතිපති උපදෙස්මත විත්තිකරුවන් දෙදෙනාව අදාළ නඩුකරයෙන් නිදහස් කරන බවත් නියෝගය නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා ප්‍රකාශ කළේය. එම අවස්ථාවේ තීරණය පිළිබඳ නැවත සළකා බලන ලෙස පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය. කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප…

Read More

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන් අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා කීය. 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය .

Read More

දැනට දින 50කට ආසන්න කාලයක සිට වැඩ වර්ජනයක නිරතව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් ගලහ මංසන්ධියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට තිබේ . අද (19) පෙරවරුවේ සිට ආරම්භ කළ එම සත්‍යග්‍රහය තම වෘත්තීය අයිතීන් ලැබෙන තුරු අඛණ්ඩව පවත්වාගෙන යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපති ටී. ඒ. ඩී. සුරංජීව මහතා පැවසීය . විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ මෙම වැඩවර්ජන ක්‍රියාවලියට විසඳුම් ලබාදීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රධානීන්ට අවශ්‍යතාවයක් නොමැති බවට පෙනී යන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අනධ්‍යන සේවකයන්ට සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබුණත් තම වෘත්තිය අයිතීන් ලැබෙන තුරු සේවයට…

Read More

මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය මිහින්තලා පුද බිමින් සියලු ආරක්ෂක අංශ නිලධාරීන් ඉවත් කරලා තියෙනවා. මේ නිසා පොසොන් වැඩසටහන අඩපණ වෙලා තියෙනවා. එම ආරක්ෂක නිලධාරීන් නැවත ඒ පුදබිමට ලබාදෙන්න. මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීම කාගෙත් වගකීමයි.මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න

Read More

බීමතින් ත්‍රී රෝද රථයක් පැදවීම සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ස්වසන නල පරීක්ෂාව සිදුකරමින් සිටියදී සැකකරු ජංගම දුරකතනයෙන් පොලිස් සැරයන්වරයගේ හිසට පහරදීමෙන් තුවාල ලැබූ සැරයන්වරයා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි. මැදවච්චි පොලිසියේ කණ්ඩායම ක් ඊයේ (18) රාත්‍රියේ රථ වාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදී මැදවච්චිය රෝහල ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් නවතා පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසයි. ත්‍රී රෝද රථය පැදවූ රියදුරු බීමතින් සිටි බවට අනාවරණය වීමෙන් පසු ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන මැදවච්චිය පොලිස් ස්ථානයෙ රථ වාහන අංශය වෙත රැගෙන විත් ස්වසන පරීක්ෂා කිරීමට යාමේදී ඔහු එයට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී ඇත. ස්වසන…

Read More

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා දුන්නේ දුන්නේය. රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව බැංකු වාර්තා කැඳවීමට මෙසේ නියෝග නිකුත් කළේය. ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට…

Read More

ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් පසුව හිතාමතාම මකාදමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් පැවසීය. කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක ඒකකය මඟින් ඉදිරිපත් කළ විශේෂඥ වාර්තාව හා රජයේ රස පරීක්ෂකවරයා සිදුකළ ඩිජිටල් වෝහාරික පරීක්ෂණය මගින් මෙම කරුණු අනාවරණය වී ඇති බවත්,දත්ත මකා දැමුවේ කවුද? ඊට සම්බන්ධ වූවන් කවර හුද?එසේ කර ඇත්තේ කාගේ උවමනාවටද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් කළ යුතු බවත්,ඒ සම්බන්ධයෙන් සුදුසුකම්ලත් ජාත්‍යන්තර හෝ…

Read More

සති අග ඉංග්‍රීසි පුවත්පත්වල මංගල දැන්වීම් පළකර පියකු සහ පුතෙකු ලෙස ද්විත්ව රංගනයක යෙදෙමින් මත්ද්‍රව්‍ය වලට පුනරුත්ථාපන වූ පුද්ගලයෙකුගේ හැඳුනුම්පත යොදාගෙන මුදල් වංචාවේ යෙදුණු සේවය අත්හැර ගිය යුද හමුදා මේජර් මේජර්වරයෙකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු වංචාව සඳහා යොදාගත් ජංගම දුරකථන දෙකක් රවුටරයක් සහ ලැප්ටොප් පරිගණකයක් පොලිස් භාරයට ගෙන ඇත. මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ඇති 28 හැවිරිදි එකම පුතුට කොළඹ ප්‍රදේශයෙන් රූමත් මනමාලියක් බලාපොරොත්තු වන බවට පියා වශයෙන් හඳුන්වා සති අග ඉංග්‍රීසි පුවත්පතක සැකකරු පළ කර තිබූ මංගල දැන්වීමකට කොළඹ ප්‍රදේශයේ රජයේ විශ්‍රාම ලැබූ ධනවත් යුවළකගේ විශ්ව විද්‍යාලයක අවසන් වසරේ සිසුවියක් වන එකම දියණියකගේ මවක්…

Read More