Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මත්පැන් විවෘත කිරීමේදී මෙතෙක් එවැනි මූලික ගාස්තුවක් අය නොකෙරිණ.සුරා බදු බලපත්‍ර ඉතාමත් නිත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රා බී 4 යන බලපත්‍රයට වැඩි ඉල්ලුමක් පවතින හෙයින් එම බලපත්‍රය නිකුත් කිරීමේදී මූලික ගාස්තුවක් වශයෙන් රුපියල් කෝටියක මුදලක් ගැනීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. සංචාරක කර්මාන්තය සමග බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ රටේ සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති බදු බර ක්‍රම ක්‍රමයෙන් ගිහිල් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ…
පිලිපීනයේ පසුගියදා පැවති ජාතික මාස්ටර් සහ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක් ද, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද හිමි කර ගත් මුලතිව් මුල්ලියාවලෙයි හි පදිංචි අකිලා තිරුනායක මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 72 වියෙහි පසුවන විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වන ඇය පාසල් වියේ සිටම මලල ක්‍රීඩාවට දක්ෂතා දක්වා ඇති අතර මෙරට නියෝජනය කරමින් තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දියාව යන රටවල පැවති ප්‍රවීණයන්ගේ තරගාවලි කිහිපයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත. අකිලා තිරුනායක මහත්මියගේ ක්‍රීඩා කටයුතු පිළිබඳ විමසමින් සුහඳ පිළිසඳරක නිරතවූ ජනාධිපතිවරයා ඇය දිරිගැන්වීමක් ලෙස…
විදේශගත ශ්‍රමිකයන් පසුගිය දෙසැම්බර් මස පමණක් ඩොලර් මිලියන 569.7 ක් හෙවත් ඩොලර් කෝටි 60 ක ආසන්න මුදලක් ප්‍රේෂණ ප්‍රමාණයක් එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. පසුගිය වසරේ (2022) මැයි මාසයේදී තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් දිනයේ සිට ඩොලර් බිලියන 8.72 ක් හෙවත් ඩොලර් කෝටි 872 ක් විදෛ්ශ ප්‍රේෂණ ලැබී ඇති බවත් ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ වෙහෙස මහන්සි වී කැපවීම අගය කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
මිත්‍යාදෘෂ්ටික මත පතුරුවමින් ජනතාව සියදිවි හානි කර ගැනීම් හෝ වෙනත් විෂමාචාර ක්‍රියා සඳහා පොළඹවන ඊනියා දේශකයන් හෝ පුද්ගලයන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නව අණ පනත් සම්මත කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. මේ අතර ජනතාව අතරේ මිථ්‍යා මත පතුරවමින් සියදිවි හානි කර ගැනීම් සඳහා පෙළඹවූ බව කියන මාලඹේ දේශකයා සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ සිටිති. මේ සම්බන්ධයෙන් අප අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැනටමත් යම් යම් නීති පවතින බවයි. එසේම සියදිවි හානි කර…
උණ රෝගය වැළදිමෙන් මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබන බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. උණ රෝගිය වැළදිමෙන් රැදවියන් 05 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි අතර ඊයේ (06) තවත් රැදවියන් දෙදෙනෙකු උණ රෝගය වැළදිමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කළ බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. මිට දින කිහිපයකට පමණ පෙර උණ රෝගය වැළදිමෙන් රෝහල්ගතව සිටි රැදවියකු මියගිය අතර ඔහු මොලේ උණ රෝගය වැළදිමෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විය. ඒ සමග ගාල්ල බන්ධනාගාරයේ අමුත්තන් බැලිම සහ අනිකුත් කටයුතු සිමාකිරිමටත් නවක රැදවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමුකිරිමටත් බන්ධනාගාර පාලන අධිකාරිය විසින්…
මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ආශ්වාදජනක බෝට්ටු සවාරියක් ලබාදුන් මහනුවර ඓතිහාසික වැවේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ . මහනුවර මහ නගර සභාවට අයත් එම බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීම සම්බන්ධයෙන් මහනුවර නාගරික කොමසාරිස් ඉශාන් විජේතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ එම ජෝයි බෝට්ටු සේවාවේ ගිවිසුම් කාලය හමාරවීමෙන් පසු නැවත ටෙන්ඩර් කැඳවීමේදී ඉහළම ලන්සුව තැබූ ටෙන්ටර්කරුට එය ලබා දීමට පියවර ගත් බවයි. එහෙත් එම බෝට්ටු සේවාව වසර 53 ක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන ආ පාර්ශවය සහ නව ටෙන්ඩර්කරු අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඒ පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් පවත්වන තුරු…
රුපියල් පනස් දෙලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් සිය ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්අ ද(07) සහ ඊයේ (06) අත් අඩංගුවට ගෙන තිබේ . මොවුන් සතු ගමන් මලු තුළ දුම්වැටි 52,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 262 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොවුන් අතරින් එක් අයෙකු නිට්ටඹුව , රුක්ගහවිළ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි කාටූන් 150 ක් සහ “ගෝල්ඩ් ලීෆ්”…
ජනාධිපති අපේක්ෂක ධූර සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රැසක බරපතළ ගැටුම්කාරී තත්වයක් නිර්මාණයවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. බොහෝ පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපති අපේක්ෂක ධූර සඳහා ඉදිරිපත්වීමට කැමැත්ත පළ කිරීම සහ ඒ ඒ පක්ෂ තුළම අපේක්ෂක ධූර සම්බන්ධයෙන් පිල් බෙදීම් ඇතිවීම මෙම ගැටුම්කාරී තත්වයට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට තරග වැදීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද පක්ෂය සහයෝගය ලබා දෙන්නේ නම් ජනාධිපති අපේක්ෂක ධුරයට තරග වැදීමට සූදානම් බව පසුගියදා ප්‍රකාශ කළේය. දෙමළ ජනතාවගේ පක්ෂ එකඟත්වයකට පැමිණෙන්නේ නම්…
බණ්ඩාරනායක ගුවන් තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබේ. අපරාධ, නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පැමිණෙන විට හෝ පිට ව යන අවස්ථාවල දී හඳුනාගැනීම සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති බව සඳහන්ය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ඇතුල්වීමට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ තිබී බෝර 12 ගිනි අවි වලට භාවිතා කරන හිස් පතුරම් කොපු 6 ක් සොයාගත් බව ශ්‍රී දළදා මාළිගාවේ පොලිසියේ නිලධාරියෙක් පැවසීය. අතුඅඩංගුවට ගත් පුද්ගලයා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සතු බලපත් ලත් ගිනි අවියක් තිබෙන බව පොලිස් ප්‍රශ්න කිරිම් වලදී හෙළිවී අති බව පොලිසිය පවසයි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මහනුවර පොලිස් මුලස්ථානයට බාරදීමට නියමිතය.