Author: LANKA24X7

ළමා සහ වැඩිහිටි අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයකි. මෙම පරම්පරා දෙකෙහිම අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් අප රජය කැප වී සිටින අතර, දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින්නෙමු. රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින්නේ ළමා පරපුරය. ඔවුන්ගේ ලෝකය අව්‍යාජ සහ නොකිළිටි ලොවක් වන හෙයින් අතිශය සුන්දරය. ඒ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට…

Read More

2012 දී ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩින් මියගොස් සිටි රථයට පිටුපසින් පැමිණි සැක කටයුතු රථයක මිද්දෙණියේ දී ඝාතනයට ලක් වූ අරුණ විදාන ගමගේ හෙවත් ” කජ්ජා ” නැමැත්තා සිට ඇති බව ඔහුගේ බිරිය අනාවරණය කළ බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ඊයේ පැවසීය. ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුදු පාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකටට එක්වෙමිනි. කජ්ජා නමැත්තාගේ බිරිය ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිට මෙම ප්‍රකාශය දුන් අවස්ථාවකදී බවද වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල පිලිස්සී ගිය මෝටර් රථයකයක තිබී රගර් ක්‍රීඩක වසීම්…

Read More

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. ශ්‍රී ලංකාව තුළ සියලු ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව යොහෙයි සසකාවා මහතා මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය. එසේම උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සඳහා වන ඉදිරි සැලසුම් ද ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලාංකික ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම…

Read More

ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය. පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Read More

මැදිරිගිරිය මණ්ඩලගිරිය ජාතික පාසලේ සිසු දරු දැරියන් 40කට අධික පිරිසක් ශ්‍රමදානයක් අතරතුර හදිසියේ රෝගීවීම හේතුවෙන් අද (30) උදෑසන මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. උදෑසන පාසලේ පන්ති කාමර අවට පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මෙම දරු දැරියන් කැසීමේ රෝග ලක්ෂණ ඉස්මතු කර ඇති අතර, පසුව ඔවුන්ගේ කිහිපදෙනෙකුට මෙම රෝග ලක්ෂණ කැපී පෙනීම හේතුවෙන් රෝහල්ගත කර ඇත. මේවන විට දරුවන් පස් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරින් අනෙක් දරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධව මේ වන විටත් පාසලේ විදුහල්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබාගත්තේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ශරීරයේ සෝඩියම් සාන්ද්‍රණය වැඩිවී වකුගඩු වලට බලපෑම්වීම සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (30) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. පොදු දේපල පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුට ඇප ලබාදීමටට තරම් සුවිශේෂී කරුණක් ඉදිරිපත් වී නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 14 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. සැකකරුට රෝග ඇත්නම් එය තත්කාලීන විය…

Read More

ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට හෙට (01) දිනයේ සිට දඩයක් නියම කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. එහි ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා පෙන්වා දෙන්නේ, ප්‍රවේශ පත්‍ර ලබානොදෙන කොන්දොස්තරවරුන්ට ද දඩයක් නියම කරන බවය. ඒ අනුව හෙට දිනයේ සිට බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථවල ගමන් ගන්නා මගීන් ප්‍රවේශ පත්‍රය ළඟ තබාගැනීම අනිවාර්යය බව ජීවින්ද කීර්තිරත්න මහතා සඳහන් කළේය. මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාද පැවසුවේ බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සඳහා හෙට (30) දිනයේ සිට මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිවාර්ය වන බවය. ඒ අනුව හෙට දිනයේ සිට මගියා…

Read More

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී ජපාන ආරක්ෂක අමාත්‍ය ඩී එම් නකටානි (DM Nakatani) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. දෙරටේ දීර්ඝ කාලීන මිත්‍රත්වය, කලාපීය ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසද මෙම අවස්ථාවට එක් වූහ.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට අයත් මයික්‍රෝ වර්ගේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. එක් සැකකරුවකු එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙකි. ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදි පසුගියදා අත්අඩංගුවට ගත් කෙහෙල් බද්දට පත්මෙ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ඒකකයේ රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අපරාධ සිදුකිරීම සඳහා ලබාදුන් ගිනි අවියක් කැලණිය නාතුඩුව ප්‍රදේශයේ පුද්ගලයකුට භාරදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ජාඇල වැලිගම් පිටිය ප්‍රදේශයේපදිංචි…

Read More

රන්දෙනිගල මහනුවර මාර්ගයේ ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් කීර්ති බණ්ඩාරපුර ප්‍රදේශයේදී අනතුරකට පත්වීම හේතුවෙන් එහි ගමන් කරමින් සිටි මඟින් 12 දෙනකු කැන්කැටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කොට ඇති බව වලපනේ පොලීසිය කියයි. බස් රථය ඇඟලුම් කම්මලක සේවකයන් ප්‍රවාහනය කරමින් සිටියදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගල්වැටියක වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි..

Read More