Author: LANKA24X7

එල්ල වී ඇති සියලුම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. පසුගියදා අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඊයේ (05) නිව්යෝක් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැඩි ආරක්ෂක රැකවල් මැද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝක් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ආ අතර එහිදී සිය අනන්‍යතාවය තහවුරු කරන ලෙස විනිසුරුවරයා ඉල්ලීමක් කළේය. නිකොලස් මදුරෝ වන තමන් වෙනිසියුලා ජනරජයේ ජනාධිපතිවරයා වන අතර පසුගිය 3 වන දින සිය නිවසේදී පැහැරගැනීමට ලක් වූ බව ඔහු අධිකරණය…

Read More

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වෙන අතර, ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු,…

Read More

පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ප්‍රාග්ධනය වියදම් ලෙස කොපමණ මුදල් වෙන් කළද ප්‍රශස්ත මට්ටමින් ඒවා වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට මෙතෙක් පැවති රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම හේතුවෙන් මෙරට ජනතාවට සංවර්ධන අවස්ථා බොහොමයක් මඟහැරී ගිය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ඇතැම් අවස්ථාවල අයවැය සකස් කිරීමේදී ‘වියදම් නොවී ඉතිරි වන මුදල්’ පුරෝකථනය කරන තත්ත්වයක් රටේ තිබූ බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අද කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය…

Read More

රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට අනතුරු අඟවා තිබේ. දෙරට අතර වෙළෙඳ සාකච්ඡා අවිනිශ්චිතව පවතින වාතාවරණයක දී ඊයේ (04) ඔහු මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රුසියානු තෙල් මිලදී ගැනීම් සීමා කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සිදුකළ ඉල්ලීම් ඉන්දියාව ඉටු නොකළහොත් නැවතත් ඉන්දියාවට එරෙහිව තීරුබදු ඉහළ නන්වන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. “මෝදි හොඳ මිනිහෙක්. මම අසතුටින් බව ඔහු දැන සිටියා ” යනුවෙන් ජනපති ට්‍රම්ප් එයාර් ෆෝස් වන් යානයේදී වාර්තාකරුවන්ට පවසා ඇති බව සඳහන් වේ. එහිදී ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් පිළිබඳව ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් ජනපතිවරයා පවසා ඇත්තේ ඉතා ඉක්මනින් ඉන්දියාවට…

Read More

ඉදිරියේ දී පැවැත්වෙන IPL තරගාවලිය විකාශනය කිරීම බංග්ලාදේශය තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩාවමේ ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් ඉවත් කිරීම පිළිබඳව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයට ප්‍රතිචාර ලෙස මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් මෙම තීරණය බංග්ලාදේශ ජනතාව අතර දැඩි අසහනයක් හා කනස්සල්ලක් ඇති කර ඇති බවය. මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් ඉවත් කිරීම පිළිබඳව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මේ දක්වා නිල හේතුවක් ප්‍රකාශ කර නොමැති බවද සඳහන් වේ. මෙම සිදුවීම බංග්ලාදේශය හා ඉන්දියාව අතර ක්‍රීඩා සබඳතා තුළ නව උණුසුම් තත්ත්වයක් උද්ගත කළ හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.…

Read More

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් 2025 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක් ඉපැයීමට හැකි වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදෙස් ප්‍රේෂණ හරහා ඩොලර් බිලියන 07කට අධික ආදායමක් හා සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 3යි දශම 2ක ආදායමක් උපයා ඇති බවය. අද (05) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. දිට්වා සුළි කුණාටුවෙන් ඇති වු බලපෑම සැලකිල්ලට ගනිමින් විදෙස් රටවලින්, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු පාර්ශ්ව මගින් මේ වන විට පරිත්‍යාග ලෙස රුපියල් බිලියන 85කට ආසන්න මුදලක් ලැබී ඇති බව ද විජිත…

Read More

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයකට අද (05) අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළ බව ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) වාර්තා කළේය. මෙම භූ කම්පනය අද අලුයම 4:17ට පමණ සිදුව ඇති අතර එහි කේන්ද්‍රය (Epicentre) ඇසෑම්හි මොරීගාඕන් (Morigaon) දිස්ත්‍රික්කය අසල වාර්තා වී ඇත. මධ්‍යම ඇසෑම්හි මොරීගාඕන් සහ අවට දිස්ත්‍රික්කවලට මෙහි කම්පන දැඩි ලෙස දැනී තිබේ. කෙසේ වෙතත්, මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් සඳහන් කර සිටී. ඇසෑම් ඇතුළු ඊසානදිග ඉන්දියාව අයත් වන්නේ රටේ වඩාත්ම සංවේදී භූ කම්පන කලාපයට (Seismic Zone…

Read More

පහල වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. එමෙන්ම නැගෙනහිර පළාතේත්, නුවරඑළිය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ. අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම…

Read More

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (5) දිනය තුළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙසත්, නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගන්නා බවත් පොලීසියෙන් දැනුම්දීමක් කර තිබේ. සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත. මේ අතර ඒ මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල මහතා අද (4) අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.…

Read More

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දොර් ප්‍රදේශයේ පුද්ගලයින් නව දෙනෙකු අපවිත්‍ර ජලය පානය කිරීමෙන් හටගත් පාචන තත්ත්වයකින් මියගොස් තිබේ. ඉන්දෝර් හි භාගිරත්පූර් ප්‍රදේශයේ ජල මූලාශ්‍රයකට යම් අහිතකර ද්‍රව්‍යයක් කාන්දු වීම හේතුවෙන් එම ජලය අපවිත්‍ර වී ඇති බවයි බලධාරීන් පවසයි. එම ජලය පානය කළ 200කට අධික තවත් පිරිසක් ද ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ සිදුකළ ජල පරික්ෂාවකදී ජලයේ තිබී අහිතකර බැක්ටීරියා ඇති බව තහවුරු වී ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. තත්ත්වය පාලනය කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් ගෙන් ගෙට යමින් ප්‍රතිකාර සිදු කළ බවද වාර්තා වෙයි. ඉන්දොර් නගරය ඉන්දියාවේ පිරිසිදුම නගරය ලෙස පසුගිය වසර අටක කාලය පුරා නම් දරා තිබේ.

Read More