Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොටුව දුම්රියපොළෙහි භික්ෂු විවේකාගාරය තුළ බීමතින් අශෝබන ලෙස චීවරයක් දරාගත් තැනැත්තු හැසෙරන බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබදව විමසීමට ගිය දුම්රිය පොළ පොලිස් මුරපොළෙහි නිලධාරීන් දෙදනකුට පහරදී සපා කා පොලිස් නිලධාරියකුගේ අත තිබූ වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගැසූ බව කියන චීවරයක් දරාගත් තැනැත්තකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි. මෙහිදී තුවාල ලැබූ එක් නිලධාරියකු රෝහල්ගත කළ බවද පොලිසිය කියයි. දුම්රියපොළ පොලිස් මුරපොළේ නිලධාරීන් දෙදනකු සහ නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනකුද දුම්රිය පොළ භික්ෂු විවේකාගාරයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම චීවරය දරාගත් පුද්ගලයාගෙන් අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා හැදුම්පත ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී සැකකරු විසින් ඉතා අශෝභන ලෙස හැසිරී පරුෂ වචනයෙන් බැන හැද…
රත්තොට ගම්මඩුව ප්‍රදේශයේ දී විදුලි සැර වැදී පාසල් සිසුවෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, එම ප්‍රදේශයේ පාසලක තැඹිලි ගසලකට නැඟ තැඹිලි කැඩීමට උත්සහ කළ පාසල් සිසුවෙකු මෙලෙස මියගොස් ඇති බවය. අදාළ සිසුවා තැඹිලි කැඩීමට යාමේදී තවත් සිසුවෙකු විසින් ඔහුට ලබාදුන් උණ ගසක් අධි බලැති විදුලි රැහැනක ගැටී මෙලෙස විදුලි සැර වැදී ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ 16 හැවිරිදි ගම්මඩුව කළුගල්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු බව සඳහන්ය.
වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (16) සවස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාව හමුවීමට නියමිතව තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා අද සවස සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත.
සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් අද (16) දිනයේ දී සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අද උදෑසන 06.30 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේය. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන අතර අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ. කෙසේවෙතත් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවකට ද ආරාධනා කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් අනවශ්‍ය පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට බලපෑම් සිදුකළහොත් මෙම වර්ජනය අඛණ්ඩව ඉදිරියට සිදුකරන බව…
මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයේදී ත්‍රිරෝද රියකින් පැමිණි දෙදෙනකු ඊයේ රාත්‍රි සිදු කළ වෙඩි තැබිමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මීජයසෙවන පොලිසිය පවසයි. වෙඩි වැදීමෙන් මෙසේ මියගොස් ඇත්තේ සෙන්දිල් ශන්මුගම් දුෂ්‍යන්තන් නොහොත් බඩා රංජි නැමැති 40 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි. පාතාල කල්ලි දෙපිරිසක් අතර කාලයක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. මියගිය පුද්ගලයා දැනට ඉන්දියාවට පලාගොස් සිටින පූවුඩි කන්නා නැමැති පාතාල සාමාජිකයාගේ සමීපතමයකු බවත් කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට මියගිය පුද්ගලයා සම්බන්ධ පුද්ගලයකු බවත් පොලිසිය පවසයි. වැඩිදුර පරීක්ෂණ මීජයසෙවන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්ස මල්දෙණිය…
ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි කෙරැණි. ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගනන්ද ඉහළ ගොස් තිබුණි. එළවළු මිල ගනන් ඉතා ඉහළ යාමේ හේතුවෙන් අනුරාධපුර මහජන පොලට පැමිණි පාරිභෝගියන් විශාල පිරිසක් එළවළු මිලදි ගැනිමෙන් වැලකි සිටියහ. වෙනත් දිනවල අනුරාධපුර මහජන පොලට විශාල පාරිභෝගයන් පිරිසක් පැමිණියද මේ දිනවල පොලට පැමිණෙන වෙළෙන්දන්ගේ මෙන්ම පාරිභෝගියන්ගේද විශාල අඩුවිමක්ද දක්නට ලැබුණි. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද කැරැට් කිලෝවක තොග මිල රැපියල් 1500.00 ක් බවත් එහි සිල්ලර මිල රැපියල් 1700.00 ක් වන බවත් මේ සම්බන්ධයෙන් අද දින සිදුකළ විමසුමේදි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවසිය. බෝංචි කිලෝවක තොග…
පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) ලබන 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් නැවත උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ පෙබරවාරි මස 7 වැනිදාය. මේ මස පාර්ලිමේන්තුව අවසාන වරට රැස්වන්නේ ලබන 23 සහ 24 යන දිනවලය. පාර්ලිමේන්තුව එම දින දෙකේදී පමණක් රැස්වන්නේ ලබන 25 පොහොය යෙදී ඇති නිසා යැයි පාර්ලිමේන්තු ප්‍රධානියෙක් පැවසීය. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා පනහකට වැඩි සංඛ්‍යාවක් අහෝසිවී යන්නේය. ඒ අනුව එම කාරක සභා සියල්ල නැවත පිහිට විය යුතු වෙයි. වාර අවසාන කිරීමත් සමඟ අහෝසිවී නොයන්නේ උසස් නිල තල පිළිබඳ පාර්ලිමේන්තු කාරක…
රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්ත දක්වා ගමන් කරවීමට ගත් තීරණය වෙනස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇත. මේ අනුව එම දුම්රිය පෙර පරිදි අද (16) සිට ධාවනය කෙරෙන්නේ මාතර සිට මරදාන දක්වා පමණි. සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය මෙම දුම්රිය මාතර සිට ධාවනය කරන්නැයි දිගින් දිගටම ඉල්ලීම් කළාය. රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීමට මාතර ජනතාව පසුගිය දිනවල දැඩි ලෙස විරෝධය පළ කරමින් එම දුම්රියේ ගමන් කිරීමද වර්ජනය කළහ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ රුහුණු කුමාරි දුම්රිය අද සිට මාතරින් ධාවනය කරන බව අමාත්‍යවරයා දැනුම් දුන් බවයි.
බන්ධනාගාරවල සිරමැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232 ක් දක්වා ඉහළ නැග ඇති බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වේ. රඳවියන් නඩත්තු කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක් වැය වන බවද එම වාර්තාවේ සඳහන් වේ. සමස්ත රැඳවියන්ගෙන් සියයට පනස් තුනක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින අය බව වාර්තාව සඳහන් කරයි. බන්ධනාගාර 27ක වැසිකිළි 187 ක හිඟයක් පවතින අතර දැනට ඇති වැසිකිළිවලින් 287 ක් අලුත්වැඩියා කළ යුතු තත්වයේ පවතින බව විගණන වාර්තාවේ දැක්වේ. බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රැඳවියන් 1795…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එළඹෙන ජනාධිපතිවරණයේදී ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි සැලකිල්ල යොමුකරන බවත් එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට හෝ නොවීමට හැකියාව තිබෙන බව ද කී ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂයා සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ද සඳහන් කළේය. ගමේ තත්ත්වය දෙස අවධානය යොමුකර ගමෙන් වැඩි වශයෙන්ම ඉල්ලන අපේක්ෂකයා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා…