Author: LANKA24X7

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ මූල්‍ය ආයතනවලින් එම දඩ මුදල අය කර ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මූල්‍ය පනතට අනුකූල නොවනසේ ක්‍රියා කරන මූල්‍ය ආයතනවලින් එම දඩ මුදල් අය කර ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මූල්‍ය බුද්ධි ඒකකය එලෙස අයකර ගන්නා දඩ මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

Read More

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා ඊයේ (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. රෝගාතුරව සිටි සම්බන්දන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසුවිය. සම්බන්දන් මහතා මෙම වසර මුල දක්වා දෙමළ ජාතික සන්ධානයේ නායක ලෙස ද කටයුතු කළ අතර ඒ මහතා 2015 වසරේ සිට වසර කීපයක් විපක්‍ෂ නායකයා ලෙස ද කටයුතු කළේය.

Read More

පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද රාත්‍රී නිවේදනය කළේය. මෙම මිල පහත දැමීම ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ද, පහළ දැමූ බවත් ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පැවති මිලේම තව දුරටත් පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 379…

Read More

චීන අපනයන සහ ආනයන බැංකුව සමඟ මෙරට ණය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමත් සමඟ ණය අර්බුදය හේතුවෙන් අතරමග නවතා දමා තිබූ ව්‍යාපෘතිවලට වෙන්වී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය. මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන අපනයන – ආනයන බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමත් සමඟ මෙම මුදල ශ්‍රී ලංකාවට භාවිතයට ගැනීමට හැකියාව ලැබී තිබෙන බව එම නිලධාරියා පැවැසුවේය. එලෙස භාවිතයට ගැනීමට නිදහස් වුණ මුදල් අතර වසර තුනකට අධික කාලයක් ප්‍රමදවූ කඩවත – මීරිගම අධිවේගී මාර්ගය සඳහා වෙන්වුණු මුදල්ද තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය. මුදල් නිදහස්වීමත් සමඟ ප්‍රමාදවී තිබූ…

Read More

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි. “එක්ව ජයගමු – අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින්…

Read More

රත්මලානේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරාගත් “රත්මලානේ බුරියා” නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සොකරම සිදුකර දින පහක් වැනි කෙටි කාලයක් තුළදී සැකකරු ව අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය පැවසීය. සැකකරු විසින් සොරාගෙන තිබු දේපොළ අතර පවුම් 11 1/2 ක් බර තැල්ලක් සහිත මාලයක්, වළලු දෙකක් හා මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත. ඉකුත් මස 24 වෙනිදින නිවසේ සිට කාන්තාව සහ ඔහුගේ සැමියා රැකියාව සඳහා පිටව ගොස් සිටි අවස්ථාවේදී වැඩිමල් පුතු නිවසේ නිදාගෙන සිට ඇති අතර පොඩි පුතු නිවසේ ඉදිරිපස දොර වසා දමා යතුර නිවස ඉදිරිපිට තබා තිබෙන සපත්තු රඳවනය තුළ සඟවා ක්‍රීඩා කටයුතු සඳහා නිවසින්…

Read More

පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම්වරයා විසිනි මේ අනුව මගින් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ පොදු ගමනාගමන සේවා මෙන්ම මංමාවත්, පාලම් බෝක්කු දුම්රිය මාර්ග ඇතුළුව මං මාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම එම ගැසට් පත්‍රය මගින් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරනු ලැබ ඇත.

Read More

පිළියන්දල බෝකුන්දර හන්දියේ බේකරියක ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

දෙනෝ දහසක් දෙනා බලා සිටියදී මහරගම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලදී මාළු වෙළෙන්දකු තියුණු ආයුධයකින් ඇන කොස් වෙළඳාමේ නිරත පුද්ගලයකු ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගේ ක්ෂණික මැදිහත්වීමෙන් නුලෙන් වැළකී ඇතැයි මහරගම පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී තියුනු ආයුධය සහ, මත් පෙති දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් වැටලීමක් සඳහා යමින් සිටියදී මහරගම දෙහිවල පාරේ සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල පුද්ගලයකු තවත් පුද්ගලයෙකුට ඉවක් බවක් නොමැතිව තියුණු ආයුධයකින් අනින අයුරු හා එය වැළැක්වීමට කිසිවකු හෝ උත්සාහ නොදරා ඈත සිට නරඹමින් සිටින අයුරු නෙත ගැටී ඇතැයි…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

Read More