Author: LANKA24X7

පැරිස් ඔලිම්පික් උළෙල (2024) මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවෙන් නිර්දේශ තහවුරු කර ගැනීමට මීටර් 800 ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ ඊයේ ( 2) සමත් වූහ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය එය තහවුරු කර සිටියේය.ඔවුන් ඒ සදහා ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අවස්ථාව උදා කර ගැනීමට එහිදී සමත්වීම කැපී පෙණුනි. ඒ අනුව එම ශ්‍රේණිගත ලකුණු ක්‍රමයට අනුව පැරිස් ඔලිම්පික් උළෙල සදහා හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නිර්දේශ කර ගන්නා ක්‍රීඩිකාවන් 32 දෙනා අතරින් නදීෂා දිල්හානි ලේකම්ගේ 26 වැනි ස්ථානයටද මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවන් 45 දෙනා අතරින් 45 ( අවසන්) ස්ථානයටද පත්වෙමින් එම අවස්ථාව හීමි…

Read More

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන වටවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බෝම්බ බිය හේතුවෙන් අද (02) දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල්තබා තිබේ . මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ඊයේ (02) පෙරවරු 10.00 ට පමණ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) දුරකථන ඇමතුමක් ලැබී තිබුණ අතර ඒ හේතුවෙන් පොලිසිය වහාම ක්‍රියාත්මක වී යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව අධිකරණ සංකීර්ණය තුළ සිටි සියලු දෙනා ඉවත් කොට සෝදිසි මෙහෙයුමක් කළ ද බෝම්බයක් ඇති බවට…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගනු ලැබූ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සමක නියෝගය ප්‍රකාශයට පත් කරමින් දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

Read More

ගලේවෙල පොලිස් වසමේ ඒ-06 මාර්ගයේ කුරුණෑගල දෙස සිය දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ මංතීරු වෙන් කිරීමට යොදා ඇති කොටසක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනකු මියගොස් තිබේ. එම අනතුරු සිදුවන අවස්ථාවේදී යතුරුපැදිවේ තිදෙනෙතු ගමන් කර ඇති බව පොලීසිය පවසයි. එක් පසු පැදිකරුවෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය. අනතුරින් මියගොස් ඇත්තේ, ලග්ගල හා මාතලේ ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු 29 හා 40ක් වූ පුද්ගලයින් දෙදෙනෙකි. මේ අතර කුරුණෑගල – පුත්තලම මාර්ගයේ කෙළිමුණේ ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 24 හැවිරිදි තරුණයෙක් ජීවිත්කෂයට පත්ව තිබේ. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ…

Read More

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ සිය ගැටලුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ බවය. “අපි පැහැදිලිව දැනුම්දුන්නා රාගවන් අමාත්‍යවරයා වෙත ලාබදී තිබෙන එකඟතාවයන්වලින් බැහැරව කටයුතු නොකර බව. මේ වෘත්තීය ක්‍රියාමර්ග අවසන් කිරීමට නම් අපගේ 2017 අනුමත මාසික හිලව් දීමනාව අපිට ඒ ආකාරයෙන් ලබාදිය යුතු බව ඒ අනුව ඔවුන් එකඟතාවයට එළඹුණා අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර ඒ සඳහා ඉක්මනින් විසඳුම් ලබාදෙන බවට. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ අපට ඉක්මනින් විසඳුමක් ලැබෙයි කියලා. අද හෝ හෙට…

Read More

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබේ. ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇත. එහි නව මිල රුපියල් 3,690කි. කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි. කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩුකර ඇත. මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක බව එම සමාගම පැවසීය.

Read More

බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබේ. දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන 32 හැවිරිදි අයෙක් කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නවඳගල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි කාන්තාවකි. සැකකරු පදිංචිව සිටි කුලී නිවස තුළ අනියම් බිරිඳව ඝාතනය කර සිටියදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ හා බියගම පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි

Read More

එංගලන්ත යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර හෝවේ නුවරදී ඊයේ (01) පැවැති දෙවැනි එක්දින තරගයෙන් එංගලන්ත ක්‍රීඩකයෝ ලකුණු 30 ක ජයක් ලබාගැනීමට සමත්වූහ. මෙම තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 361 ක් ලබාගත යුතුව තිබූ නමුත් එංගලන්ත පිලේ තසීම් චෞද්‍රි අලි (41/2) සහ ලූක් බෙන්කෙන්ස්ටීන්ගේ (77/4) දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 330 ක් පමණි. ශ්‍රී ලංකා යොවුන් පිලේ වැඩිම ලකුණු ලාභියා වූයේ පුලින පෙරේරාය. ඔහු පන්දු 59 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමග ලකුණු 64 ක් ලබාගැනීමට සමත්විය. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත යොවුන් පිල ඕවර 50 නිමාවේදී කඩුලු…

Read More

ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර ඇත. වරප්‍රසාද කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ යම් මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය ගැන අපහාසාත්මකව ප්‍රකාශයක් පළ කිරීම යන වරද සම්බන්ධයෙන් 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ 26(1) (ආ) වගන්තිය යටතේ කරන ලද පරීක්ෂණයකින් පසුවය. ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවේ පරීක්ෂණයෙන් පසු සිද්ධිය පිළිබඳ වාර්තාවක් සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවට පසුගිය මස 6 වැනිදා ඉදිරිපත් කළේය. මෙම ප්‍රාදේශීය…

Read More

රට ගොඩ නගන්නට දැනට යන මාර්ගය හැර වෙනත් විකල්පයක් තිබේ යැයි යම් පක්ෂයක් කියනවා නම් මූල්‍ය අරමුදලට ගොස් ඒ විකල්පය ගැන සාකච්ඡා කරන්නට ඔවුන්ට ගුවන් ටිකට් පත් සහ නවාතැන් ආණ්ඩුවේ වියදමින් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම පක්ෂ ඉදිරිපත් කරන විකල්ප හොඳ නම් ඒවා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර සාකච්ඡා කරමු යැයි ජනාධිපතිවරයා කීය. තවදුරටත් පැරණි දේශපාලනයේ නිරත වෙන්නට නොහැකි බව කී ජනාධිපතිවරයා අප අද ගන්නා තීරණ අනාගතයට බලපාන බව සඳහන් කළේය.

Read More