Author: LANKA24X7

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දී, බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවය. මේ වන විට පුද්ගලයන් ලක්ෂ 23ක් TIN අංකය ලබා ගෙන ඇති බව සඳහන් වේ. ජූනි මස පමණක් පුද්ගලයන් ලක්ෂ 13ක් එම අංකය ලබා ගෙන ඇත. අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, ජූලි මස අවසන් වන විට TIN…

Read More

අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. ගින්න හේතුවෙන් තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිර යාම හේතුවෙන් මෙ‌ලෙස මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ අද (05) අලුයම මෙම ගින්න හටගෙන ඇති බවය. ගින්න මැඩපැවැත්වීමට මෙතෙක් හැකිවී නොමැති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50ක් පමණ පවතින බවට එහි හිමිකරුවන් ප්‍රකාශ කර ඇති බැවින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කිරීම අසීරු වී ඇති බවය. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

Read More

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාට ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයෙක් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබීමට යොදාගත් බවට සැලකෙන එම්.එම්. වර්ගයේ පිස්තෝලයක් ද මැගසින් එකක් සහ ජීව උණ්ඩ දහයක් ද සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරු මත පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත. පොලිස් නිලධාරියකු වෙනුවට වැරදීමකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමෙන්…

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ දියණියන් තිදෙනාට සහ එක් දියණියගේ ස්වාමිපුරුෂයාට අයත් රුපියල් කෝටි නවයකට වැඩි වටිනාකමින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු තුනක් තහනම් කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර ඇත. පෞද්ගලික බැංකුවක තිබූ එම ගිණුම් සහ රක්ෂණ ඔප්පු සැක කටයුතු ගනුදෙනු හේතුවෙන් මෙසේ තහනම් කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව මුදල් විශුද්ධිකරණ වරද යටතේ කොමිෂන් සභාව මෙම පියවර ගෙන ඇත. මේ පිළිබඳව මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කර ගැනීමටත් ඒ…

Read More

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නීතී විරෝධීව දේශීයව හා විදේශීයව රුපියල් කෝටි සිය ගණනක් ජනතා මුදල් වංචා කිරීමේ ජාවාරම මෙරට සිට මෙහෙය වූයේ යැයි කියන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා හා විදේශකයින් 34 දෙනා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04) නියෝග කළේය. ශ්‍රී ලාංකාව සයිබර් අපරාධකරුවන්ගේත් තිප්පොලක් හා ලාංකියින් සයිබර් වහලුන් බවට පත් කිරීමට උත්සාහ දරා දේශීයව හා විදේශීයව මුදල් වංචා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුරයේ ගවේෂ බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණයකු,කොළඹ තරුණියක හා පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව ,ඇල්ජීරියාව…

Read More

තමාගේම සිව්හැවරිදි පුතාට අතවර කැලිය කියන චෝදනාවන්ට වරදකරු වී වසර 16ක සිරදඬුවම් නියම වු පියකු ඉදිරිපත් කළ ඇපෑලක් සළකා බැලු අභියාචනාධිකරණය සිරදඬුවම් විඳිමින් සිටි පියා නිදොස් කර නිදහස් කළේය. විත්තිකරුගේ බිරිඳ දරුවා යොදාගෙන තම සේවාදායකයාට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයිද දරුවා ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට දුන් කටඋත්තරයේදී මව දරුවා ලඟ සිට ඔහුට උගන්වන අයුරූ ළමා ආරක්‍ෂක අධිකාරිය මහාධිකරණයට ඉදිරිපත් කර ඇති පිටපතේ සදහන් කර නැතැයි පෙන්වා දෙමින් නීතීඥ දර්ශන කුරුප්පු මහතා දැක්වු කරුණු සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිරදඬුවම් විඳිමින් සිටි පියා ඒ අවස්ථාවේදීම නිදොස් කර නිදහස් කළේය. අම්මාගේ ඉගැන්වීම මත සිව්හැවරිදි දරුවා විසින් පියාට එරෙහිව ළමා ආරක්‍ෂක අධිකාරියට…

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ඊයේ (04) නිකුත් කළේය. වතු කම්කරුවන්ගේ වැටුප් හදිසියේ වැඩි කිරීමෙන් විශාල වශයෙන් රජයට බදු ගෙවන වතු කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වන බවත් වතු කම්කරු වැටුප් වැඩි කිරීමෙන් සමාගම් අපහසුතාවට පත් විය හැකි බවත් සඳහන් කරමින් වතු සමාගම් 21ක් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි. වතු සමාගම් 21ක් විසින් ගොනුකරනු ලැබ…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය මගින් තමාට බලය පවරා ඇති හෙයින් ඊට එරෙහිව බාධා නොකරන ලෙස එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය. ඒ අනුව අද (05) දිනයේ පෙරවරු 9.30ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ගොස් වැඩ බාර ගන්නා බව පැවසූ ලේකම්වරයා කිසියම් පිරිසක් ආණ්ඩු බලය යොදා ගෙන එය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව අධිකරණයට යන බව පැවසීය. එම නිසා කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු නොකර තමාට නිදහසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.…

Read More

මැතිසබයේ පෙරේදා (2) හදිසි රැස්වීම පැවැත්වීමටත් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. පාර්ලිමේන්තුවේ පෙරේදා රැස්වීම පැවැත්වුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක් කිරීමටය. ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු විපක්ෂ නායකවරයා ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබිණ. මෙම රැස්වීම පෙරේදා පැය එකහමාරකට පමණ සීමාවිය. රැස්වීම කෙටි වුවත් පාර්ලිමේන්තුවක් රැස්වන දිනයක් වෙනුවෙන් සාමාන්‍යයෙන් වැයවන මුදල මෙවැනි කෙටි රැස්වීම්වලදීද එකසේ වැය වන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

අල්පිටිය, පතිරාජ මාවතේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ව ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවය. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පළාගොස් තිබුණි. වෙඩික්කරුවන් යතුරුපැදියකින් පළා යන අයුරු දැක්වෙන CCTV රූපරාමු පෙළක් ද විමර්ශකයින් පසුව සොයා ගත්තේය.

Read More