Author: LANKA24X7

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය කාර්යාල බාර නිලධාරී ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් (Phuntsho Wangyel) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්වරුන් අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැළසුම් සහ අභියෝගයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් මහත්වරුන් අතර අදහස් හුවමාරු විය. එහිදී මෙරට ළමා හා මාතෘ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහාය දැක්වීම මෙන්ම එම සේවා සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම, මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සාර්ථකත්වයට පත් කිරීම උදෙසා දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙන්ම ලිංගික අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙල ශක්තිමත්…

Read More

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී, මෙරටට වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 අගොස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ. මෙහිදී මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වන අතර එය ඩොලර් මිලියන 255.7ක් වේ. 2025 වසරේ මේ දක්වා එක් එක් මාසය තුළ දී මෙරටට වාහන ආනයනය සඳහා දරා ඇති වියදම පහතින් දැක්වේ. (ඩොලර්…

Read More

‘උරුමය’ වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, වංචාවට සම්බන්ධ යැයි සැක 43 හැවිරිදි බකමූණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය 26 වෙනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය කිරිබත්ගොඩ තාවකාලික ලැගුම්හලක පදිංචිව සිට ඇති බව සඳහන්ය. එමෙන්ම සිද්ධියට සම්බන්ධ අනෙක් 55 හැවිරිදි සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුව පසුගිය 29 වනදා අත්අඩංගුවට ගෙන කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකාරිය විසින් කල්මුණේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 164 දෙනෙකුට “උරුමය” වැඩසටහන යටතේ…

Read More

ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදු කරන ලද මෙහෙයුමකින් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිට මෙරටට පිටුවහල් කළ අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් ‘ටින්කර්’ දිවයිනට රැගෙනවිත් තිබේ. අද (01) අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාරදී ඇත. සැකකරු වයස අවුරුදු 36 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් “කොච්චිකඩේ ශිරාන්” නැමැත්තාගේ අනුගාමිකයෙකු ලෙස හඳුනාගෙන ඇත බව පොලීසිය සඳහන් කරයි. මෙම සැකකරු 2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත…

Read More

කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ MPMG ඩ්‍රම්ස් බොක්ස් 05 ක් ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් සොයාගෙන තිබේ. තවද මෙම ස්ථානයේ තිබී පතොරම් සහිත බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් ද සොයාගෙන ඇති බව වාර්තා වෙයි. යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත විමර්ශනය කර මෙම ආයුධ සොයාගෙන ඇත. මෙම සංග්‍රාමික උපකරණ තොගය වෙහෙරගල ජලාශයේ ජලය අඩු වීම හේතුවෙන් නිරීක්ෂණය වී ඇති අතර මෙම සංග්‍රාමික උපකරණ හමු වූ ස්ථානය ගෝනගංආර පොලිස් වසමට අයත් බැවින් වැඩිදුර විමර්ශන සඳහා ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම වැව් බැම්මේ සොරොව්ව ආසන්නයේ ජලය…

Read More

කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණ ශාලාවේ සිරමැදිරිය අසළදී බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි රැදවියකුට මත් ද්‍රව්‍ය තොගයක් ලබා දුන් එම රැදවියගේ බිරිය අත් අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වූ නඩුවකදී ලත් අධිකරණ නියෝගයක් අනුව බන්ධනාගාර ගත කර සිටින රැඳවියකු කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඊයේ (30) ඉදිරිපත් කිරීමට අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබිණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ අදාළ රැදවියා ඇතුලු රැදවියන් පිරිසක් අධීකරණ ශාලාව තුළ පිහිටි සිර මැදිරිය වෙත රැගෙන යන අවස්ථාවේ අධිකරණ ශාලාවේ රැදී සිටි කාන්තාවක විසින් එම රැදවියාට මත්කුඩු අඩංගු පාර්සලය ලබා දී තිබූ බව පොලිසිය කියයි. අදාළ රැදවියා සන්තකයේ තිබි සැකකාර කාන්තාව විසින්…

Read More

ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල වෙනස් නොවන බව ද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. මෙම මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 277 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 335 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 185 ක් බවත්…

Read More

ළමයින් හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා රජය ගෙන ආ පනත් කෙටුම්පත සම්මත වුවහොත් දරුවන්ට උගන්වනවාද? නැතිනම් හිරේ යනවද? කියා ගුරුවරුන්ට හිතන්න වෙන බව ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ මාධ්‍ය හමුවකදී ඊයේ (30) පැවසීය. මෙම දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය ක්‍රියාත්මක වුණොත් පාසලකට ශිෂ්‍ය නායක මණ්ඩලයක් වැඩක් නැතැයි ද සුමංගල හිමියෝ කීහ. ගුරු සංගම් වල සහභාගීත්වයෙන් කොළඹදී පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියෝ:- මේ පනත සම්මත වුණොත් වගේම පාසලකට විනය මණ්ඩලයක් වැඩක් නැහැ.කොටින්ම කියනවා නම් පාසලේ විනය කියන වචනයක් කතා කිරීමත් තහනම් වෙනවා.මේ නිසා රට වනසන, පාසල වනසන මේ පනත වහ හකුලා ගන්නැයි අප රජයෙන් ඉල්ලා සිටිනවා.…

Read More

ළමා දිනයේ දී සහ වැඩිහිටි දිනයේ දී ඔවුනගේ සුබ සිද්ධිය උදෙසා කළ යුතු දේ පිළිබඳව පුළුල් සංවාදයකට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝක ළමා දින සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. විපක්ෂ නායකවරයා මෙසේද කියයි. ජාත්‍යන්තර ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය වසරේ එක ම දිනයක පැවැත්වීම අතිශයින් ම අර්ථාන්විත සැමරුමක්. ‘අද දරුවා හෙට වැඩිහිටියකි.’ මේ ආත්තෝපදේශය අපට දරුවන් සහ වැටිහිටියන් ගැන මනා වැටහීමක් ලබාදෙයි. ළමුන්ගේ සුරක්ෂිතභාවය යනු සමාජයේ යහපැවැත්ම යි. සමාජයේ යහපැවැත්ම අනාගතයට දායාද කරනු ලබන වැඩිහිටියන් යනු රටක පූර්වාදර්ශ, පරමාදර්ශ සනිටුහන් කරන පිරිස යි. මේ දෙපිරිසම ආරක්ෂා කිරීම රැකබලා ගැනීම සහ ඔවුන් වෙනුවෙන් සමාජය…

Read More

දරුවන්ට පරිපූර්ණ ළමා ලෝකයක් සහ වැඩිහිටියන්ට ගෞරවනීය සමාජ ජීවිතයක් ගත කිරීමට අවැසි “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ළමා සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි. “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනනට ” යන්න තේමා කර ගනිමින් සමරන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ලෙස සුබපැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳව ඉමහත් සතුටට පත්වෙමි. රටක ජීවය වන්නේ දරුවන් ය. ඔවුන්‍ට පරිපූර්ණ ළමා ලෝකයක් ගොඩනැගීම අපේ කාර්‍යභාරයයි. ජනගහනයෙන් 31% කට ආසන්න ළමා පරපුරක් හිමි රටක් ලෙස දරුවන් වෙනුවෙන් වූ සුවිශේෂී වගකීමක් රජය වෙත පැවරී තිබේ. එකී වගකීම මැනවින් අවබෝධ කරගත් අප රජය ” සුරක්ෂිත…

Read More