Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හෙට (01) සිට 05 වැනිදා දක්වා නැවත වෙනස් වීමක් දැනුම් දෙන තෙක් දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මුහුදුබඩ මාර්ගය (ඉහළ) 1. බෙලිඅත්ත / මරදාන – පිටත්වීම පෙ.ව.4.15 (සාගරිකා) 2. බෙලිඅත්ත / මරදාන – පිටත්වීම පෙ.ව.6.25 (ගාලු කුමරි) 3. මාතර / මරදාන – පිටත්වීම පෙ.ව.6.05 (රුහුණු කුමරි) 4. ගාල්ල / මරදාන – පිටත්වීම පෙ.ව.4.10 (slow) 5. ගාල්ල / මරදාන – පිටත්වීම පෙ.ව.5.00(සමුද්‍ර දෙවී) 6. අලුත්ගම / ගනේමුල්ල- පිටත්වීම පෙ.ව.3.15(slow) 7. අලුත්ගම / කො.කොටුව පිටත්වීම පෙ.ව.3.40 (slow) 8. අලුත්ගම / රාගම- පිටත්වීම පෙ.ව.4.15 (slow) 9. අලුත්ගම/ මරදාන – පිටත්වීම පෙ.ව.5.55 (slow) 10.…
තලවාකැලේ, තවලන්තැන්න මාර්ගය නාය ගොස් තිබේ. තලවාකැලේ, තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගය කොත්මලේ පාලුවත්ත ප්‍රදේශය මීටර 100ක පමණ කොටසක් මෙලෙස නායයාමට ලක්ව ඇත. මේ හේතුවෙන් සහන කණ්ඩායම් සඳහා කොත්මලේ ප්‍රදේශය වෙත ළඟා වීමට නොහැකි වී ඇති බවද සඳහන්. කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ නිවාස රැසක් නායයෑමේ අවදානමකට ලක්ව ඇති බවද වාර්තා වේ.
කළු ගඟ ද්‍රෝණිය තුළ පිහිටා ඇති පහත් බිම් ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරියේදී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. මේ හේතුවෙන් කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන්ගෙන් ද මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් දන්වා තිබේ.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව මේ වනවිට 193ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 228 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර අලුත්ම වාර්තාවේ සඳහන්ය. මේ වනවිට පවුල් 266,114කට අයත් පුද්ගලයින් 968,304ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) උදෑසන 11.30 නිකුත් කළ වාර්තාවේ සඳහන් ය. මේ අතර වැඩිම ආපදා මරණ ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඒ මරණ 71කි. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 52ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 20ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 15ක් වාර්තා වී තිබේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් සහ ආපදාවන්ට…
දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාපතනය හමුවේ ඊයේ පස්වරු 6 වන විට මෙරට පවුල් 234,503 ආපදාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ එයින් පුද්ගලයින් 833,985 ආපදාවට ලක්ව ඇති බවය. එමෙන්ම නිල වශයෙන් තහවුරු වූ මරණ 159ක් සහ 203ක් මේ වන විට වාර්තා වී ඇතැයිද ඒ මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. ආපදාව හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 919ක් ශ්‍රී ලංකාව පුරාම ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් සේවාවන් සපයන අතර පවුල් 34, 198ක් පුද්ගලයින් 122,822ක් මෙම සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවත් ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම පවතින තත්ත්වයන් තුළ සහනාධාර සම්බන්ධ ගෙවීම් සංශෝධනය…
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ ආපදාවට ප්‍රතිචාර වශයෙන් ජපානය මෙරටට හදිසි ආධාර ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) හරහා මෙරට රජයට තක්සේරු කණ්ඩායමක් එවීමට ජපාන රජය තීරණය කර ඇත. එම කාර්ය මණ්ඩලයට වෛද්‍ය නිලධාරීන්ද ඇතුළත් වන අතර ඔවුන් මෙරට වෛද්‍ය අවශ්‍යතා නිරීක්ෂණය කරනු ඇති බවත් සහ ජපන් ආපදා සහන කණ්ඩායමක් එවීමට ඇති හැකියාව සම්බන්ධීකරණය කරනු ඇති බවත් සඳහන් වේ එමෙන්ම ජපාන රජය විසින් JICA ආයතනය හරහා විපතට පත් ජනතාවට කූඩාරම් සහ බ්ලැන්කට් ඇතුළු හදිසි සහනාධාර භාණ්ඩ ලබාදීමට ද තීරණය කර තිබේ.
ආපදා සහිත ප්‍රදේශවල අඛණ්ඩ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට ඉන්දීය ගුවන් හමුදාවේ MI-17V5 හෙලිකොප්ටර් යානා දෙකක් ශ්‍රී ලංකාව වෙත ළඟා වී තිබේ. ඊයේ (29) සවස මෙම හෙලිකොප්ටර් යානා දෙක පැමිණි බව ගුවන් හමුදා පවසයි. සහන සේවා සඳහා අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය සමඟ භට පිරිස් සාමාජිකයින් 22 දෙනෙකු ද එහි පැමිණි ඇති බව සඳහන්ය. මෙම හෙලිකොප්ටර් යානා දෙකෙහි නායකත්වය දරන ලද්දේ වින්ග් කමාන්ඩර් නාගේෂ් කුමාර් සහ වින්ග් කමාන්ඩර් මුකුල් මහජන් විසින්ය.
“දිට්වා” සුළිකුණාටුව ඊයේ (29) ප.ව.11.30 වන විට යාපනය සිට 130 kmක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 24 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවය. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී.…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 153ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 191දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. එම මධ්‍යස්ථානය අද (29) පස්වරු 6.00ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත. මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 217,263ක පුද්ගලයින් 774,724 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ. එමෙන්ම පවුල් 27,494කට අදාළව පුද්ගලයින් 100,898දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 798ක රැඳී සිටී.
ඉදිරි පැය කිහිපයේ දී කොලොන්නාව, කඩුවෙල, සීතාවක, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසයි. ඒ අනුව එම ප්‍රදේශවලින් ඉවත් නොවී නිවාසවල තවමත් රැදී සිටින ජනතාව හැකි ඉක්මනින් නිවෙස්වලින් ඉවත්ව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කර ඇත. එමෙන්ම කැලණි ගං මිටියාවතේ පදිංචි සහ ගංගා දෙපස සිටින ජනතාවට ද වහාම ඉවත් වෙන ලෙස ඔහු වැඩිදුරටත් දන්වා සිටී.
