Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සඳුදා දිනට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි මස 4 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වුණි. ඒ අනුව “අද දෙරණ” කළ විමසීමක දී අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට විභාග දෙපාර්තමේන්තුව මඟින් සිදුකරමින් පවතින බවය. ඊට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටි අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් වු බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය. විභාගයට පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531කි.
මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අතර හමුවක් සිදුව තිබේ. රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී ඇති බව වාර්තා වෙයි. මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමෙන් කරුණු විමසා තිබේ. ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. මේ අතර පසුගිය දා යුරෝපා කොමිසමේ තානාපතිවරුන්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් ද මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු…
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ලගයෙකු මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති බවය. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනය සහ හරිත වර්ධන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීම සඳහා දිගුකාලීන සැලැස්මකට සහාය දක්වන ලෙස සහ සංවර්ධනය කරන ලෙස පෞද්ගලික අංශයේ ආයෝජකයින් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය පවසයි. එහි සම සභාපති, ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ කමිටු පත්කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බවය. “අපි බලාපොරොත්තු වුණා වැඩවර්ජනයේ යෙදෙන පාර්ශවය විදියට වසර ගණනාවක් පුරා විශ්වවිද්‍යාල පද්ධතියේ ඇදෙන ගැටලුව සඳහා විසඳුම් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකට යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. මේ සම්බන්ධයෙන් නිල පිළිතුරක් අපට තවමත් ලැබිලා නෑ. අපිට ආරංචි විදියට මේ සඳහා තවත් කමිටුවක් පත්කරපු බවක් තමා දැනගන්න ලැබෙන්නේ. එම නිසා අපි ඉතා ඕනෑකමින් රජයට කියන්න ඕනේ, විශ්වවිද්‍යාල සේවකයින් මේ අරගලයට අවතීර්ණ වෙලා දින 27 තිස්සේ…
රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටලු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එමෙන්ම පවතින ගැටලු සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමට කටයුතු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවය. ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටලු පිළිබඳව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය හා අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දී තිබේ. ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පිළිබඳව ඇති…
හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය එදිනම දිලිත් ජයවීර මහතාට යවා ඇත. මේ සම්බන්ධයෙන් අප ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි. කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට හේතුවක් ඔහු එම ලිපියේ සඳහන් කර නොමැත. දිලිත් ජයවීර මහතාගේ දේශපාලන කටයුතු වලට එම ලිපියෙන් ඔහු සුබ පතා ඇතැයිද දැනගන්නට ඇත. ආචාර්ය සරත් අමුණුගම මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල , පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් සමග…
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය නිසා උපාධි ප්‍රදානෝත්සවය කල්දැමීමට සිදුවීම එම උපාධි අපේක්ෂකයන්ගේ අයිතීන් බරපතළ ලෙස කඩවීමත් බැවින් ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා උපකුලපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතාට යොමු කර ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ උපාධි ප්‍රදානෝත්සවය කඩාකප්පල් කරන පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන එන ලෙසත් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලක සභාව නිසි ලෙස දැනුවත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය. වැඩ වර්ජනයක් හේතුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක් කල්දැමීමට සිදුවීම හේතුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට බලවත්…
විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන්ගේ වැටූප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. පවතින වැටුප් සම්බන්ධයෙන් විමර්ශනය කරා අදාල යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව අනධ්‍යන සේවකයින්ගේ වැටුප් ගැටලුව මීළඟ අයවැයට පෙර අමාත්‍ය වන්නට වාර්තා කිරීමට නියමිත බව දැයි මම අත්‍යාංශය සඳහන් කරයි. එම නිසා වෘත්තීය ක්‍රියාමාර්ග අතහැර විශ්ව විද්‍යාල වල සේවයට වාර්තා කරන්නයි අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලා සිටින බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් තමන් නෙරපීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම පවත්වාගෙන යනවාද? ඉල්ලා අස්කර ගන්නවාද? යන්න තීරණය කිරීමට හිටපු රාජ්‍යඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට ජුලි 07 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ (28) කල් ලබා දුන්නේය. මෙම පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තම සේවාදායකයාට කල් දෙන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමක් පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ එලෙස කල් ලබා දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි. සමගි ජන බලවේගයේ පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් නෙරපීම වළකාලන නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු රාජ්‍යඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ගොනු කර…
