Author: LANKA24X7

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම…

Read More

කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ඇයගේ හත් හැවිරිදි දියණිය සහ දෙහැවිරිදි පිරිමි දරුවා අනාරක්ෂිත ලෙස නිවෙසේ අතහැර දමා හොර රහසේ ප්‍රදේශය අතහැර පලා ගොස් ඇතැයි කුරුණෑගල කුඹුක්ගැටේ පොලිසිය පවසයි. මව නිවෙසේ අතහැර දමා ගිය බාල වයස්කාර දරු දෙදෙනා එම දරුවන්ගේ ආරක්ෂාව සඳහා තමන් භාරයට ගත් බව පොලිසිය පැවැසීය. බාල වයස්කාර දරු දෙදෙනා අනාරක්ෂිත ලෙස නිවෙසේ අතහැර දමා කෲරත්වයට පත් කර කිසිවකුටත් නොකියා අනියම් සැමියා සමග පලා ගිය බව කියන මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කියයි. මෙම කාන්තාවගේ සැමියා මීට මාස පහකට පමණ පෙර දී මැද පෙරදිග රටක රැකියාවක් සඳහා ගොස් සිටින බවත් බිරිඳ දරු දෙදෙනා සමග නිවෙසේ ජීවත්…

Read More

කොළඹ ප්‍රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළසිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේ මෙලෙස කාන්තා මළසිරුරක් ඇති බවට ඊයේ (29) දහවල් පොලීසියට ලද ඇමතුමක් අනුව එය සොයාගෙන තිබුණි. ඇයගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැති අතර මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 09ක් පමණ වන තැනැත්තියකි. ඇය ඇඳ සිට ඇත්තේ කහ පැහැති මල් සහිත රතු පැහැති ගවුමකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Read More

රජයෙන් මත්පැන් බලපත්‍ර (බාර් ලයිසන්) ගත්‍තේ යැයි කියන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පක්ෂ නායකයන් වහාම එම බලපත්‍ර රජයට නැවත බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන් කිසිවකුත් මත්පැන් බලපත්‍ර මෙතෙක් රජයට යළි බාරදී නැතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ. මේ අතර බදුල්ල රිදීමාලියද්ද මත්පැන් අලෙවිසල් හයක් විවෘත කිරීමට රජය බලපත්‍ර මෑතක දී ලබාදී ඇතැයි එම ප්‍රදේශයේ නායක හිමිවරු පිරිසක් චෝදනා කරති. මින් එක් බලපත්‍රයක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ මැදිහත්වීමෙන් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ බිරිඳගේ නමට ලබාගෙන ඇති බව දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් එම නායක හිමිවරු සහ සිවිල් සංවිධාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම හමුවී පැමිණිලි කර ඇත. මේ…

Read More

පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන දුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා අද දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිසිය කියයි. ඔහු දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකු ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. ඩුබාහී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී මිදීගම රුවන් නමැත්තා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ මොහුගේ නම ද…

Read More

තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු, අපේක්ෂකයන් පස් දෙනකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු 55 දෙනෙක් සමගි ජන බලවේගය සමග පෙරේදා (28දා) එක් වූහ. තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන චන්ද්‍රසිරි දිසානායක සහ ධර්මසිරි තිලකවර්ධන, මෙවර මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාරදුන් දනුශ්ක දුලාජි දිසානායක, එම් මුණසිංහ , චමින්ද ගුණපාල , සෝමසිරි දිසානායක , බී.සී. ගුණපාල යන මහත්වරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී ප්‍රාදේශීය සංවිධායකවරුන් ඇතුළු ක්‍රියාකාරකාරීහු 55 දෙනෙක් අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ සහකාර ලේකම් රෝහණ බණ්ඩාර මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායිකා මල්ලිකා දිසානායක ඉදිරියේ…

Read More

කොළඹ වරාය පරිශ්‍රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (29)නිකුත් කළේය. ඉන්දියාවට අයත් යැයි කියන( ARK PRESTIGE)ආක් ප්‍රෙස්ටීජ් නෞකාවේ කපිතාන් ඉන්දීය ජාතික රාජ් දෙව් යාදේව් නමැති අයට මෙම විදෙස් ගමන් තහනම පැනවිය. කොළඹ වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙසත්,තහනම් නියෝගය සම්බන්ධයෙන් කපිතාන්වරයා දැනුවත් කරන ලෙසත් දන්වා සිටියේය. කොළඹ වරාය ඩොක්යාඩ් ජැටියේ නැංගුරම්ලා ඇති ඉන්දිය නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දු වීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් අදාළ විමර්ශනය මේ…

Read More

ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. රට පුරා රෝහල්වල දැඩි වෛද්‍ය හිඟයක් පැවතුණ ද මේ වන විට වෛද්‍යවරුන් 1390 ක කණ්ඩායමක් සීමා වාසික පුහුණුව අවසන් කර ඇතත් ඔවුන්ට පත්වීම් ලබාදීම මාස 8 ක් තිස්සේ ප්‍රමාද වී තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය. පුරප්පාඩු නොමැති බව සඳහන් කරමින් එම නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු නොකරන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය. වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර හයකින් යාවත්කාලීන…

Read More

විවිධ කඹ ඇදීම් හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතාව විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිතවී ඇතැයි වාර්තාවේ. විවාදය සම්බන්ධයෙන් පක්ෂ දෙකේ නායකයන් විවිධ මත පළ කිරීම එම අවිනිශ්චිතතාව මතු වීමට ප්‍රධාන හේතුවක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර සමඟ ජන බලවේගය යෝජනා කළ දින වලින් ආර්ථික කමිටු විවාදයට දෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර ඇත. ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ විවාදය සම්බන්ධීකරණය කරන ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ලිපියක් යොමු කරමිනි. විවාද දෙක අතරින් ආර්ථික විවාදය පළමුව පැවැත්වීමටත්…

Read More

උතුරු කොරියාවේ සිට දකුණු කොරියාව දෙසට කුඩා බැලූන සියයකට ආසන්න ගණනක් පා වී ආ බවත්, දකුණු කොරියානු දේශසීමා හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් වාර්තා වේ. දකුණු කොරියානු හමුදාව පවසන්නේ, උතුරු කොරියානුවන්, ඔවුන්ගේ කසල එල්ල, මෙම බැලූන දේශසීමා හරහා දකුණු කොරියාව දෙසට එවන බවය. බැලූන 90කට වැඩි ගණනක් දේශසීමා හරහා පා වී ආ බව ද පැවැසෙයි. ‘කසල බැලූන’ පා වී එද්දී, උතුරු සහ දකුණු කොරියානු දේශසීමාවේ පදිංචි වැසියන්ට දකුණු කොරියානු හමුදාව අනතුරු ඇඟවූයේ දේශසීමාවෙන් ඈත් වී සිටින ලෙසය.

Read More