Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පොලිස් තනිකඩ භට නිවාසය තුළදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි. මෙම කොස්තාපල්වරයා පන්නල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටින අයෙකි. අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින බවට ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව ඊයේ (30) දහවල් පොලිස් කණ්ඩායමක් තනිකඩ බට නිවාසයට ගොස් සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂාවට ලක් කිරීමේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය හමුවූ බව පොලිසිය පවසයි. පන්නල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් රථයක් තුළදී විදේශීය ජාතික තරුණියකගේ ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේදී ය.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ.වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
දියවැඩියාවට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. මෙම නව ප්‍රතිකර්මය ලොව පුරා මිලියන ගණනක් දියවැඩියා රෝගීන්ට මහත් අත්වැසිල්ලක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මෙහිදී සිදු වන්නේ, ඉන්සියුලීන් එන්නත් කිරීම වෙනුවට, අගන්‍යාසයේ ඉන්සියුලීන් නිපදවන සෛලවලට සමාන සෛල කෘත්‍රිමව පර්යේෂණාගාර තළ නිපදවා, ඒවා දියවැඩියා රෝගීන්ට ලබා දීමය. මෙම ක්‍රමය භාවිත කරමින් සායනික පර්යේෂණ කීපයක් සිදු කළ බවත්, මෙම නව ක්‍රමවේදය සාර්ථක වූ බවත්, එම රෝගීන්ගේ දියවැඩියා තත්ත්වය තුරන් වූ බවත් චීන විද්‍යාඥයන් පවසා ඇත.
නිල් චිත්‍රපට නිළියක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය ‘යට ගැසීමට’ ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු විය. නිව්යෝක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට චෝදනා 34 ක් එල්ල වී තිබුණි. හිටපු ජනාපධිතිවරයා චෝදනා සියල්ලටම වරදකරු විය. ඒ අනුව, අපරාධ චෝදනාවලට වරදකරු වූ එකම ඇමෙරිකන් හිටපු ජනාධිපතිවරයා වන්නේ ද ට්‍රම්ප්ය. ට්‍රම්ප්ගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත්තේ ජුලි මාසයේදීය. මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ද ට්‍රම්ප් ඉදිරිපත් වෙයි. ඒ, වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට අභියෝග කරමිනි. ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකකි. ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන්…
ගම්පහ යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනකු පෙරේදා (29) සවස සිට අතුරුදන් බවට පැමිණිලි ලැබී ඇතැයි යක්කල සහ වීරගුල පොලිසි පවසයි. යක්කල පොලිසියට එක් පැමිණිල්ලක් ලැබී ඇති අතර අනෙක් පැමිණිලි දෙක වීරගුල පොලීසියට ද ලැබී ඇත. එම සිසුවියන්ගේ මවුවරුන් මෙම පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අතුරුදන් සිසුවියන් තිදෙනා ගම්පහ යක්කල ප්‍රදේශයේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන මිතුරියන් බවත් ඔවුන් තිදෙනා පෙරේදා (29) රාත්‍රිය වනතුරුත් නිවෙසට නොපැමිණි බවත් සඳහන් කරමින් පැමිණිලි කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. අතුරුදන් සිසුවියන් තිදෙනා ගැන ඊයේ (30) වනතුරුත් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොලැබුණු බව යක්කල…
විශේෂ පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගී වීමට නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ , නියෝජ්‍ය පොලිස්පති පුෂ්ප කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න යන මහත්වරුන් ඊයේ (30) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමරිකාව බලා පිටත් වූහ. ඇමෙරිකානු රජය මගින් මෙම පුහුණු පාඨමාලා දෙක සංවිධානය කර ඇත.
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධ වීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම් වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණක් බව ද සේමසිංහ මහතා සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවේදීය. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මඟින් බලාපොරොත්තු වන්නේ ඵලදායීතාව ඉහල නංවා ගැනීම සහ සෑම පුරවැසියකුටම සමාන අවස්ථාවන් හිමි රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ පොරෝ පහරින් බරපතල කැපුම් තුවාල ලැබූ සැමියා මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉපලෝගම, ගන්තිරියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුංචි බණ්ඩාගේ උක්කු බණ්ඩා නැමැති 74 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියට සම්බන්ධ මරණකරුගේ බිරිඳ වන අවුරුදු 59ක කාන්තාව අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළේය. මරණකරු සිය නිවසේ සාලයේ විවෘත කොටසේ බිම නිදා සිටියදී, ඔහුගේ බිරිඳ වන සැකකාරිය මරණකරුගේ හිසට පොරවකින් පහර දී තිබේ.
ශ්‍රී ලංකාව විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා එදින පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වෙන්කෙරේ.
