Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සම්බන්ධව එල්ල වී තිබූ චෝදනාවලින් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කර තිබේ. අමෙරිකාවේ පාකිස්තාන තානාපතිවරයා එවූ රහසිගත කේබල් පණිවුඩයක් සම්බන්ධව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය රහස් හෙළිදරව් කළ බවට චෝදනාවට ලක්වූ ඛාන් ට පහළ අධිකරණයක් මඟින් වසර 10ක සිරදඬුවම් නියම කර තිබුණි. කෙසේ වෙතත් ඔහුට මෙහිදී නිදහස හිමිවන්නේ නැහැ. ඒ ඔහු මෙම චෝදනාවෙන් නිදහස ලැබූවත්, ඉස්ලාමීය නීති කඩකරමින් තෙවැනි බිරිඳක් ආවාහ කරගැනීමේ චෝදනාවට වරදකරු වී වසර 7ක සිරදඬුවම් විඳිමින් සිටීම හේතුවෙ
ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 28කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 712කි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් අඩු කළේය. එම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම සිය මිල ගණන්ද සංශෝධනය කර ඇති අතර සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබුණි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355කි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් අඩු කෙරුණු අතර එහි නව මිල රුපියල් 317ක් වෙයි. භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 202කි. ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවන…
හොරණ සහ තෙලිකඩ දොඩංගොඩ ප්‍රදේශ වල ඊයේ (31) සිදු වූ රිය අනතුරු දෙකකදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි මානාන බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි ව සිටි කාන්තාවක් සහ හෑගොඩ, බූස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. හොරණ බුලත්සිංහල මාර්ගයේ බැල්ලපිටිය හංදිය අසලදී හොරණ දෙස සිට මතුගම දෙසට ධාවනය වූ පුද්ගලික බස්රථයක් මාර්ගයේ මගීන් බස්සවා නැවත ඉදිරියට ධාවනය කිරීමේ දී එම බස් රථයෙන්ම බැස්ස මෙම කාන්තාව බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා මාරුවීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇත. අනෙක් අනතුර සිදුව ඇත්තේ දොඩංගොඩ, තෙලිකඩ ප්‍රදේශයේ දී වක්වැල්ල දෙස සිට දොඩංගොඩ දෙසට ධාවනය වූ යුද හමුදාවට අයත් ට්‍රක්…
ඊශ්‍රායල හමාස් ගැටුම නවත්වා, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නව සාම සැලැස්මක් සකස් කර ඇත. ‘දැන් ඇති යුද්ධ කළා. මේ යුද්ධය අවසන් වෙන්න ඕනෑ’ යැයි කියමින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙම නව සාම සැලැස්ම ඉදිරිපත් කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම නව සාම සැලැස්ම අදියර 6 කින් ක්‍රියාත්මක වනු ඇති බවත්, ගාසා පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ ඊශ්‍රායලයේ ස්වෛරීත්වය රැක ගැනීම මූලික අරමුණ බවත් ධවල මන්දිරය පෙන්වා දී තිබේ.
මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රයේ සිට පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්ද , ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16කින්ද භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින්ද පහළ දමා ඇැතයි එම නිවේදයේ සඳහන් වේ. ඒ අනුව ඔක්ටෙන් 92 නව ලීටරයක මිල රුපියල් 355කි. ලංකා සිදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 317කි. භූමිතෙල් නව ලීටරයක මිල රුපියල් 202කි. ඔකටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩිසල් මිල සංශෝධනය කර නොමැත. ලංකා අයි.ඕ.සී සමාගම ස සිපෙට්කෝ මිලට සමාන අයුරින් ඉන්ධන මිල අඩු කර ඇත.
දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) එළඹෙන අගෝස්තු මාසයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. 2025 ජනවාරි මාසයේදී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර, පූර්ව සැලසුම් සකස් කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී නැතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. 2024 මැයි මස මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 1518කට වැඩි මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිකුත් කර අැතැයිද තාක්ෂණික ගැටලු හේතුවෙන් එම ගෙවීම් ප්‍රමාද වූ නමුත් මෙම ජුනි මස දෙවන සතියෙන් පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වැඩිහිටි දීමනාව ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. එසේම ජුනි මාසයට අදාල දීමනාව ද එම මාසයේම ගෙවන බවද අස්වැසුම ගෙවීම් පද්ධතිය යටතේ අදාල බැංකු ගිණුමටම ඉදිරියේදී වැඩිහිටි දීමනාව බැර කිරීමට කටයුතු කරන බවද ප්‍රතිලාභ මණ්ඩලය…
ත්‍රිපෝෂ නිෂ්පාදනයට සෞඛ්‍ය අමාත්‍යාංශය යළි අවසර ලබා දී ඇත. වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට යළි ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසරය දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසුවේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේදීය. මේ අතර ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් නව පෝෂ්‍යදායි නිෂ්පාදනයකට ලංකා ත්‍රිපෝෂ සමාගමේ අවධානය යොමුවී ඇත. ත්‍රිපෝෂවල නියමිත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ නිලධාරීහු මෙහිදී පැවසූහ ඒ එම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන…
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට යම්තාක් දුරකට ස්ථාවර කළත් එයි සෑහිමකට පත්වෙන්න බැරි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. රට ඇත්තටම ගොඩගත හැකි හොදම කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ බවද මාන්නප්පෙරුම මහතා පැවසීය. වර්තමාන ජනාධිපතිවරයාට දක්ෂ කණ්ඩායමක් නැතැයි කී මන්ත්‍රීවරයා ඉදිරි මැතිවරණ වලදී එක්විය යුත්තේ වෛරක්කාරී කණ්ඩායම් සමඟ නොව රට දියුණු කරන කණ්ඩායමක් සමඟ බව ජනතාව තේරුම් ගෙන සිටින්නේ යැයිද අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. කොළඹ සමගි ජන බලවේග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මාන්නප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය. වැස්ස ආවාම ලයිට් බිල අඩු කරනවා කී ආණ්ඩුව දැන් ගොළුවන් බිහිරන් බවට පත්වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.…
