Author: LANKA24X7

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී 25 හැවිරිදි තරුණයෙකු පැහැරගෙන ගොස් සිරකර තබා මරණ තර්ජන එල්ල කිරීමක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදි පැහැරගැනීම සඳහා භාවිත කළ කැබ් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 සහ 27 හැවිරිදි අවිස්සාවේල්ල සහ ගැටහැත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය 50 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව වාර්තා වේ. පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළකරයි.…

Read More

බෝවන රෝගයක් හේතුවෙන් වව්නියාව බන්ධනාගාරය සති දෙකක කාලයකට වසාදමා තිබේ. ඒ අනුව, මීට දින කිහිපයකට පෙර වව්නියාව බන්ධනාගාරය වසා දමා ඇති බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේය. වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට ඥාතීන්ට බන්ධනාගාරයට පැමිණීමට නොහැකි අතර රැඳවියන් නඩු කටයුතු සඳහා පිටතට රැගෙන යාම ද තාවකාලිකව නතර කර තිබේ. සරම්ප රෝග තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාරය එලෙස වසා දමා ඇති බව වාර්තා වේ. බන්ධනාගාරය තුළ පවතින ඉඩකඩ සීමිත වීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේවෙතත් වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෞඛ්‍ය බලධාරීන් බන්ධනාගාර රැඳවියන්ට සහ නිලධාරීන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට පියවර ගෙන තිබේ. වව්නියාව බන්ධනාගාරය තුළ රැඳවියන් 400කට…

Read More

සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ. එසේම එහි 2 වන ඉන්ධන තොගය හෙට (02) පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

Read More

වව්නියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (31) සවස මැදවෙත්‍යකුලම්, සිවපුරම්, පම්පෙමඩුව හා නෙළක්කුලම ප්‍රදේශයේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. වව්නියාව පොලිස් ස්ථානය හා වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර ඇති අතර, අපරාධයකට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන් යතුරුපැදි 3ක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 24, 27, 31 හා 34 යන වයස්වල පසුවන වව්නියාවේ පදිංචිකරුවන්ය. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය. පසුගිය ජූලි මස 23 වනදා පුංචි පුතෙකුගේ…

Read More

දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුකම් නොලැබූ පවුල් තුන්ලක්ෂ 94 දහස් අනූ හතරකට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස් අතරින් පවුල් 12 ලක්ෂ අසූදහසක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති බවයි. ඉන් පවුල් අට ලක්ෂ 87,653 ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට සුදුසුකම් ලබා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව අභියාචනා සහ විරෝධතා සළකා බැලීම අවසන්වන තුරු මෙම සමෘද්ධි දීමනාව ලබාදීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා මේ වන විට ගිනුම් ලක්ෂ 10 ක පමණ තොරතුරු සුබසාධන…

Read More

පෑලියගොඩ, දඹුල්ල වැනි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව එළවළු මිලෙහි යම් අඩුවක් දක්නට ලැබුණුද සිල්ලර වෙළඳපොල තුළ එළවළු මිලේ අඩුවීමක් දක්නට නොලැබෙන බව වෙළඳුන් සහ පාරිභෝගකයින් පවසනවා. කෙසේ වෙතත් මිල සහනයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සභාපති අසේල සම්පත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාරිභෝගික ජනතාවට මිල සහනයක් ලබාදීමට වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

Read More

2024 වසරේ සිට ඉදිරි වසර පහක කාලය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති ලෙස පත් කිරීමේ සූදානමක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. කෙසේවෙතත් අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ ඉදිරි මැතිවරණයකදී බලය ලබාගන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ වූ ආණ්ඩුවකින් බවයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර තරගය ජය ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුනා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කළේය. ඒ අනුව ජයග්‍රාහී ලකුණු 158ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 130ක් පමණයි.

Read More

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 18 දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත අද (01) අලුයම ඇතුලත් කළ බව වටවල පොලිසිය පවසනවා. අද අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදී යි. ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 18 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බවත්,…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

Read More