Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හෙරොයින් ග්‍රෑම් 210ක් සමග රජයේ පාසලක අනධ්‍යයන සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (15) සවස් කාලයේදී වැලිගම පොලිස් වසමේ බෝධිමළුව විහාරය අසලදී මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවකි. ඇය වැලිගම ප්‍රදේශයේ පාසලක අනධ්‍යයන සේවිකාවක් ලෙස කටයුතු කරන අතර මිදිගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සිදුකර ඇති බව පොලීසිය පවසයි. එම සැකකාරිය මෑත කාලයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ වී ඇති අතර විදෙස්ගතව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයින් විසින් නම් කර එවනු ලබන පුද්ගලයින් වෙත මත්ද්‍රව්‍ය ලබාදීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.…
අදට යෙදී ඇති 119 වන බන්ධනාගාර දිනයට සමගාමීව රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ, ඒ අනුව අද (16) දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලබාදී ඇති බවය. අද උදෑසන 9 සිට සවස 4 දක්වා මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර, ගාල්ල බන්ධනාගාරයේ කටයුතු අද සිට සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මොළේ උණ වැළදීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යෑමත් සමග මෙම පියවර ගෙන…
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ඊයේ (15) රාත්‍රී කාලයේ කොටුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මියගොස් ඇත්තේ, වයස අවුරුදු 60ත් 65ක් පමණ වන උස අඩි 05යි අඟල් 04ක් වන තළෙළු, කෙට්ටු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි. ඔහු අවසන් වරට අත්කොට කමිසයක් සහ රතු පැහැති සරමක් හැඳ සිටින බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර අයගම, ඇරැපෝරුව ප්‍රදේශයේ හිසේ තුවාල සහිතව අයගම රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, ඇරැපෝරුව, උස්වත්ත, අයගම…
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අද (16) දිනයේ දී අවසන් තීරණයකට පැමිණෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බවය. උසස් වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගියදා දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක නිරත වූ අතර අදාළ ගැටලුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට විසදුම් ලබාදෙන බවට විෂය භාර අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුව මත එම වැඩවර්ජනය තාවකාලිකව නතර කරනු ලැබීය. කෙසේවෙතත් ඊයේ (15) දිනයේ දී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවී නොමැති බැවින් සිය ඉදිරි…
වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” ආයතනය සිය වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ. එම ආයතනය මඟින් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ ජූලි මාසයේ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පෙබරවාරි මාසයේ වත්මන් ආණ්ඩුව පිළිබඳව සියයට 7ක්ව පැවති ජනතා ප්‍රසාදය මෙම මාසය වන විට සියයට 24 දක්වා ඉහළගොස් තිබේ. එම සමීක්ෂණයට අනුව වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට සියයට 28ක් ප්‍රකාශකර ඇති බව සඳහන්ය. මෙරට ආර්ථිකය හොඳ අතට හැරෙමින් පවතින බවට සියයට 30ක් ප්‍රකාශ කර…
විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී ඉල්ලීමක් කර ඇත. මේ අනුව කතානායකවරයා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පසුගිය 12 වැනිදා කැඳවා මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. කෙසේ වෙතත් එවැනි තර්ජනයක් ගැන තමාට වාර්තා වී නැතැයි පොලිස්පතිවරයා එහිදී පැවසූ බව දැනගන්නට ඇත. මේ අවස්ථාවේදී කරුණු දක්වා ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාස්කු ඉරු…
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ද සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් සහ උත්සවවලටත් අනෙකුත් කටයුතුවලටත් සම්බන්ධ කර නොගැනීමට එම පක්ෂය තීරණය කර ඇත. පක්ෂය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. පක්ෂය සහ පක්ෂ නායකත්වය විවේචනය කළ බව කියන මෙම තිදෙනා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පක්ෂයේ බොහෝ පිරිසක් එහි නායකත්වයෙන් පසුගියදා ඉල්ලීම් කර ඇත. මේ අතර ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත්කර එම තනතුර පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදීමට තීරණය…
පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට පනවා ඇති කොන්දේසි හත තුළ මේ බව සඳහන්වේ. පාරිභෝගිකයාගේ ඉල්ලීම මත අකුරු නොමැකී යන ආකාරයේ කල් තබා ගත හැකි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජික ඩග්ලස් නානායක්කාර මහතා පැවසීය. විදුලි බිල වත්කමක් බවත් දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම, පදිංචිය තහවුරු කිරීම වැනි දෑ සඳහා මුද්‍රිත විදුලි බිල්පත් අවශ්‍ය බැවින් මහජනතාවගේ ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය. 2030 වර්ෂය…
තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබා දෙනවාද? නැද්ද ?යන තීන්දුව ලබන 22 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (15) දන්වා සිටියේය. සිර දඬුවමට එරෙහිව තමන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් එම පෙත්සම විභාග කොට අභියාචනාධිකරණය විසින් අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ඇපමත මුදා හරින ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර…
ගාල්ල බන්ධනාගාරයේදී පසුගියදා මියගිය රැඳවියා මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තහවුරු වීම නිසා එම බන්ධනාගාරයේ කටයුතු සතියක කාලයක් සීමාකිරීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. ඒ අනුව නවක රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට සහ අධිකරණය සමඟ සාකච්ඡා කර අධිකරණ කටයුතු මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් දිසානායක මහතා වැඩි දුරටත් කීය.
