Author: LANKA24X7

මෙරට පුද්ගලයෙකු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදල රුපියල් 16,975 ක් බවත් මෙරට පුද්ගලයකුගේ මාසික විදයම ජනවාරි මාසයට සාපේක්‍ෂව පෙබරවාරි මස අඩුවී ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම වසරේ පෙබරවාරි මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම වසරේ පෙබරවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ඊට පෙර මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබීම මෙලෙස දරිද්‍රතා සීමාව පහළ යාමට ප්‍රධාන හේතු බවත් කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 18,308 ක් අවශ්‍ය බවත් එම දෙපාර්තමේන්තුව කියයි. අඩුම මාසික වියදම රුපියල් 16,231 මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා…

Read More

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා ප්‍රකාශ කරයි. වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කර කර ගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදුවෙමින් පවතින බවත් තැපැල්පතිවරයා පැවසීය. ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ආදී නම් යොදා ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද උපක්‍රමිකව භාවිතා කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවිඩ මගින් ණය කාඩ් පත් තොරතුරු විමසීමක් කිසිසේත්ම සිදු නොකරන බවත් ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක්…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල කෙරුණු පත්කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඊයේ(17) විරෝධතා ගොනුකර ඇත. විරෝධතා බාරදෙමින් පක්ෂයේ ලේකම්වරයා පවසා ඇත්තේ පක්ෂයේ කටයුතු පක්ෂ ව්‍යවස්ථාව අනුව සිදු විය යුතු බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා පැවසුවේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් නීතිඥවරයකු මාර්ගයෙන් මෙසේ විරෝධතා බාර දුන් බවයි. මැතිවරණ කොමිෂන් සභාව අද(18) රැස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයන් ඉදිරිපත් කර ඇති කරුණු සහ විරෝධතා සලකා බලා සුදුසු තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

Read More

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා හැදෙන ප්‍රබල සංධානයක උච්චතම අවස්ථාව තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා පැවසීය. විපක්ෂයේ විවිධ පිරිස් එජපය සමග සාකච්ඡා කරමින් ගනුදෙනු කරමින් සිටින බව කී රත්නප්‍රිය මහතා රට ඉදිරියට ගෙන යා හැකි නායකයා කවුදැයි ඔවුන් තේරුම් ගෙන සිටින බව සඳහන් කළේය. දෙමළ, මුස්ලිම් ඇතුළු විවිධ කණ්ඩායම් ඉදිරියේදී හැදෙන සන්ධානය වටා එකතු වීම වලක්වන්නට කිසිවකුටවත් නොහැකි බව ද රත්නප්‍රිය මහතා පැවසීය.

Read More

මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින් තුන් පැවැසුවේය. මියන්මාරයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් 78 වැනි වියේ පසුවන අවුන් සාන් සුකී රෝගාතුර විය හැකි නිසා මෙම තීරණය ගත් බව මේජර් ජෙනරාල් සෝ ප්‍රකාශ කළේය.අවුන් සාන් සුකී පමණක් නොව මහලු වයසේ සිටින සියලුම සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් බවත් එම සිරකරුවන් දැඩි උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුරවීම වැළැක්වීම සඳහා දැනටමත් ක්‍රියා මාර්ග ගැනීම ආරම්භ කර ඇති බවත් මේජර් ජෙනරාල්වරයා පැවැසුවේය. නමුත් අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත්කිරීම සඳහා රැගෙන ගිය ස්ථානය ප්‍රසිද්ධ කිරීමෙන් මේජර්…

Read More

කොරියන් රටේ වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් සිදු කළේ යැයි කියන රංගන ශිල්පීනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. දමිතා අබේරත්න සහ ඇගේ සැමියා පසුගිය 04 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට දී රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. සැකකරුවන්ට එරෙහි විමර්ශනය සංකීර්ණ හා දීර්ඝ බැවින් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස…

Read More

කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතය. කෙසෙල්වත්ත පොලීසිය විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. අලුත් කඩේ ප්‍රදේශයේ වීථී අවන්හලකින් ආහාර මිලදී ගැනීමට පැමිණි සිටි විදේශිකයෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළෙඳසල් හිමියෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබීය. පොලීසිය පැවසුවේ, විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ විට වෙළෙඳසල් හිමියා රුපියල් 1,900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළෙඳසැල් හිමියා මෙලෙස…

Read More

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බවට සැකකෙරෙන සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ. රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන ‘සූර්ය මංගල්‍යය’ ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ අනුව ඊයේ (16) වාරියපොළ පිහිටි වයඹ පළාත් ඒකකයේ දී එම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 31ක් වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පරිගණක අපරාධ විමර්ශන…

Read More

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු සඳහන් කළහ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත වී තිබිණි. මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව ඥාති පුත්‍රයෙකු සඳහන් කළේය. 1960 වසරේදී උපත ලැබූ පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා ශ්‍රී ලාංකේය දේශපාලනයේ කතාබහට ලක්වුණු පෙරළිකාර චරිතයකි. 2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද කටයුතු කළේය. 2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

Read More

අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමයන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, දිවයින පුරා බස්රථ 9,000ක් යොදා ඇති බවය. අද සිට සමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා පවසයි. දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති චන්දන වියන්දුව මහතා සඳහන් කළේ, සියලුම රියදුරන් ධාවනාගාර වෙත පැමිණීම හේතුවෙන් ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය සිදුකළ හැකි බවය.

Read More