Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපතිවරණය නොපැවැත්වීමට සිදු කරන කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. අද (13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය. එහිදී ඔහු තවදුරටත් පැවසුවේ, රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව, ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවේද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බවය. එහිදී ඔහු පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උගුලක් බවත් එය ජන්ද අතුරුදන් කිරීමේ කුමන්ත්‍රණයක් බවත් ය. “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ආණ්ඩුවේ ආශිර්වාදයෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙනවා. මේ යෝජනාව මීට පෙර ගෙන ආ අවස්ථාවේදී විපක්ෂ නායකයා කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ…
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, ජනාධිපතිවරණය එය පැවැත්වීමට නියමිත කාලවකවාණුවේ දී පැවැත්වෙන බවත්, මහ මැතිවරණය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් වෙන්කරන බවත්ය. මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරනපලෙයි ප්‍රදේශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානම් වු පාසල් සිසුවියක් සියදිවි නසා ගෙන ඇති පුවතක් ඊයේ (12) වාර්තා වුණි. පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 18ක් වූ සිසුවියක් එලෙස ජීවිතයෙන් සමුගෙන ඇති බවය. නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක දැරිය එලෙස සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. අසල්වැසියන් විසින් සොයාබැලීමේ දී දැරිය සියදිවි නසාගෙන ඇති බව දැක ඇති අතර, පසුව දැරියව පුදුකුඩිඉරිප්පු රෝහලට රැගෙන ගොස් ඇත. දැරිය රෝහල්ගත කරන අවස්ථාව වනවිටත් මියගොස් සිට ඇතැයි වාර්තා වේ. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් පුදුකුඩිඉරිප්පු රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වසර ගණනක ප්‍රේමය මඟහැරීමට උත්සාහ කළ 22 හැවිරිදි පෙම්වතාට පිහිපහරක් එල්ල කළ 19 හැවිරිදි පෙම්වතිය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ගම්පොළ උලපනේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය ගම්පොළ නගරයේ මත්ස්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබිණි. එහෙත් කාලයක් ගිය පසු අදාළ තරුණයා ඇයව අත්හරින බවක් ඇයට දැනීමත් සමග ඒ පිළිබඳ ඇය ඔහුගෙන් විමසා සිටියද ඔහුගේ තීන්දුව වෙනස් නොවන බව දැනගත් ඇය ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද මුහුණු පොතේ පළ කිරීමට කටයුතු යොදා ඇත්තේ ඔහුට වෙනත් පෙම් සබඳතාවක් පවත්වාගෙන යා නොහැකි වන අයුරින්ය. මෙයින්…
වික්ටෝරියා ජලාශයට සෘජුවම සමිබන්ධ වී තිබෙන මහවැළි ගංග අශ්‍රිත ගංගා ඉවුරු විනාශ කරමින් පොල්ගොල්ල ජලාංශයේ සිට තැන්නකුඹුර හාරගම ගුරුදෙණිය සහ කුණ්ඩසාලේ දිගන ඔරුතොට තෙල්දෙණිය අවට වික්ටෝරියා අධි ජලාශ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක් ඇතැයි වාර්තා වේ. ජලාශ ඉවුරු හානිවන පරිදි පස් කපා දැවැන්ත සංචාරක නිකේතන හෝටල් සහ අවන්හල් ඉදිකරන්නන් ඇතැම් දේශපාළකයන්ගේ තනතුරු භාවිතා කරමින් ඇමති අනුමැතිය ලබාදී ඇතැයි පවසමින් ජලාශ රක්ෂිතයන්ට හානි කරමින් විශාල අනවසර ඉදිකිරීමි සිදුකර ඇත. මහවැලි සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියෙකුගෙන් මේ සමිබන්ධයෙන් විමසු අවස්ථාවේදී එම උසස් නිලධාරියා පැවසුවේ වික්ටෝරියා ජලාශය සහ මහවැළි ගංඟාව අවට රක්ෂිත පෙදෙස් වල අනවසර ඉදිකිරීම් කරන්නන් රැසකට එරෙහිව නීතීෙමය පියවර ගැනීමට කටයුතු කර ඇති…
උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල් අවසන් වාර පරික්ෂණය සදහා 06 වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා දමිල මාධ්‍ය හදාරණ සිසුන්ට ලබාදුන් ගණිතය ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු රැසක් හේතුවෙන් සිසුන් දැඩි අසාධාරණයකට මුහුණ දුන් බව ගුරුවරු චෝදනා කරති. උතුරු මැද පළාතේ පාසල්වල අවසන් වාර පරික්ෂණය මේ දිනවල පැවැත්වෙති. ඒ අනුව අද 06 වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණියේ ඉගෙණු ලබන සිසුන්ට පෙනි සිටිමට නියමිතව තිබුනේ ගණිතය විෂයටය. සිංහල මාධ්‍යයෙන් ගණිත විෂයට පෙනි සිටි සිසුන්ට නිවරැදිව සකස් කරන ලද ගණිතය ප්‍රශ්න පත්‍රයක් ලැබි තිබුණත් දමිල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබි ඇත්තේ අඩුපාඩු සහිත,ප්‍රශ්නය නිසි පරිදි තේරැම් ගත නොහැකි ප්‍රශ්න පත්‍රයක් බවට…
මිහින්තලේ ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මේ මස 15 දින පැමිණෙන බැවින් එම අවස්ථාවේ ගොවීන් පිරිසක් සංවිධානය කර ඇති විරෝධතාව වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මිහින්තලේ පොලිස් ස්ථානාධිපති රංජිත් චන්ද්‍රසිරි මහතා අනුරාධපුර අධිකරණයෙන් කළ ඉල්ලීමක් අතිරේක මහේස්ත්‍රත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය ඊයේ තරයේ ප්‍රතික්ෂේප කළාය. මිහින්තලේ පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මිහින්තලේ ප්‍රදේශයට පැමිණිමට නියමිතව ඇති බවයි. ජනාධිපතිවරයා එලෙස පැමිණෙන අවස්ථාවේ ගොවීන් පිරිසක් මිහින්තලේදී විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය කර ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය එළෙස ජනාධිපතිවරයා පැමිණෙන අවස්ථාවේ විරෝධතාවයක් පැවැතිය හොත් ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව…
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (12) පෙරවරුවේ සිදු විය. රැදවියන් බන්ධනාගාරයෙන් නිදහස් වු පසු ඔවුන් සමාජයට වඩාත් ඵලදායී පුද්ගලයින් බවට පත් කිරීම අරමුණු කරමින් සියලු බන්ධනාගාර වල කර්මාන්ත ස්ථාපිත කිරීම ගිවිසුමේ අරමුණයි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපිටදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම යන මහත්වරු ගිවිසුමට අත්සන් කළහ. බන්ධනාගාරගත රැදවියන්ගේ දඩුවම් විදින කාලය වඩාත් අර්ථවත්ව ගත කිරීම, ඔවුන්ගේ බන්ධනාගාරගත කාලය සංවර්ධන කටයුතු සදහා යොදා ගැනීම,බන්ධනාගාරයෙන් නිදහස් වු පසුව තමන්ගේම කර්මාන්ත සිදු කරමින් කටයුතු කිරීම සදහා රැදවියන්ට අවස්ථාව…
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජන විලාසිතාවක් බවත් සෞඛ්‍ය වර්ජන විලාසිතාවක් බවට පත්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ඊයේ (12) පැවසීය. සෞඛ්‍ය අමාත්‍යංශය වසා දැමීම වඩාත් සුදුසු යැයි ජනාධිපතිවරයාගෙන් විමසන බව කී වෛද්‍ය බෙල්ලන මහතා සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් ඇතැයි කීවත් සාමාජිකයන් දෙන්නෙක්වත් නැති වෘත්තිය සමිතිත් ඇති බව ද සඳහන් කළේය. එම වෘත්තීය සමිතිවල වැඳගත් අය නොමැති බව කී ඒ මහතා වැඩවර්ජනය කර මුළු රෝහල් පද්ධතියම වට්ටනවා යැයි ඔවුන් චන්ඩි වගේ හැසිරෙන බව ද පැවසීය. එම වෘත්තිය සමිතිවල සිටින වෘත්තිකයන් රටට අවශ්‍ය නොමැති බවත් වෛද්‍ය, හෙද සහ කළමනාකරණ යන ක්ෂේත්‍ර රෝහලක් තුළ…
සියලුම පුද්ගලයන් පාවිච්චි කරන දුරකථන සිම්පත ලියාපදිංචි කිරීම යුතුකමක් බවත් තමන් පාවිච්චි කරන දුරකථන සිම්පත නිසිපරිදි ලියාපදිංචි කර ඇද්දැයි #132# යන සළකුණ යොදා පරීක්‍ෂා කළ හැකි බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාවේ අධ්‍යක්‍ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය පැවසුවාය. සිම්පතක් දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබේ නමින් සිම්පත් ලියාපදිංචි කර ඇද්දැයි එම සමාගම් සම්බන්ධ කරගෙන පරීක්‍ෂා කළ යුතු බවත් ඔබගේ ජාතික හැදුනුම්පත භාවිතා කර ඔබේ නමින් නොදුනුවත්ව සිම්පත් ලියාපදිංචි කර ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් ඇය පවසන්නීය. ව්‍යාජ සිම්පත් භාවිතා කරමින් සමාජ විරෝධි වැඩ කරන බව වාර්තා වී ඇති බව කී මේනකා පතිරණ මහත්මිය හැදුනුම්පත…