Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන්ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා නම් කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවැසේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන 7 වැනිදා නිවේදනය කෙරෙන බව ද ආරංචි මාර්ග සඳහන් කළේය. ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාකච්ඡා වට කිහිපයක් කොළඹ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාවලින් අනතුරුව අපේක්ෂකයා තෝරා ගැනෙනු ඇත. ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මීට පෙර ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද නොවැළැක්විය හැකි කරුණු කිහිපයක් හේතුවෙන් එය කල් ගියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පසුගිය කාලයේදී සිවු දෙනකු…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඒ් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද එම ප්‍රකාශකයා කීය මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙස විවිධ පාර්ශව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය
දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන්කිරීමේ වේලාව අද (1) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. මාර්ගගත දුම්රිය ආසන වෙන්කිරීමේ දෛනික ආරම්භක වේලාව රාත්‍රී 7.00 ලෙස පැවතුණු අතර එය අද සිට පෙරවරු 10.00 ට ආරම්භ කිරිමට තීරණය කර තිබුණි. එම පද්ධතියේ තාක්ෂණික දෝෂ හේතුවෙන් එය රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට තීරණය කළ බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී සිදුවු අනතුරකින් ඉන්දීය ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් ගමන්ගත් යාත්‍රාව පෙරළී මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරෙන් ධීවරයින් සිව්දෙනෙකු මුහුදට වැටී ඇති අතර ඉන් තිදෙනෙකු බේරාගෙන පුන්කුඩතිව් රෝහලට ඇතුළත් කිරීමේ දී එක් අයෙකු මියගොස් තිබේ. අනෙක් ධීවරයා සෙවීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව නාවික හමුදාව සඳහන් කළේය.
පොළොන්නරුව පොලිස් වසමේ සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබේ. එම පුද්ගලයාව රෝහල්ගත කළ බවට ලද තොරතුරක් අනුව පොළොන්නරුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක් වූ සේවාගම, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාලකරු වඳුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනිඅවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය පැටලී ගිනිඅවිය ක්‍රියාත්මක වී වෙඩිවැදීම සිදුව ඇති බවට බිරිඳ විසින් ප්‍රකාශයක් ලබාදී තිබේ. තුවාලකරු ව්‍යාපාරික ණය හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පසුවු බවට අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති ද යන්න සම්බන්ධයෙන් ද පොලීසිය සැකකරනු ලබයි. පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන…
රට බංකොලොත් කළ අපේක්ෂකයෙක් තනිවම ඉදිරිපත් කරන්න පොහොට්ටුව ගත්ත තීරණය රටට ඉතාම සුබ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එම අපේක්ෂකයාට ජනතාව මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකිය යුතු බවද රණවක මහතා කීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ මොහොතේ තවදුරටත් රාජපක්ෂ පවුලට ගැතිකම් කරමින් සිටිනවා දැයි දෙවරක් සිතා බැලිය යුතු බව ද රණවක මහතා සඳහන් කළේය. එක්සත් ජනරජ පෙරමුණේ පන්නිපිටිය ඇරැව්වල ජනහමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ගය කියයි. අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද බුද්ධි අංශ වාර්තාවක් මගින් දැනුම්දී ඇති බවත් එම ආරංචි මාර්ග කියයි. පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදීමත් ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත් අමත්‍යවරයාට පාතාල තර්ජනය එල්ලවීමට හේතුවී ඇතැයි එම ආරංචි මාර්ග කියයි. කොපමණ පාතාල තර්ජන පැමිණිය ද මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය නොනවත්වන බව ඉකුත් දා අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා තිබුණි.
පොහොට්ටුවේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ගත් මෙම තීරණය පාක්ෂිකයන් හා රට ගැන සිතා ගත් තීරණයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා මේ බව කීවේ “එක්ව ජයගමු” තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවට ඊ (31) දින සහභාගී වෙමිනි. බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී මෙය පැවැත්විණි.
මාරවිල පහල වලහපිටියේදී දෙපිරිසක් ඇතිවු ගැටුමක් අතරතුරදී එල්ලවු තියුණු කඩු පහරකින් ගැටුමට මැදිවු තරුණයකුගේ අතක් මැණික් කටුව අසළින් වෙන්වි ඇති බවත්, අතෙහි එම කොටසද ගැටුම වු ස්ථානයේ දමා තුවාලකරු පැන ගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි. කලක සිට පැවති පුද්ගලික ආරවුල දුරදිග යාමේන් පසු සැකකාර එක් තරුණයකු අනෙක් තරුණයාට කඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බව කියයි. මෙම ගැටුමෙන් කඩු පහරට ලක්වි අත මැණික් කටුව අසළින් වෙන්වි ඇත්තේ පහල වලහපිටිය ප්‍රදේයේ පදිංචි 23 හැවිරිදි තරුණයකුගේ බව කියයි පොලිසිය කියයි. මාරවිල රෝහලට ඇතුලත් කල අත කැපි ගිය තරුණයාගේ තත්වය බරපතල විමත් සමග ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව කියයි.…
පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය නොවැලැක්විය හේතුවක් හේතුවක් මත හෙට (2) නොපැවැත්වෙන බව පොලිස් මූලස්‌ථානය ජනතාවට දැනුම් දෙයි. පොලිස්පති මහජන සහන දිනය සතියේ සෑම සිකුරාදා දිනයකම මීට පෙර පැවැත්විණ. පොලිසියට අදාළ මහජනතාවගේ ගැටලු පිළිබඳව කරුණු විමසා බැලීම පොලිස්පති මහජන සහන දිනයෙන් සිදුකෙරිණ. පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පොලිස්පති මහජන සහන දිනය මෙසේ කල් ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
