Author: LANKA24X7

සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාව අද (07) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොරෝනා සමයේ පොළ බදු ලෙස අයකර තිබූ රුපියල් ලක්ෂ 24කට වැඩි මුදලකට අදාළ චෙක්පත නිකුත් කිරීමට අල්ලසක් ලබාගැනීමේදීය. අප වාර්තාකරු පැවසුවේ අදාළ ලේකම්වරයා රුපියල් 50,000ක අල්ලස් මුදල ලබාගන්නා විට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවය. සැකකරු අද හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරුද්ධ වූ හෙයින් උසස් පෙළ සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ දහ නම හැවිරිදි පෙරියකල්ලාරු ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක්. එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු සමඟ පවත්වාගෙන ප්‍රේම සම්බන්ධය නවත්වන ලෙසට දෙමව්පියන් මෙම සිසුවියට බැන වැදී තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇය ඒ සම්බන්ධව ලිපියක සටහන් කිරීමෙන් අනතුරුව සිය දිවි හානි කරගෙන ඇති බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

Read More

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන තුනක වංචා සිද්ධීන් තුනක් වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරනවා. බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අපෙක්ෂිකාවක් සිය ජංගම දුරකතනයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය ගුරුවරයකුට යවා whatsApp මාර්ගයෙන් පිලිතුරු ලබාගෙන ඇති බවට අනාවරණය වූ බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. හේනේගම මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ දී අපෙක්ෂකයන් දෙදෙනකු ජංගම දුරකතන භාවිතයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබා ගැනීමට යාමේදී නිරීක්ෂකවරයකු සිද්ධිය දැක තිබෙන බවට ද වාර්තා වී තිබෙනවා. එමෙන්ම සීදුව ද්විස්මර විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ දී අපේක්ෂකයන් පස් දෙනකු සමාජ මාධ්‍ය භාවිතයෙන් ගණිතය…

Read More

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් සංකීර්ණයේ පීසා අවන් හලක සේවකයෙකුට පහර දී ඇති බව පොලිසිය සඳහන් කරනවා. අදාළ පහර දීම සිදුව ඇත්තේ වන් ගෝල් ෆේස්හි 6 වන මහලේ බවයි වාර්තා වී ඇත්තේ. මෙහි ප්‍රධාන සූපවේදියා වැඩ නිම වී නිවසට යැමට පෙර තම හෙල්මටය එහි වූ මේසයක තබා තිබෙන අතර ඒ අවස්ථාවේ එතනට පැමිණි සුරාබදු නිලධාරීන් විසින් එම හෙල්මටය රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා. කෙසේ වෙතත් එම අවස්ථාවේ අදාළ ආයතනයේ ප්‍රධාන සූපවේදියා හා කළමනාකරු සමඟ සුරාබදු නිලධාරීන් විසින් බහින්බස්වීමක් ඇති කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහිදී සුරාබදු නිලධාරීන් විසින් ප්‍රධාන සූපවේදියාට හා ආයතනයේ කළමනාකරු පහර දී තිබෙනවා. පසුව…

Read More

අද දිවයිනේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බවත් ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) පමණ තද සුළං බලාපොරොත්තු වන ලෙසත් එම…

Read More

මහනුවර – ගලහ ප්‍රදේශයේ හෝටලයක ඇති වූ ගෑස් කාන්දුවක් නිසා ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්නෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. එම තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි. එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළේ, අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තබන බවය. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කරන…

Read More

යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකදී එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ කළ බව රුසියාව පවසයි. යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ සපොර්ෂියා කලාපවලදී යුක්‍රේන හමුදා එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරය ව්‍යර්ථ කරමින් රුසියාව ප්‍රතිප්‍රහාර එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍ය ඉගොර් කොනෂෙංකෝ පැවසුවේය. ඊට පෙරදිනයේදී ද රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන භටයින් 250 දෙනෙකු පමණ ඝාතනය කළ බව රුසියාව ප්‍රකාශ කර තිබුණි. යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ඇනා මාලියා පැවසුවේ, බක්මුත් නරගයේ නැගෙනහිර ප්‍රදේශයේ යුක්‍රේන ප්‍රහාර ආරම්භ කර ඇති බ‍වය. කෙසේවුව ද කාලයක් තිස්සේ යුක්‍රේනය විසින් ආරම්භ කිරීමට නියමිත මහා පරිමාණ ප්‍රතිප්‍රහාරය මේ දක්වා ආරම්භ කළේ ද…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තිබේ. ඊයේ (05) පස්වරුවේ පැවති එම මධ්‍යම කාරක සභාවේදී රජයේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. “රජයට එකතු වී සිටන මන්ත්‍රීවරුන් 9 දෙනෙක් සිටිනවා අපේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ නිසා රජයට එකතු වී සිටින අය සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගත්තා මොන විදියට ද අපි කටයුතු කළ යුත්තේ කියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි බොහෝම කාර්යක්ෂමව වේගවත්ව ඉදිරියට යනවා. මේ කාල සීමාව තුළ අපි දකින්දේ මේ යුගයට ගැලපෙන ප්‍රධාන දේශපාලන පක්ෂ්‍ය ශ්‍රී ලංකා…

Read More

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී භූකම්පනයක් සිදුව තිබේ. රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය. රික්ටර් මාපක 2ක පමණ සුළු භූකම්පනයක් මෙලෙස සිදුව ඇති අතර එය කම්පන මාපකවල සටහන්ව ඇති බව ද එම කාර්යාංශය සඳහන් කළේය. මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබේ. මෙහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය පැවසීය.

Read More