Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. අත්අඩංගුවට පත්වූ පුද්ගලයා මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකුව සිටි ‘අංගොඩ ලොක්කා’ගේ ප්‍රධාන ගෝලයෙකු බව වාර්තා වේ. අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ගුවන් තොටුපළේ මෑතක දී සවිකරන ලද ස්වයංක්‍රීය හඳුනාගැනීමේ යන්ත්‍රය මඟින් මෙම සැකකරුව හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය. සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ‘චිටී’ නැමති අනුවර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ. මොහු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් මෙරටට රැගෙන ඒම සහ ජාවාරම් කිරීමට අදාළව මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව…
ඉතාලියේ සිට මෙරටට ගෙන්වන රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය සමග මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. එහිදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 238, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක්, මුදලින් රුපියල් 100,000ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පොලිස් බාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට සහ බස්නාහිර පළාත් බුද්ධි අංශයට සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු නුගේගොඩ විජේරාම හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම මත්ද්‍රව්‍ය ඉතාලියේ සිට මෙරටට ගෙන්වා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මෘදුකාංග ඉංජිනේරු උපාධිය ලැබූවකු බවත් ඔස්ට්‍රේලියාවේ…
කළුතර – වරකාගොඩ, පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනකු හදිසියේ ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම පිරිස නීතිවිරෝධී මත්පැන් පානය කර ඇති බවත් ඉන් පසුව රෝගාතුරවී එලෙස මියගොස් ඇති බවත් ය. එලෙස මියගොස් ඇත්තේ කරන්නාගොඩ හා ඒ අවට පදිංචිවය සිටි වයස අවුරුදු 68ත් 43ත් අතර පසුවන්නන් බව වාර්තා විය. මෙම තිදෙනාම පෙරේදා (27) රාත්‍රියේ නිතිවිරෝධී මත්පැන් පානය කර ඇති බවට ඔවුන්ගේ ඥාතීන් පවසයි. ඉන් එක් පුද්ගලයෙක් ඊයේ උදෑසන නිවසේදීම මියගොස් ඇති අතර තවත් අයෙක් රෝගාතුරු වීමත් සමග පෞද්ගලික ස්ථානයකින් ඖෂධ ලබාගෙන තිබුණි. නමුත් ඔහු නැවතත් රෝගී වීම හේතුවෙන් රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් තිබේ. අනෙක් පුද්ගලයා…
වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. ඉන් පසුව කම්කරුවා යන නාමය ඉවත් වී ගරුත්වයෙන් යුතු රැකියාවක් ඔවුන්ට හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. පිටකෝට්ටෙි සිරිකොත සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය. සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සහ ජාතික නායකයන් ඇතුළු බොහෝ පිරිසක් ලබන මැයි මාසයෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වන බව ද අමාත්‍යවරයා මෙහිදී කීය. සමගි ජන බලවෙිගය නියෝජනය කරන සමහරු මන්ත්‍රීවරුන් තමන්ගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තිබෙන විචිකිච්චාව නිසා සෘජුව එජාපයට එකතු…
වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලැබ ඇති වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ඉවත් කිරීම අවශ්‍ය බවට භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් එළැඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සූදානම් වන නිර්දේශය රජය පිළිගැනීමට සූදානම් නම් එලෙස ලබන වසර මුලදී එම තහනම ඉවත් කෙරෙනු ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය. මෝටර් රථ ආනයන තහනම ඉවත් කරන්නේද නැද්ද යන අවසන් තීරණය ගැනීම සඳහා එම කමිටුවේ නිර්දේශය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම…
පොළොන්නරුව උණගලාවෙහෙර නිවසක කාමරයක් තුළ අඩි විස්සක් පමණ ගැඹුරට වළක් හාරා නිදන් වස්තු සෙවීම සඳහා කැණීම් කරමින් සිටි දෙදෙනකු, කැනීම් කිරිමට, යොදාගත් ස්කෑන් යන්ත්‍රයක් සහ තවත් උපකරණ තොගයක් සමග, ඊයේ පෙරවරුවේදි සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්, පොළොන්නරුව උණගලාවෙහෙර සහ කොළඹ, ඕලන්දගම හැඳලවත්තල ප්‍රදේශයේ පදිංචි,වයස අවුරුදු 23 සහ 32 වයසේ දෙදෙනකු බව අරලගංවිල විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, පොලිස් පරීක්ෂක, ආර්.එම්.පී ජයකැලුම් මහතා සඳහන් කළේය. ඕලන්දකම හැඳලවත්තල පදිංචි සැකකරු කරණවෑණියෙකු වන අතර අනෙත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ අයකු බවද ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් ඉහළ අහසේ සිට ඇමෙරිකාවට නායකත්වය ලබා දීමට එරට ජනාධිපතිවරයාට හැකියාව ලබා දෙන නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් ඉදිකිරීමට ඇමෙරිකා ඩොලර් කෝටි 1300 ක කොන්ත්‍රාත්තුවක් සියේරා නෙවාඩා සමාගමට ලබා දීමට කටයුතු කළ බව එරට ගුවන් හමුදාව ප්‍රකාශ කළේය. කොලොරාඩෝ ප්‍රාන්තයේ සියේරා නෙවාඩා සමාගමට අයත් කර්මාන්ත ශාලාවේදී මෙම ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනු ඇති බවත් 2036 වසරේදී මෙම ගුවන් යානය නිපදවා අවසන් වනු ඇති බවත් ඇමෙරිකානු ගුවන් හමුදාව පැවැසුවේය. දැන් තිබෙන ඩූම්ස් ඩේ ගුවන් යානය 1970 වසරේදී නිපදවූ වූ එකක් වීම හේතුවෙන් එහි ආයු කාලය අවසන් වෙමින් පවතින බැවින් නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් නිපදවීම සඳහා කොන්ත්‍රාත්තුව සියේරා නෙවාඩා…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (29) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, සබරගමුව, නැගෙනහිර, සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇත. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
නොච්චියාගම, මානෙල් වැවේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (27) උදෑසන කාලයේදී එම තරුණයා මානෙල් වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී මෙලෙස එහි ගිලී ඇති බව පොලීසිය පවසයි. එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, හල්මිල්ලෑව, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
තමා දකුණු කොරියාවේ පදිංචියට හෝ වෙනත් රටක පදිංචියට නොයන බවත් දේශපාලන ප්‍රතිවාදින් විසින් මෙවැනි ප්‍රකාශ ගෙන යන බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. “මා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශයන් විවිධ ජනමාධ්‍යන් හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙන බව මේ දින වල පෙනී යයි. දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට මාහට අවශ්‍යතාවයක් නොමැත. දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙන යන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර මා විසින් තරයේ ප්‍රතික්ෂේප කරමි. මා වෙත අධිකරනයේ වාරන නියෝගයක් තිබෙන බැවින්, පක්‍ෂයේ බලයලත් නිලධාරීන් විසින් ගම්පහ නඟර සභා භූමියේදී ලෝක කම්කරු දිනය සාර්‍ථකව පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විටත් සංවිධානය කර…