Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කදවූ අවස්ථාවේ එම අනතුර සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ බැදුම්කර දෙකක් මත මුදාහරිමින් යළි අධිකරණයෙන් සිතාසියක් ලැබුණොත් පමණක් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්. පීටර් ෆෝල් මහතා ධාවකයන් දෙදෙනාට ඊයේ (30) නියම කළේය. ෆොක්ස්හිල් මෝටර් රථ තරගයට ඉදිරිපත් වී තරග අංක 5 යටතේ තරග කළ මාතර මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36), සහ තරග අංක 196 යටතේ තරග කළ පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.ඩිලාන් සංජීව (47) යන මෝටර් රථ තරග කරුවන් දෙදෙනාට මෙසේ නියෝග කෙරිණ. ශ්‍රී ලංකා මෝටර් රථ…
කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයකදී කළ ප්‍රකාශ සහමුලින්ම ප්‍රලාපයක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති. ‘පාස්කු දින’ ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමේදී මානව හිමිකම් කඩකළ සහ ‘පාස්කු දින’ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉෂ්ට නොකළ පක්‍ෂවලට ඡන්දය නොදෙන ලෙස පමණක් ප්‍රකාශ කළ බවත් ‘පාස්කු දින’ ප්‍රහාරයේ සත්‍ය පිළිබඳව විමර්ශන කරන්නේ යැයි සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය පමණක් මේ දක්වා වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් එම නිවේදනයෙන් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කරති. වෙනත් දේශපාලන පක්‍ෂ ද එවැනි වැඩ…
ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත. මීට අමතරව ලංකා භූමිතෙල් රුපියල් තිහකින්ද අඩුකර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. තවද අමතරව ලංකා පෙට්‍රල්ඔක්ටේන් 95 රුපියල් විස්සකින්ද ලංකා සුපිරි ඩීසල් රුපියල් 9කින්ද අඩුකර ඇත.
විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. උමා ඔය ව්‍යාපෘතියෙන් ලැබෙන මෙගාවොට් 120 ක ලාභයෙන් සහන දිය හැකි බවද ඔහු සඳහන් කළේය.. රටට වෙන වාසි වැළැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් වැරදි මත පතුරවමින් සිටින බවත් උමා ඔය විවෘත කිරීමෙන් නායයෑම් ඇතිවන බව පැවසීමද ඉන් එකක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. උමා ඔය නිසා නාය යන බවට මෙතෙක් කිසිදු තහවුරුවීමක්වී නැතැයිද අනුරුද්ධ මහතා පැවසීය.
රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. දැනට රටවල් හතකට නොමිලේ වීසා ලබාදෙන බවද ඇය කීවාය. සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත. විදේශීය සංචාරකයන් ලක්ෂ හතකට වැඩි පිරිසක් පසුගිය මාස හතරේදී මෙරටට පැමිණ ඇත.
රත්නපුර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ඊයේ (30) ප්‍රකාශ සටහන් කර ගත්තේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණාද යන කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී තමාගෙන් විමසූ බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය. බදු හොරු, බැංකු පොලුකාරයො, අත්‍යවශ්‍ය ආහාර වලින් ගසා කාපු හොරු ගැන හොයන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමාට කතා කලැයි සිතුවත් එහිදී තමාගෙන් ඇසුවේ වෙනත් දෙයක් බවද මන්ත්‍රීවරයා කීය. රත්නපුර ප්‍රදේශයේ රැස්වීමකදී චම්පික රණවක මහතා විසින් කරන ලදැයි ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාඨලී චම්පික රණවක මහතා අපරාධ…
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල් තැබුණි. ඒ් ගම්පහ මහාධිකරණයේ දී අද (30) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය. අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය තිබූ අතර එය මෙලෙස කල් තැබුණි. ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වූයේ 2013 වසරේ අගෝස්තු 01 වනදාය. එහිදී විරෝධතාකරුවන් විසුරුවා…
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නම් කෙරුණු ජාත්‍යන්තර කම්කරු දිනය හෙටයි. ඒ වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන මැයි දින සැමරුම් සහ පෙළපාළි රැසක් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංවිධාන කර තිබේ. කොළඹ නගරයේ පමණක් පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාළි ගණන 14කි. හෙටට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රට පුරා පවත්වන මැයි දින රැළි හා පෙළපාළි ගණන 40කි. ඉන් 14ක්ම පැවැත්වෙන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමිනි. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් කොළඹ නගරයේදී සිය මැයි දින රැළි,…
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.
ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමක් කරන ලෙස දැනුම් දී ඇත. එසේ නොමැති නම් http://ec.lk/vrd යන වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කළ හැකිය.