Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා තිබේ. නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල පරිශ්‍රයේ පළමු වහලේ පිහිටි ශ්‍රවනාගාරයේදී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සිය ස්ථාවරය අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරීම සදහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම ක්‍රියාකාරී පාක්ෂික පිරිස කැඳවා ඔවුන් හමුවේ සිය ස්ථාවරය ප්‍රකාශකර ඇත. ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙමු යැයි යෝජනා කර තිබේ. එහිදී අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක…
පයාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පිරිසක් විසින් යතුරුපැදියක් නොනැවත්වූ බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය 07 වනදා අදාළ සිසුවා, පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳසැලකට ගොස් ඇති අතර මිතුරා හෙල්මට් පැළඳ සිට නොමැති බව පොලීසිය පැවසුවේය. එහිදී පයාගල පොලිසියේ රථවාහන අංශයේ ජංගම නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් යතුරුපැදිය නවත්වා බැන වැදී තිබේ. එම අවස්ථාවේ දී පාසල් සිසුවා යතුරුපැදිය යළි පණගන්වා අසල පිහිටි ඥාතී නිවසක් වෙත යතුරුපැදිය ධාවනය කර ඇති බව සඳහන්ය. පොලිස් නිලධාරින් ඔවුන් ලුහුබැඳ ගොස් යතුරුපැදියේ පසුපස සිටි සිසුවාට කනට පහරක්…
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 51ක් වාර්තා වූ බවයි. තවද ජූලි 31 වැනිදා සිට ඊයේ (10) දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 320ක් වාර්තා වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
චීන සමාගමක් මගින් දැනට ක්‍රියාත්මක කෙරෙන මොරගහකන්ද ජලාශයේ සිට ජලය රැගෙන යාමට යෝජිතව, උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කෙරෙන යන්ත්‍ර උපකරණ සඳහා භාවිතයට යොදා ගනු ලබන, රුපියල් ලක්ෂ 16 ආසන්න මුදල් වටිනාකමකින් යුත් ග්‍රීස් බැරල් හතරක් සොරාගෙන අලෙවියට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි මොරගොඩ පොලිස් ස්ථානයේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මොරගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් ජයසුන්දර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මීගස්වැව ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ ලංකාවෙහි ප්‍රධාන පෙළේ ඔයිල් සමාගමකට අයත් ලොරි රථයක් පරීක්ෂාවට ලක් කර සැකපිට සැකකරුවන් හතරක් අත් අඩංගුවට ගෙන…
මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා නම් තමන් පෞද්ගලිකව සතුටු බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පවසයි. මෙවර ජනාධිපතිවරණයේදි පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරිමට නොහැකි බව ද මන්ත්‍රිවරයා සදහන් කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අභියෝගය භාර අරගෙන තමන්ගේම ආර්ථික දර්ශනයක් අනුව මේ රටට ඉදිරියට රැගෙන ගියා. හරි හෝ වැරැදි හෝ දැනට රට ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සහ දේශපාලන මත මේ කෝච්චිය දුවන්නේ මේ පීල්ලේ මේ පීල්ල මාරු කළොත් කෝච්චිය පෙරලෙනවා. සජිත් ඇවිල්ල මාරු කළත් එහෙමයි අනුර ඇවිත් මාරු කළත් එහෙමයි. මේ රට බිහිසුණු තැනකට වැටෙනවාට මම පුද්ගලිකව කැමැති නැහැ. ඒක නිසා මම කැමැතියි රනිල් වික්‍රමසිංහ මහතා දිනනවාට.පොහොට්ටුවට…
බෙලිඅත්ත කුඩාහීල්ල ජය මාවතේ විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට අයත් මෝටර් රථයක් අද අළුයම් කාලයේදී ගිනිගෙන විනාශව තිබූ බව බෙලිඅත්ත පොලීසිය පවසයි. නිවසේ ගරාජය තුළ නවතා තිබූ මෝටර් රථය අද අලුයම දෙකට පමණ ගිනි ගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.ගින්නෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ. බොහෝ විට මෝටර් රථයට කිසියම් අයකු ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත.
ඉදිරි දින කිපයේදී සවස් කලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු,උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි ඇති වේ.
මඩාටුගම පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ කිතුලිහිටියාව පහළ බුලාගල ප්‍රදේශයේදි ත්‍රී රෝද රථයක් හා කැබ් රථයක් අද (10) දින එකිනෙක ගැටිමෙන් ත්‍රී රෝද රථයේ රියදුරා මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබු බව මඩාටුගම පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ උඩුගම කොලණිය , කිතුල්හිටියාව පදිංචිව සිටි වඩුගෙදර අමිත් කුමාර ජයසිංහ (29) හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකි. දඹුල්ල දෙස සිට කැකිරාව දෙසට ගමන් ගත් ත්‍රිරොද රථය කැකිරාව දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වු කැබ් රථයේ බුලාගල ප්‍රදේශයේදි ගැටිමෙන් මෙම අනතුර සිදු වි ඇති බව පොලිසිය කියයි. මෙම අනතුරින් ත්‍රිරොද රථයේ රියදුරු හා පසුපස ගමන් ගත් අය බරපතල තුවාල ලබා දඹුල්ල මුලික…
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ පැරණි පොළ අසල කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක් තිබී සොයාගෙන ඇත. මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු වයස අවුරුදු 45ත් 50ත් අතර වූ පිරිමි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.
මාලිමාවේ රජයක් තුල පක්ෂ මාරු කිරීම තහනම් බවට නීතියක් පනවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (09) දින මාලබේ දී පැවසීය ඕනෑම අයෙකුට පක්ෂ මාරු කිරීමට හැකියාව ඇතත් එක් පක්ෂයක සිට ජනතා ඡන්දයෙන් පැමිණ පක්ෂ මාරු කිරීම කල නොහැකි බවත් පක්ෂයක් මාරු කිරීමට අවශ්‍ය නම් වෙනත් පක්ෂයකින් නැවත ජනතා ඡන්දයෙන් පැමිණිය හැකි බවත් ඇය පැවසුවාය මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඉවත් කිරීමට අධිකරණයට යාමට සිදු වූ බවත් එම තීරණය ලැබෙනතෙක් ඔවුන් ජනතා මුදල් විනාශ කිරීම සම්බන්ධයෙන් වගකීම ගැනීමට කිසිවෙකු නොමැති බවද ඇය වැඩි දුරටත් පැවසුවාය
