Author: LANKA24X7

රුපියල් 454,200ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත්තේ යැයි බන්ධනාගාරගත කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයාගේ මූහුණ තවත් රැඳවියෙකු විසින් බ්ලෙඩ් තලයකින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස බොරැල්ල පොලිසියට දන්වා සිටියේය. සැකකාර ලසන්ත ධර්මරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත හෙට්ටිආරච්චි මහතා ඉදිරිපත් කළ මෝෂමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන සැකකරුගේ මුහුණ පසුගිය 10 දින පාතාල නායකයෙකුගේ ගෝලයෙකු විසින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් මෙම ඉල්ලීම් ඉදිරිපත් කළේය. සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනයක් කඩිනමින් අවසන් කරන ලෙස අල්ලසූ දූෂණ විමර්ශන කොමිසමට…

Read More

පොලිසිය අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිරාවරණය කරමින් විමර්ශන සිදු නොකරන ලෙස පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා විසින් නව චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබේ. පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලට අදාල තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ආකාරය විවිධ අවස්ථාවලදී පොලිස්පති චක්‍රලේඛ මගින් නිලධාරීන්ට උපදෙස් ලබා ඇති බවද සඳහන්වේ. මෙම තත්ත්වය තවදුරටත් පාලනය කර ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දැනුවත් කර මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇති බවද පැවසේ.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඉන්දීය රාජ්‍ය මන්දිරයේදී ඊයේ සිදුවිය. ඉන්දීය රජය විසින් අනුග්‍රාහකත්වය දක්වනු ලබන 2 වන බිම්ස්ටෙක් (BIMSTEC) විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා තාරක බාලසූරිය මහතා නව දිල්ලියට ගොස් සිටී.

Read More

ලොව ප්‍රථම මිස්. ඒඅයි කිරුළ දිනා ගැනීමට මොරොක්කෝවේ සමාජ මාධ්‍ය චරිතයක්වන කෙන්සා ලේලි සමත් වූවාය. කෙන්සා ලේලි යනු සම්පුර්ණයෙන්ම කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ චරිතයක් වන අතර ඇයගේ කතා කරන අකාරය, ඡායාරූප සියල්ල කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වී ඇත. මිස්. ඒඅයි කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව සිදුකළ ස්තුති කතාවද කෙන්සා කෘතිම බුද්ධිය ආධාරයෙන් සිදු කළාය. කිරුළ සමඟ ඇයට ඇමෙරිකානු ඩොලර් 5000 ක ත්‍යාගයක්ද හිමිවූ අතර ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම සංවිධායකයන්ගේ වෙබ් අඩවියේ පළ කිරීමටද අවස්ථාව ලැබුණාය. කෙන්සා ලේලිට ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුළ අනුගාමිකයන් 200,000 සිටින අතර ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ අනුගාමිකයන් 45,000 සිටී. කෘතිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් නිර්මාණ සිදු කරන…

Read More

කෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පී පියුමී හංසමාලි විසින් ගොනුකුල පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 15 වැනි දින කැඳවන ලෙසට අභියාචනාධිකරණ දින නියම කර ඇත. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා,රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා,නීති විරෝධී වත්කම් විමසන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හා ස්ථානාධිපතිවරයා පැමිණිලිකාර සංජීව මහවත්ත ඇතුළු පිරිසක් නම්කර ඇත. නීතිඥ සංජීව ඇන්තනී මහතා මගින් පවරා ඇති මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශන වළක්වමින් මැන්ඩා මුස්රීට් ආඥාවක් වග උත්තරකරුවන්ට එරෙහිව නිකුත්…

Read More

අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. ජනාධිපතිවරයා මේ බව කීවෙි ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කර 1000ක පමණ වපසරියක් සහිත බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඉයේ (12) පැවති උත්සවයට සහභාගී වෙමිනි . බිංගිරිය ආයෝජන කලාපය සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසුව ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක් ලබාගත හැකි බවට…

Read More

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ. කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

Read More

‘කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය. තවමත් ලොව පුරා එක් සතියකට ‘කොව්ඩ්19’ ආසාදනය වීමෙන් 1,700 ක පිරිසක් මියයන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේය. රටවල් බොහොමයක ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ අඩු ප්‍රවණතාවක් දකින්න ලැබෙන බවත්, දිගටම වයිරසය අඩපණ කිරීමට නම්, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අවශ්‍ය බවත් ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස්, මාධ්‍ය හමුවේ දී ලෝ වැසියන්ගෙන් ඉල්ලා සිටියේය. ‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට නිපදවූ ප්‍රධාන පෙළේ ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් වන්නේ ‘ෆයිසර්’ සහ ‘ඇස්ට්‍රාසෙනකා’ යන එන්නත්ය.…

Read More

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ පළමුව අධ්‍යාපනය බැවින් ඒ සඳහා දිය හැකි ඉහළම ආයෝජන ලබා දී පෞද්ගලික අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනයත් අතර ඇති ⁣වෙනස නැති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. දැනුම කේන්ද්‍රීය ගමනක් හා ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් ඒ සඳහා පන්ති කාමරයට පමණක් වෙන් වූ අධ්‍යාපනයට වඩා ලෝකයට විවෘත වූ අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. සුහුරු රටක් ගොඩනැගීමට නම් සුහුරු ප්‍රතිපත්තියක් තිබිය යුතු වුවත් ආණ්ඩුවට ඇත්තේ යල්පැනගිය ක්‍රමවේදයන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 305 වැනි අදියර යටතේ කැස්බෑව මඩපාත බටුවන්දර කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර…

Read More

මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත අධිවේගී මාර්ගයේ සේවය කරමින් මුදල් අක්‍රමිතාවලට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වූ තවත් මුදල් අයකැමිවරුන් දස දෙනකු පමණ තවමත් එම ස්ථානවලම සේවය කරන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 2020 / 2023 වසර වල පින්නදුව, කඩවත, ඡා ඇල හා කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානවල එම මුදල් අයකැමීවරුන් සේවය කරමින් සිටියදී මෙම විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධ බවට විමර්ශනවලදී පැහැදිලි සාධක සමඟ අනාවරණය වී තිබුණත් එවකට සිටි බලධාරීන් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන නොතිබිණි. නමුත් අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ මුදල් වංචාවේ යෙදුණු අය කැමීවරුන් 22 කුගේ වැඩ තහනම් කිරීමට කෝප් කමිටුවේ නිර්දේශත් සමඟ වර්තමාන බලධාරීන් දින කීපයක් තුළදී කටයුතු කර…

Read More