Author: LANKA24X7

ලබන වසරේ ජනවාරි මාසයේ දී ජනතාව වෙත සුවිශේෂි විදුලි ගාස්තු සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. “රටේ අමාරුකම් මම පිළිගන්නවා. විදුලිබිල වැඩියි. ඉන්ධන මිල වැඩියි. මම කියනවා ජනවාරි 1 වනදා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනාව දෙන්න. දැන් ජූලි මාසයේ සංශෝධනයෙන් යම් ප්‍රමාණයක් අඩුවෙනවා. අවම මට්ටමේ විදුලිය භාවිතා කරන ඒකක 0 – 30, 30 – 60, 60 – 90 ඒ පිරිසට 27%කින් විදුලිබිල අඩුකරන්න අපි යෝජනා කරලා තියෙන්නේ. ජනවාරි මාසයේ දී මේ යන වැඩපිළිවෙල ගෙනියලා මීට වඩා දැනෙන සහනයක් විදුලිබිල වෙනුවෙන් ලබාදෙන්න කටයුතු කරනවා.” මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ…

Read More

ඉන්දීය නාවික හමුදාවේ නවතම දේශීය කල්වාරි පන්තියේ සබ්මැරීනය වන ‘වාගීර්’ නම් ඉන්දීය නාවික සබ්මැරීනය අද (ජූනි 19) සිට 22 දක්වා කොළඹ මෙහෙයුම් සංචාරයක නිරත වෙනවා. ‘ගෝලීය සාගර වළල්ල’ යන තේමාව යටතේ 9වන ජාත්‍යන්තර යෝගා දිනය (IDY) සැමරීම සඳහා මෙම සංචාරය සිදු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයේ අණ දෙන නිලධාරී, කමාන්ඩර් දිවාකර්. එස්, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා හමුවනු ඇතැයි අපේක්ෂා කරනවා. තවද, සබ්මැරීනයේ සංචාරය අතරතුර, නරඹන්නන් සහ පාසල් සිසුන් සඳහා යාත්‍රාව විවෘත වෙනවා. ඉන්දීය නාවික හමුදාවේ නෞකා සහ සබ්මැරීන ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ වන්නේ ‘අසල්වැසිකම ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තිය සහ…

Read More

ගාල්ල කොළඹ මාර්ගයේ වැරැල්ලාන ඉන්ධන හල ආසන්නයේදී ඊයේ (18) මෝටර් රථයක් අනතුරට ලක් වී මෝටර් රථයේ රියැදුරු මිය ගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදු වී තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයේ රියැදුරුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෝටර් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන රැහැන් කණුවක ගැටීමෙන්. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි මැටිවල, තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගේ බිරිය සහ දරුවන් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Read More

ප්‍රමාණවත් පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් පවතින බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පවසනවා. ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඔක්ටේන් 95 පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 570ක් මිලදී ගත් බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ඔක්ටේන් 95 පෙට්‍රල් හිඟයක් පවතින බවට මීට පෙර කරුණු වාර්තාවුණා. දින කිහිපයක සිට මෙම හිඟය පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග නිසි පරිදි පවත්වා නොගැනීම එම හිඟයට හේතුවී ඇති බවටයි වාර්තා වූයේ. කෙසේ වෙතත් මේ වනවිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් පවතින බවයි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ප්‍රකාශකයා වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මේ අතර ඉන්ධන මිල සංශෝධනය කරන දිනයද…

Read More

ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා. අදාල බස් රථ ධාවනය කරවීමට පෙර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් බස් රථයේ රියදුරු විසින් එම ප්‍රවේශපත් නිකුත් කරන බවත් එම නිලධාරියා කීය. ලොව දියුණු රටවල් වන එංගලන්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළා.

Read More

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක චමින්ද වාස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට අයදුම් කර තිබෙනවා. එම තනතුරට අදාළ කෙටි ලැයිස්තුගත කිරීමට ද ඔහු ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක චමින්ද වාස් මේ බව තහවුරු කළා. ශ්‍රී ලංකාවේ ජාතික වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස් කලක් බංග්ලාදේශ කණ්ඩායමට ද පුහුණුකරුවකු ලෙස සිය දායකත්වය ලබා දී තිබෙනවා.

Read More

බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයකු 17 වන දින හදිසියේ ඇද වැටී මිය ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව අබේරත්න මාවත පදිංචි වයස අවුරුදු (49) ක්ද වන පෞද්ගලික බැංකුවක විධායක නිලධාරියකු බවට හදුනා ගත් බව ද පොලීසිය කියයි. මෙම මරණය පාපැදි පදින අතර ඇතිවූ හදිසි හෘදයාබාධයක් විය හැකි බවට පොලීසිය සැකකරයි.

Read More

වෙළඳපොලේ තිරිඟු පිටි මිල රුපියල් 40 කින් ඉහළ ගොස් ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ තිරිඟු පිටි ආනයනය තහනම් කර ඇති මොහොතක ඩොලරයේ මිල උච්ඡාවචනය මත පිටි මිල එලෙස ඉහළ දැමිය නොහැකි බවයි. මේ අතර, ආපනශාලා හිමියන් චෝදනා කරන්නේ බොහෝ බේකරි හිමියන් අධික මිල ගණන් වලට තවමත් බේකරි නිෂ්පාදන ආපනශාලාවලට ලබාදීම නිසා මිල අඩු කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

Read More

මුරුක්කන් පොලිස් වසමේ අච්චාන්කුලම් ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් අතරතුර තුවාල ලැබූ පුද්ගලයෙකු නානාට්ටාන් රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා. එම රෝහලේ වෛද්‍ය නිලධාරිණිය විසින් ඊයේ (17) මුරුක්කන් පොලිස් ස්ථානයට කරන ලද දැනුම්දීමකට අනුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මියගිය තැනැත්තා වයස අවුරුදු 25ක් වන අච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එම ප්‍රදේශයේ තරුණයෙකු හා තරුණියක් අතර තිබූ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණියගේ පියා ඇතුලු පිරිසක් විසින් එම තරුණයාට හා ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහර දී ඇති අතර එහිදී පහර කෑ වැඩිමහල් සහෝදරයා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය තරුණයා මේ වන විට රෝහලේ ප්‍රතිකාර…

Read More

තමන්ව හා තම පවුලේ පිරිස් අබෞද්ධයින් ලෙසට හංවඩු ගසමින් ඇතැම් කණ්ඩායම් මඩ ප්‍රචාර දියත් කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති ජන හමුවකදී.

Read More