Author: LANKA24X7

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුපියල් මිලියන 100 බැඳුම්කරයක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(25) නියෝග කළාය.

Read More

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක නිරත වූ විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනකුගෙන් සැදුම්ලත් කල්ලියක් රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා විවිධ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බවත් නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. මත් මුද්දර, මත්කරල්, කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් හා සියුම් කිරුම් මිනුම් සඳහා භාවිතා කරන කුඩා තරාදි දෙකක් සමග පෞද්ගලික විශ්ව විද්‍යාලය සිසුන් පස්දෙනකු මෙලෙස ඊයේ(24) අත්අඩංගුවට ගෙන ඇත. විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ඉලක්ක කර ගනිමින් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නියැලෙන පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් සිටින බවට ලද රහසිගත තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මාලඹේ පිහිටි පෞද්ගලික…

Read More

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ. මේ හේතුවෙන් නිවාස භාර ගන්නා පාර්ලිමේන්තු නිලධාරීහු අපහසුතාවයට පත්ව සිටිති. මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ දැනට නිවාස භාරදී අවසන්ව ඇත තව බාර දීමට ඇත්තේ මන්ත්‍රීවරුන් විසිදෙනෙකුගේ නිවාස පමණක් බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. වහාම එම නිවාස භාරදෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ඒ මන්ත්‍රීවරුන්ට යළි සිහිකැඳවීමක් කර ඇත. නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස භාරදීම ලබන 3 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. නවක මන්ත්‍රීවරු හතළිස් දෙනකු පමණ නිවාස ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.

Read More

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහැකි තත්වයකට පත්ව ඇතැයි ගොවියෝ සහ කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති. උඩරට එළවළු වර්ග රට පුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යෂ්ථානයට එළවළු තොග මිලදී ගැනීම සදහා දෛනිකව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙළෙදුන් පැමිණේ. පැවති වර්ෂා සහිත කාලගුණ තත්වය හේතුවෙන් හා අර්තාපල් වගාව සදහා විශාල වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන් අර්තාපල් වගා නොකර එළවළු වර්ග වගා කිරීමට ගොවින් පෙළඹීමත් හේතුවෙන් මෙලෙස එළවළු තොග විශාල වශයෙන් කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බව වෙලෙදුන් පවසයි. මේ…

Read More

ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ) මුදලකට අලෙවි වී තිබේ. මෙය ලොව වැඩිම මුදලකට අලෙවි වූ කෙසෙල් ලෙසද සැලකේ. පසුගියදා පැවැති සදබි වෙන්දේසියට කෙසෙල් ගෙඩියක් රිදී පැහැති ඩක් ටේප් එකකින් බිත්තියට අලවා ඉදිරිපත් කර ඇත. එම කෙසෙල් ගෙඩිය උපහාසාත්මක කලා නිර්මාණ කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මොරිෂියෝ කැට්ලන්ගේ “කමීඩියන්” නැමැති කලා නිර්මාණය බවට වෙන්දේසිකරුවන් ලංසුකරුවන්ට හඳුන්වා දී ඇත. එහිදී චීන ක්‍රිප්ටො කරන්සි ව්‍යවසායකයකු වන ජස්ටින් සන් විසින් මෙම නිර්මාණය අනෙකුත් ලංසු තබන්නන් පරදවමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 කට මිලදී ගෙන තිබිණි.…

Read More

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නිසි ක්‍රමවේදය සහ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය. ලැයිස්තුවේ සිටින සියලු දෙනා ගුණාත්මකභාවයෙන් ඉතා ඉහළ අය බවත් මේ සියලු දෙනාටම රට ගොඩගැනීමේ ලොකු වගකීමක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කොළඹ දී අද (24) පැවසීය. ලැයිස්තුවේ ඉතා පරිණත කොට්ඨාසයක් සිටින බවත් තමාගේ හිතේ ඇත්තේ කඩාවැටුණු ගරාවැටුණු රට සහ ලක්ෂ 220ක් ජනතාව ගොඩගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නවක මන්ත්‍රිවරුන්ගේ…

Read More

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය. හිටපු අමාත්‍යවරු මෙවැනි ආකාරයට කටයුතු කිරීම නිසා රාජ්‍ය ආයතන විනාශ වූ බවත් තමන්ට ලැබුණු පළමු දුරකථන ඇමතුම හිඟ බිල ගෙවන ලෙස දුරකථන සමාගමෙන් බවත් ඒ මහතා කීය. ඒ මහතා දුරකථන ඇමතුම අමාත්‍යවරයා මෙසේ විස්තර කළේය. “මගේ අමාත්‍යංශයට මම ගියාම ඇමතිවරයා දෙන ටෙලිෆෝන් එකක් තියෙනවා. මම ගිහිල්ලා හවස හතරාමාරට විතර කෝල් එකක් ආවා. මම හිතුවා එක්කො මට සුබ පතන්න කවුරු හරි වෙන්න ඇති නේද කියලා බොහෝ ආසාවෙන් ගත්තා.…

Read More

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. අනෙකුත් රජයේ මන්ත්‍රීවරුන්ටද ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සුඛෝපබෝගී නොවන වාහනයක් ලබා දෙනු ඇතැයි එම නිලධාරියා පැවැසුවේය. ඒ අනුව නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම කුමක් හෝ වාහනයක් සිය නිල රථය ලෙස ලැබෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. නව රජයේ අමාත්‍යවරුන්ට නව නිල වාහන නොලැබෙනු ඇති බවත් ඒ ඒ අමාත්‍යාංශවල සිටි පසුගිය රජයේ අමාත්‍යවරුන් බාරදුන් නිල වාහන නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙනු ඇති බවත් එම රාජ්‍ය නිලධාරියා පැවැසුවේය. මන්ත්‍රීවරුන්ට ඔවුන් තේරී පත්වූ දිස්ත්‍රික්ක වලට රජයේ කටයුතු සඳහා විශාල දුරක්…

Read More

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ ඊ (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි . විශේෂයෙන් ඉහල තේ වත්තේ කොටසක් මෙසේ නාය යාමට ලක්වී විශාල මඩ, පස්තට්ටු ප්‍රධාන මාර්ගයට කඩා වැටීමට පටන් ගෙන ඇති බවත් , හෙට දින අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට යන සිසුන් ට කිසියම් මාර්ග අපහසුතාවක් ඇති විය හැකි නිසාවෙන් එම ස්ථානයේ ජේසිබී බැකෝයන්ත්‍ර හදිසි අවශ්‍ය තාවකදී ප්‍රයෝජනයට ගැනිමට නවතා තබා සූදානම් කර ඇතැයි එහි නිලධාරියකු සදහන් කළේය . පසුගිය වසරේද පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) මෙම ස්ථානයේම…

Read More

විදුලි ගාස්තු සංශෝධනයක් මේ වසර තුළ සිදුනොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. මාධ්‍ය කළ විමසීමකදී එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම එම තත්ත්වයට හේතු වී ඇති බවය. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මස අග මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් ඔවුන් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු අඩුවීම ප්‍රමාණවත් නොවන බැවින් යළි එම යෝජනා සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණි. අදාළ යෝජනා නොවැම්බර් 08 වැනිදාට පෙර…

Read More