Author: LANKA24X7

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමට සුදානම් වන නව සන්ධානයේ සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සන්ධාන පිළිබඳ කිසිදු දේශපාලන පක්ෂයකට විශ්වාසයක් නොමැති බවය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, “මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය අද බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒක තමයි නායකත්ව මණ්ඩල ඉල්ලන්නේ. ගිය සතියේ තිබුණු ලාන්සා මැතිතුමාලාගේ රැස්වීමේදී මම දැක්කා එතුමලා සහාය දෙන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඒ අය එකතුවෙලා හදන සන්ධානයේ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ගමේ ඉන්න ශ්‍රී ලංකාකාරයින්ට ඒක ප්‍රශ්නයක්.”

Read More

ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මර්ක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇත. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානම ඉහළ යෑම හේතුවෙනි. මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. මෙම කමිටුව හමුවට, මාර්ක් සකර්බර්ග් පමණක් නොව, තවත් සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් කීප දෙනකු ද සහභාගී වූ බවත්, ඔවුන් ද කරුණු පැහැදිලි කළේ යැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

Read More

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහර දෙන බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එම ව්‍යාපෘතියට ආණ්ඩුව රුපියල් කෝටි 1600 ක් වැය කරන බව කී අමාත්‍යවරයා දිනකට දරුවෙක් වෙනුවෙන් රුපියල් 110 බැගින් වැය කිරීමට නියමිකත බව ද සඳහන් කළේය.

Read More

සීදූව කටුනායක නගර සභාවේ ගබඩාව බිඳ රුපියල් ලක්ෂ හතරකට ආසන්න ටයර් තොගයක් සොරාගත් නගර සභාවේ රියදුරන් තිදෙනෙක් ඇතුළු අට දෙනකු අත් අඩංගුවට ගත් බව සීදුව පොලිසිය කියයි. සෙසු සැකකරුවන් අතර ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුද වන බව පොලිසිය සඳහන් කරයි. කොටස් දෙකකින් යුත් ගබඩාවේ ටයර් ගබඩා කර තිබෙන කොටස ගබඩා භාරකරු ලෙස කටයුතු කරන පුද්ගලයා ඉකුත් 26 වෙනි දින වසා දැමීමෙන් අනතුරුව 31 වෙනි අවශ්‍යතාවයක් සඳහා විවෘත කිරීමේදී ටයර් ගබඩා කර තිබූ ස්ථානයේ නොතිබූ බැවින් සිදු කළ පරික්ෂාවේදී කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් ගබඩාවේ දැල දොර උඩින් ඇති අඩි දෙකක් පමණ විවෘත කොටසින් ඇතුළු වී ටයර් සොරාගෙන ඇති බවට පැහැදිලි වී තිබූ බව…

Read More

ඔන්ලයින් පනත හරහා ජනාධිපතිවරයා පත්කරන කොමිසම කුමන තීන්දුව දුන්නත් තීන්දුව ලැබුණු පාර්ශවයට කිසිඳු අධිකරණයකට ගොස් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතියක් නොමැති බවත් මෙවැනි පනත් තුළ ඇති අනතුර තේරුම් ගතයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (1) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (1) පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය. ඔන්ලයින් පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී බුද්ධත්වය ආරෝපණය කරපු චරිත තුන හතරක් එකවර එළියට පැමිණි බවත් ඔන්ලයින් පනතේ ඇති අකාරුණිකභාවයන් වෙනුවට සමාජ සාකච්ඡාව පහළ වූ බුදුවරු කියාගන්නා උන්මත්තයන් දෙසට ගිය බවත් ඒ මහතා කීය. එවැනි තත්වයක් තිබියදී මේ පනත් සියල්ලම සම්මත කරගත් බව කී…

Read More

ඉකුත් අරගල සමයේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තබා හානි සිදුකිරීමට සම්බන්ධ බව කියන සැකකරුවකු ඊයේ (1) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවැසීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික ආයතනයක කම්කරුවකු වශයෙන් සේවය කරන පුද්ගලයකු බවද තල්දූව මහතා කීය.

Read More

මෙරට ජාතික ආදායමෙන් සියයට 64 ක් ඉහළම ධනවතුන් සියයට 10 ක් භුක්ති විඳින බවත් පහළම ස්තරය වන සියයට 50 ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4 ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් බුක්ති විදින බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවකින් හෙළි කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. රටේ බදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ ඉහත කී බරපතළ විෂමතාවට සරිලන ආකාරයට බවත් එම විෂමතාව පිළිබඳව කිසිත් නොසිතා වක්‍ර බදු තොග පිටින් පැටවීමෙන් පහළම සිටින සියයට 50 ක ස්තරය ජාතික ආදායමෙන් භුක්ති විඳින සියයට 4 ක ප්‍රමාණය ද අහිමි වියහැකි බවත් ඒ මහතා කීය. වත්මන් පාලකයන් පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ රටේ සැබෑ…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරු ඊයේ සිට ඉවත් වූහ. උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මේවර ලබා නොදීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත් වූ බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි. උසස් පෙළ පිළිතුර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ඉකුත් වසරේදී දිනකට රුපියල් 2000ක විශේෂ දීමනාවක් ලබා දුන් බවත් මෙවර එම දීමනාව කප්පාදු කිරීම නිසා උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ඉවත්වූ බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ කොළඹදී…

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත. එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටය.

Read More

මෙරට සිදුවූ ආන්දෝලනාත්මක ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර තිබුණි. එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් අංක ඔස්සේ කොල්ලුපිටිය පොලීසියට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටී. එම දුරකථන අංක පහතින් දැක්වෙයි. 0742 226 022 0718 591 492 0718 594 455

Read More