Author: LANKA24X7

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී පැවැත්වෙන පළමු තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (24) ක්‍රීඩාව අවසන් කරන විට බංග්ලාදේශ පිල දෙවැනි ඉනිමේදී කඩුලු පහක් දැවී ලකුණු 47 ක් පමණක් රැස්කර අමාරුවේ වැටී සිටියේය. කඩුලු 5 ක් පමණක් අතැතිව ලකුණු 464 ක් පසු පසින් සිටින සත්කාරක බංග්ලාදේශය පරාජයෙන් ගැලවීමට නම් දින දෙකක් ඉතිරි කඩුලු පහ ආරක්‍ෂා කරගත යුතුය. තරගයේ දෙවැනි දිනය අවසන් වන විට දෙවැනි ඉනිමේ කඩුලු 5 ක් දැවී 119 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 418 ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිල ලකුණු 510 ක වාසියක්…

Read More

නවීන වෛද්‍ය සේවාවන්ට ගැලපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදු කළ යුතු නව පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ පැවති හමුවකදීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ “නායකත්වය සහ නිපුණතා සංවර්ධන” දෛදින වැඩමුළුවක් පෙළොන්නරුව සුදු අරලිය හෝටලයේ දී ආරම්භ වූ අතර එහි පැවති වෙනත් නිල වැඩසටහනකට සහභාගීවීමට පැමිණි සිටි ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ දී තම වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ද කෙටි වේලාවකට හෝ පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හදිසි ඇරයුමක් ලැබිණි එම හදිසි…

Read More

රක්ෂිත ප්‍රදේශයන්හි නීති විරෝධීව තේක්ක දැව කඳන් කපා ටිපර් රථවලින් ප්‍රවාහනය කළ පුද්ගලයින් සිව්දෙනකු වවුනියාව නගරය ආසන්නයේදී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් රහසිගත ලෙස සිදුකෙරෙන දැව ජාවාරමක් සම්බන්ධයෙන් පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී ටිපර් රථ දෙකක් තුල රැගෙන යමින් තිබූ තේක්ක දැව කඳන් 40 ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවටගත් බව විශේෂ කාර්ය බලකාය පැවසීය. අත්අඩංගුවටගත් තේක්ක දැව කඳන් තොගයේ වටිනාකම රුපියල් මිලියනයකට අධික වන අතර වවුනියාව ප්‍රදේශයේ දැව මඩු සඳහා සැකකරුවන් තේක්ක දැව කඳන් රැගෙනයමින් තිබූ බවට අනාවරණයවූ බවත් සඳහන් කළේය.

Read More

දැඩි ආර්ථික පීඩනය මත ආතතිය ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක සඳහන් වේ. තව කල් යද්දි දස දෙනකුගෙන් අටක් වශයෙන් එය වැඩි වනු ඇතැයිද එම වාර්තාව පෙන්වා දෙයි. මේ අතර පිටරටින් ගෙන එන භාණ්ඩ වලින් අතරමැදියන් සියයට තුන්සීයක අධික ලාභයක් ලබා ගන්නා බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. මේ අනුව ඉදිරි සභා වාරයේදී අදාල සියලු අංශ කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කළ බව එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. භාණ්ඩ මිල අධික ලෙස ඉහළ…

Read More

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දිවයිනේ සියලු පාසල් දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල හෙට (25) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට පෙර මෙම ආහාරවේල ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා සියයට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු පාසල් ආවරණය වන පරිදි එම ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ. මේ සඳහා රුපියල් මිලියන 16,600ක මුදලක් අයවැය මඟින් සෘජුවම පළාත් සභා 09 වෙත වෙන්කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු සංවිධාන කිහිපයක් අනුග්‍රහය දක්වා ඇති බව අධ්‍යාපන…

Read More

මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පියවර ගෙන ඇත. පසුගිය ඔක්තෝබර් මස 16 වන දින ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරනු ලැබීය. මැතිවරණ නීති රීති පිළිබඳ පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම එම පරීක්ෂණ කොමිෂන් සභාවට පවරා තිබේ. කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා කාලය අඩු කිරීම, ඡන්දය භාවිත කිරීමේ දී…

Read More

හපුතලේ, පිටපොළ ප්‍රදේශයේ මාර්ගය අයිනේ ළඳු කැලැවක පුද්ගලයෙකු සැකකටයුකු ලෙස මියගොස් තිබේ. ඊයේ (23) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, බෝවත්ත, ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දියතලාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම සහ වයඹ පලාත්වල සවස් කාලයේදී වැසි හෝ රාත්‍රී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. රත්නපුර,කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී ඇත පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 22 වැනි දා ප්‍රකාශ කළේය.

Read More

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ ක්‍රොකස් නගර සභා රඟහලට 143 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට 11 දෙනකු අත් අඩංගුවට ගැනීමට රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය සමත් විය. එලෙස අත් අඩංගුවට සැකකරුවන් 11 දෙනාගෙන් 4 දෙනකු රඟහලේ සිටි පුද්ගලයන්ට වෙඩි තැබූ අය බව රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.සිද්ධියට සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය. වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් මෝටර් රථයක නැගී රුසියානු – යුක්රේන දේශ සීමාවට පළා යාමට උත්සාහ කර ඇති බවත් ඔවුන්ට යුක්රේනයේ ආධාරකරුවන් සිට ඇති බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.වෙඩි තැබූ සැකකරුවන් සිව් දෙනා යුක්රේන දේශ සීමාව ආසන්නයේදී අත් අඩංගුවට ගෙන ඇති…

Read More