Author: LANKA24X7

LTTE සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ LTTE සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයේ ලාංඡන, නිල ඇඳුම් හෝ සාමාජිකයින්ගේ පිංතූර යොදා ගනිමින් සැමරුම් උත්සව පැවැත්වීමට හැකියාවක් නොමැති බවය. කෙසේවෙතත් යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිකිරීමට උතුරේ ජනතාවට බාධාවක් නොමැති බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය. “නීතියානුකූලව තමන්ගේ ඥාතියෙක් මියගියාම සමරන්න ඉඩකඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ. LTTE ලාංඡනය යටතේ ඒ පින්තූර භාවිත කරමින්. රටේ නීතියක් තියෙනවා. නීතියට අනුව LTTE සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි උතුරේ, දකුණේ, නැගෙනහිර හෝ කඳුරට වේවා තමන්ගේ දරුවෙක්…

Read More

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. තවද එම සංවිධානය පැවසුවේ අයහපත් කාළගුණයත් සමග කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්ව සිටින ජනතාව මෙන්ම මාර්ග භාවිත කරන රියදුරන් ඒ සම්බන්ධව අවධානයෙන් පසුවන ලෙසය. අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ බදුල්ල දිස්ත්‍රික්කය – මීගහකිවුල, පස්සර, හාලිඇල සහ බදුල්ල, මහනුවර දිස්ත්‍රික්කය – දෙල්තොට, ගඟවට කෝරළය, උඩුදුම්බර, උඩපළාත, මාතර දිස්ත්‍රික්කය – විල්ගමුව, අඹන්ගඟ කෝරළය, නුවරඑළිය දිස්ත්‍රික්කය – හඟුරක්කෙත, වලපනේ. අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, ඌව පරණගම, ලුණුගල, ඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කය – නාගොඩ, බද්දේගම, ඇල්පිටිය, කළුතර…

Read More

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අදහසකට අනුව මහජන දිනය නැවතත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය පවසයි. 2020 වසරේදී අවසන් වරට ක්‍රියාත්මක කළ අමාත්‍යාංශයේ මහජන දිනය වසර 4කට පසුව නැවත ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. සෑම සඳුදා දිනකම උදෑසන 9 සිට දහවල් 1 දක්වා මහජන දිනය පැවැත්වෙන අතර ජනතාවට තම ගැටළු විසඳා ගැනීම සඳහා විෂය බාර අමාත්‍යවරයා , අමාත්‍යාංශ ලේකම් ඇතුළු අනෙකුත් නිලධාරීන් හමුවීමේ අවස්ථාව හිමිවන බව අමාත්‍යාංශය පවසයි. අද පැවැත්වූ මහජන දිනය සඳහා ක්ෂුද්‍ර පරිමාණ – සුළු පරිමාණ – මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල…

Read More

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස ඊ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය සහ මහ මැතිවරණයේ දී ඔහුගේ පක්ෂය විසින් ලබා ගනු ලැබූ ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් පළ කළ චීන උප අමාත්‍යවරිය මෙම ජයග්‍රහණවලින් පසුව ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන පරිවර්තනීය වෙනස්කම් ඇගයීමට ලක් කරන බව කීවාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට චීනය සූදානම් බව ද උප අමාත්‍යවරිය ප්‍රමුඛ නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ…

Read More

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ, එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට සිර දඩුවම් විදිමින් සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32 දෙනෙකු, ඉතිහාසයේ පළමු වතාවට, කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (25) පස්වරුවේ පැමිණ තිබුණි . මෙම ශ්‍රී ලාංකිකයන් කුවේට් රාජ්‍යය තුළ භයානක ඝනයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් සහ ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර වැරදිකරුවන් වූ පිරිසකි . මොවුන් අතරින් කොටසක් ශ්‍රී ලංකාවට එවීම සදහා ඉකුත් මාර්තු…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙසුමක් පැවැත්වීම සඳහා සහභාගී විය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූවාය. හිටපු ජනාධිපතිවරයාද උසස් අධ්‍යාපන ආයතනයේ නිලධාරීහුද ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයට සහභාගි වී සිටි අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

Read More

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට ඊයේ (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදුනු වන අලියෙකු මේ වනවිටත් මහ ඉලුප්පල්ල නගරයේ සැරිසරමින් සිටින බවත් මේ හේතුවෙන් එම නගරවාසීන් භිතියට පත්ව සිටින බවත් එම නගරවාසීහු පවසති. පවතින වැසි සහිත කාලගණයක් සමඟ කලබලකාරී ස්වරූපයකින් හැසිරෙන එම වන අලියා මේ වනවිට මහඉලුප්පල්ලම නගරයේ පිහිටි ඉංජිනේරු කාර්යාලය, තැපැල් කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන හා නගරයේ ගෙවතු ආශ්‍රිතව සැරිසරමින් සිටි. මහ ඉලුප්පල්ලම ඇතුලු අවට ගම්මානවල භව භෝග මෙන්ම දේපල රැසක් ද ඉකුත් දිනවල එම ප්‍රදේශයට කඩාවැදුනු වන අලින් විසින් විනාශ කර දමා තිබේ. එසේම…

Read More

පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළයුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. දහවන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. “මේ පාර්ලිමේන්තුව ඓතිහාසික වෙන්න හේතු ගණනාවක් තිබෙනවා. වැඩිම කාන්තා නියෝජනය ලෙස මන්ත්‍රීවරියන් 22ක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ඒ වගේම මන්ත්‍රී ආසන 225න් මන්ත්‍රී ආසනය එකසිය හැට දෙකක්ම නවක මන්ත්‍රීවරුන්. නවක මන්ත්‍රීවරුන් වැඩිවීමට හේතුව අපි අවබෝධ කරගත…

Read More

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ. එමගින් විදුලිය සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීමට සැලසුම් කෙරේ. නිවාස සඳහා විදුලිබලය සැපයීම 100% කර ගැනීමට ශ්‍රී ලංකාව 2016 වසරේදී සමත්විය. එසේම මෙරට විදුලිබල ඉල්ලුම 2023 වසරේදී උපරිමය වාර්තාකළ අතර එය මෙගාවොට් 2800කි. ඒ සඳහා පුනර්ජනනීය බලශක්තියෙන්ද සැලකිය යුතු දායකත්වයක් ලැබුණි. එය 2030 වනවිට සැලකිය යුතු ලෙස වර්ධනය වෙතැයි අනුමාන කෙරේ. 2023 දී මෙරට විදුලිබල උත්පාදනය ට 50%ක පමණ දායකත්වයක් ලබාදී තිබුණේ තාප බලාගාර මගිනි. නව ව්‍යාපෘති ඔස්සේ…

Read More

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුපියල් මිලියන 100 බැඳුම්කරයක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(25) නියෝග කළාය.

Read More