Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් ඊයේ (28) එල්ල කර ඇත. කියෙව් නගරයේ ස්ථාන කීපයකටද රුසියානු හමුදාව මිසයිල එල්ල කළ බවත් එම මිසයිල ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් සාර්ථකව විනාශ කරනු ලැබූ බවත් කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ ප්‍රකාශ කළේය. ඉන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත් කෙසේ නමුත් දේපළ හානි වාර්තා වන බවත් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය. රුසියානු හමුදා ප්‍රහාර මාලාව ආරම්භ කිරීමත් සමග යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර කීපයක් ක්‍රියා විරහිත කිරීමටද බලධාරීන් කටයුතු කළ බවත් ප්‍රහාර හේතුවෙන් යුක්රේනුවන් මිලියනයකට විදුලිය විසන්ධි වූ බවත් නගරාධිපති ක්ලිට්ෂ්කෝ පැවැසුවේය.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිංචි සිසුන්ට නිවාඩු ලබා දී සිසුන් අනාරක්ෂිතව ට්‍රැක්ටරයක් දමා නිවෙස්වලට යැවිම පිළිබදව එම අරාබි විදුහලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයකු සමග තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම සිසුන් නිවසට යැවිමට විදුහල්පතිවරයා ඇතුලු ආචාර්ය මඩුල්ල තිරණය කර ඔවුන් විදුහලෙන් ඉකුත් 26 වෙනි දින පිටත් කර ඇත. කාර්තිව් හන්දිය දක්වා පැමිණි මෙම සිසුන් සමන්තුරේ බලා යෑමට වාහනයක් නොතිබු නිසා මාවඩිපල්ලි මාර්ගයේ ගමන් කරමින් තිබු ටැක්ටරයක නැගි සමන්තුරේ දක්වා යෑමට පිටත්ව ගොස් තිබේ. එම යන අතරතුරදි ටැක්ටරය පාරෙන් ඉවතට පැන පෙරලිම…
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (28) පැවැත්විණි. “නිරෝගීමත් දේශයක් සඳහා නිරෝගීමත් ශ්‍රම බලකායක්” යන තේමාව යටතේ රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම බෝ නොවන රෝග පෙර හදුනා ගැනීමේ සෞඛ්‍ය වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධානශාලාවේදී මෙම වැඩසටහන ඊයේ (28) දවස පුරා පැවැත්විණ. වකුගඩු රුධිර පරීක්ෂාව, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, කොලෙස්ටරෝල් පරීක්ෂාව, දන්ත පරික්ෂාව, ගැබ්ගෙල පිළිකා පරික්ෂාව ඇතුළු බටහිර සහ දේශීය වෛද්‍ය පරික්ෂණ රැසක් මෙහිදී කරගැනීමට අවස්ථාව සලසා දී තිබිණ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම්වරුන් වන හර්ෂ විජේවර්ධන, මහින්ද ගුණරත්න යන මහත්වරුන්…
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. මේ අතර දැනට අමාත්‍යාංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන 150ක් විකිණීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මන්ත්‍රීවරුන්ට වී 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇත. එසේම මැති ඇමැතිවරුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් කරුණු සමාලෝචනයක් කර තීරණයක් ගන්නා බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මන්ත්‍රීවරුන්ට ගිනි අවි සහ ගිනි අවි පුහුණුව ලබාදීම මහජන නියෝජිතයන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත. මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති…
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩීස් (Moody’s)විසින් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම් දර්ශකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුගතකරණය සම්පූර්ණ කිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව මූඩිස් සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව පසුගිය අගහරුවාදා දිනයේ දී කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා හෙළි කළේ ය. කැබිනට් මාධ්‍ය හමුවේ දී මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස පහත පරිදි වේ. “ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සම්බන්ධයෙන් ඒ ණය දීමේ කමිටුව සමග කළ සාකච්ඡා යම් එකඟතාවයකට පැමිණ තිබුණා ජුනි මාසය වෙනකොට. කෙසේ නමුත් ස්වෛරී…
කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා මරණයට පත්වී ඇති බවය. දළ දෙකේ විශාලත්වය සහ වයසින් වැඩිම හස්තියා වීම මෙම සත්ත්වයාගේ විශේෂත්වය වෙයි. ඒ නිසා දීඝදන්තු වෙත දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් හිමි විය.
අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වු බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ. අද (28) පෙරවරුවේ පොලිස් ස්ථානයට ඉදිරිපත් වු ඔහු ගංවතුර තත්ත්වය අතරතුර ආරක්ෂක අංශ උපදෙස් නොතකමින් අනතුරුදායක ලෙස ට්‍රැක්ටර් රථයෙන් මුදලට පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව කාර්තිව් පොලීසිය සඳහන් කළේය. මේ අතර, ට්‍රැක්ටර් රථයක් පෙරළි යාමෙන් අතුරුදන් වු පාසල් සිසුන් සිව්දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ. එහෙත් සිසුන් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. මේ අතර අයහපත් කාලගුණ තත්වය අතරතුර…
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මෙම සුළි කුණාටුව දිවයිනෙ නැගෙනහිට වෙරළට ආසන්නව උතුරු සහ වයඹ දෙසට ඉතා සෙවමින් ගමන් කර අද දින එය සුළි කුණාටුවක් දක්වා තවත් වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින අතර උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් ඉතා තද වැසි සහ තළ සුළං බලාපොරොත්තු වේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 තද වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට වරින් වර වැසි ඇති වේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ. ඊජිප්තුවේ තානාපති අදිල් ඊබ්‍රිහිම්, ඉරානයේ තානාපති, ආචාර්ය අලිරිෂා ඩෙල්කොෂ්, ජපානයේ තානාපති ඉසමොටා අකිරො සහ වතිකානුවේ තානාපති වන අතිඋතුම් රදගුරු මොන්සිග්නොර් බ්‍රයන් උඩයිග්වේ යන විදෙස් තානාපතිවරු මෙලස අගමැතිවරිය හමුවී සාකච්ඡා කළහ. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය. ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි. මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින්…
