Author: LANKA24X7

පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය අද (27) අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිද්ධියට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් පොලිසිය හමුවේ කළ ප්‍රකාශය නීතීපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අධ්‍යනය කළ නීතීපතිවරයාගෙග් උපදෙස් මත මෙහි විමර්ශන වල ප්‍රගතිය අධකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටටීමෙන් අනතුරුව එහි නිලධාරීන් විසින් ඔහුගෙන් පැය 6කට අධික කාලයක් පුරා සිද්ධිය සම්බනධයෙන් ප්‍රශ්න කරමින් ලබා ගත් ප්‍රකාශයේ උධෘත…

Read More

පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි කිවූ පක්ෂයට අද වන විට ජනාධිපති අපේක්ෂකයින් රැසක් සිටින්නේ යැයිද රාජපක්ෂ මහතා කීය. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රාහී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් එම අපේක්ෂකයා කවුදැයි පක්ෂයක් ලෙස තවමත් තීන්දු කර නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය. හම්බන්තොට දී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.

Read More

අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා නොගත්තා නම් මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අසීරු සහ අමිහිරි යුගයක් පසු කර රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයකම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී ඇති බව ද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය. රට තුළ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සහ ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් හිටපු අධ්‍යාපන…

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ කොළඹ පිහිටි නිල නිවෙසේ දී අද ( 27) උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් සහ ජනාධිපති අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් අතර එම සාකච්ඡාව පැවැත්වුණේ ඉකුත් සතියේදීය. කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂකයා සහ මුලින් පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීමට නොහැකිවිය. මීට අමතරව පක්ෂය වෙනුවෙන් කමිටු කිහිපයක් පිහිටුවීමද අද රැස්වීමේදී කෙරෙනු ඇත.

Read More

ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීම සඳහා ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ වනවිට පවතින ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා ඉහළ යනු ඇත. ජාතික අවම දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල් 200කින් ඉහළ දැමීමටද හැකිවන පරිදි එම පනත සංශෝධනය කිරීමටද මෙහිදී නිර්දේශ කර ඇත. ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කරන ලද කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය සමිති සහ සේවායෝජකයින් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මගින් මෙම වැටුප් ඉහළදැමීම් නිර්දේශ කර තිබේ.

Read More

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී තිබේ. ඔත්තුකරුවෙක් විසින් යොමු කරන ලද ලිපියකට අනුව අමාත්‍ය ටිරාන් අලස් මහතා එම උපදෙස් ලබා දී ඇත. රාජ්‍ය ඔත්තුකරුවෙකුට ලැබුණු තොරතුරක් අනුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට යම් පුද්ගලයෙකු විසින් දුරකථන මාර්ගයෙන් ගිනිඅවියක් ඉල්ලා ඇති අතර ඒ අනුව විමර්ශන ආරම්භ කර තිබේ. ඔත්තුකරුවා විසින් අදාළ පුද්ගලයාගේ දුරකථන අංක සහිතව විස්තර දක්වා ඇති අතර එම දුරකථන අංක සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර, ගිනිඅවිය ඉල්ලා ඇත්තේ තිළිණ ගමගේ මහතා විසින් පසුගිය කාලයේ දුන් අධිකරණ නියෝග හේතුවෙන්…

Read More

වාලච්චේන, පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු ඔහු විසින්ම භාවිත කළ මාළු දැලක පැටලී මියගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ඊයේ (25) සවස් කාලයේදී මරණකරුගේ පියා විසින් වාලච්චේන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. එසේ මියගොස් අත්තේ, මයිලතැන්න, පුනානි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. මරණකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් රැකියාවක් නොමැතිව නිවසේ පසුවන අතර ඔහු විසින් මාළු දැලක් රැගෙන පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශනවලදී ඇති බව අනාවරණය වී ඇත. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා වාලච්චේන රෝහලේ නැත්පත් කර ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

කොට්ටාව, හයිලෙවල් මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කොට්ටාව දෙස සිට මාකුඹුර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේදී මාකුඹුර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය කළ යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත. අනතුරින් පසු යතුරුපැදිය මාර්ගයේ පෙරළී කොට්ටාව දෙස සිට මාකුඹුර දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටී තිබේ. ඊයේ (25) සිදුවූ එම අනතුරින් මිය ගිය තරුණයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ වෑන් රථයේ හා කැබ් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර කොඩිකාමම්, පූතුර් හන්දිය අසලදී සුඛෝපබෝගී බස් රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිත්කෂයට පත්ව තිබේ. එසේ…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.5 සහ සියයට 9.5 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

සිසුවෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිරුක්කෝවිල් රෝහලට සහ කාර්ය මණ්ඩලයට පහරදීම පිළිබඳ විමර්ශන නිසි ලෙස සිදුනොවන බවට විරෝධය පළකරමින් අද කල්මුනෙයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අයත් සියලු රෝහල්වල වැඩවර්ජනයක් ක්‍රියාත්මක වේ. පසුගියදා තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක මැරතන් තරඟයක් අතරතුරදී 17 හැවිරිදි ශිෂ්‍යයෙකු හදිසියේ මරණයට පත් වීමත් සමඟ යම් පිරිසක් නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති කරමින් රෝහලට පහර දී අලාභ හානි සිදුකර රෝහලේ වෛද්‍යවරුන්ට ද තර්ජනය කර තිබිණි. මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් අද (26) පෙරවරු 8.00 සිට එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේවංශ මහතා සඳහන් කළේය. මේ අතර හෙට (27) දිවයිනේ සියලු විකිරණ ප්‍රතිකාර සේවාවලින්…

Read More