Author: LANKA24X7

ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල අවලංගු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඇනවුම් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්‍රීය 8.00 ට වසා දමන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාටුන්න මහතා ඊයේ (1) පෙරවරුවේ පැවසීය. රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් මීට පෙර පැය 24 සේවා කාලයක් ඉන්ධන සැපයූ බව ඒ මහතා සඳහන් කළේය. ඉන්ධන පිරවුම්හල්වලට ඊයේ දිනයේ ඇනවුම් කළ ඉන්ධන තොග අද දිනයේත් ලැබෙනු ඇති බවත් සඳුදා දින සඳහා ඉන්ධන තොග ඇනවුම් කර නොමැති බවත් නාඔටුන්න මහතා සඳහන් කළේය. ඉන්ධන පිරවුම්හල් හිමියන් ද ව්‍යාපාරයක් කරන බැවින් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළ…

Read More

අහංගම මිදිගමදී ටී.56 ජිව උණ්ඩ48ක් සමග පුද්ගලයකු අද අලුයම අත් අඩංගුවට ගත් බව දකුණු පළාත්බාර ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. මාතර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් අත් අඩංගුවට ගත් සැකකරු අහංගම මිදිගම වෙදගේවත්ත පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මතද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ අනුගාමිකයෙකු බවට අනාවරණයවි ඇති බවද පොලිසිය පවසයි.

Read More

නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක තරමක තද වැසි ඇතිවේ.

Read More

පවතින වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, පස්සර, හාලි ඇළ, බදුල්ල, හපුතලේ, මීගහකිවුල, ඌව පරණගම සහ සොරණාතොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් වන්න ලෙස අදාළ නිවේදනය නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 12.30 සිට හෙට පස්වරු 12.30 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 සහ 31 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් ඝාතනය මෙහෙයවීම සඳහා සිම්පත් ලබා දී ඇති බව අනාවරණය වී ඇත. මේවන විට දොළොස් දෙනෙකු එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට රජය වාර්ෂික ව වියදම් කරන මුදල මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමට වියදම් කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළේ ජාතික ඔසු වගා ව්‍යාපෘතිය සහ ඔසු එකතු කිරීමේ වැඩසටහන යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලේකැලේ පිහිටි “ජනසවිගම” පිහිටුවා ඇති “පර්යේෂණ හා ව්‍යාප්ත සේවා ඔසු උයන” නිරීක්ෂණයට එක් වෙමිනි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, වැරදි ආහාර රටාවන් සමග ඇති වී තිබෙන රෝග තත්ත්වයන් රටට දරාගත නොහැකි ගැටළුවක් බවට පත් වී තිබෙන…

Read More

” ෆෙරායි ලයිෂන් තියෙන කෙනෙක් එල්බෝඩ් කාරයන් සමඟ කාලය ගත කරන්නේ නැතැයි” හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අදහසක් තිබේදැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසුමකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය. රනිල් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත යැයි පළවූ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ පැනය විමසූයේ කොළඹ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවති තරුණ නීතිවේදීන්ගේ හමුවකින් අනතුරුවයි. එල් බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීමේ කිසිම අදහසක් තමාට නැතැයි තමා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද දැනුම් දුන්නේයැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. රට බංකොලොත් වූ අවස්ථාවේදී තමා බාර ගත් අභියෝගය සාර්ථකව ඉටුකිරීම පිළිබඳව නිහතමානී සතුටක් තිබෙන බව…

Read More

පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “ජාතිවාදය පට්ට ගහලා බොරු වැපිරූ අය දැන් පාර්ලිමේන්තුවේ බොරු කීම නතර කරමු ලු. අපි ඒකට එකඟයි.ජාතික ආරක්ෂාව ගැන විපක්ෂයේ උදවිය ඉතා සංවේදීව කරුණු දක්වනවා. අප පාස්කු ප්‍රහාරය පියවරින් පියවර හෙළිදරව් කරමින් සිටිනවා.ඒක එක දවසින් හෙළි වන්නේ නැහැ.පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිදරව්ව අප විසින් කරනවා.අප රටේ පාතාලය හා මත්ද්‍රව්‍ය එකිනෙකට සම්බන්ධයි. එමෙන්ම දේශපාලනයත් සම්බන්ධයි.කුඩු වලට සම්බන්ධ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට පත් වූ විට දැන් ඔය කුඩු ගැන කතා කරන මන්ත්‍රීවරයාගේ තාත්තා ගිහින් ඒ මන්ත්‍රීවරයා බදා ගත්තා. පාතාලයේ කුඩු ජාවාරමේ දේශපාලන හිස දැන් ගලවා දමා තිබෙනවා.පියවරෙන් පියවර සියලු ප්‍රශ්න විසඳීමට…

Read More

වාහන රැගත් නෞකා දෙකක් මෙම මස 10 සහ 12 දෙදින හම්බන්තොට වරායට ළගාවීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා ඊයේ (28) පැවසීය. එම වාහන තොගයේ ද ජපන් වාහන ඇතුළත්ව ඇති බව කී මානගේ මහතා එම නෞකා දෙකේ වාහන සියයට අධික ප්‍රමාණයක් ඇති බව ද සඳහන් කළේය. වාහන ආනයනය සීමා ලිහිල් කිරීමෙන් පසුව ජපානයෙන් පැමිණි පළමු වාහන තොගයෙන් ගොඩබෑ වාහන 200 කට ආසන්න තොගයේ වාහන ඉදිරි දින කීපයේදී ජනතාවට පරීක්‍ෂා කළ හැකි බවත් ඉදිරියේදී ජනතාවට පහසුවෙන් වනාහන වර්ග කීපයක් තෝරාගැනීමේ අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා කීය.

Read More

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මාර්තු මස වෙනස් නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. ඒ අනුව ලාෆ් ගෑස් පෙබරවාරි මස පැවති මිලම තවදුරටත් පවතින බව ද පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More