Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂ ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක…
කලාඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (29) පෙරවරුවේ පැවසීය. ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල ගමන්ගන්නා වාහන පදවන්නන් මේ පිළිබඳ විශේෂ අවදානයක් යොමුකරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ දක්වා ඇත. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ආපදා කලමනාකරණ අංශවලින් ඉල්ලා සිටියි.
වත්මන් රජය ද ඉන්දියාව සමග සම්බන්ධතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වන හිටපු ජනාධිපතිවරයා එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ. මේ අතර ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්ඩෝර් නගරයේ ද සංචාරයක නිරතව ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නගරයේ පිහිටා ඇති පැරණි බලකොටුව ඇතුළු රජ මාලිගා කිහිපයක් ද නැරඹීමට එක්ව ඇත. ඉන්ඩෝර් නගරය සැලකෙන්නේ ඉන්දියාවේ පිරිසිඳු නගර ශ්‍රේණිගත කිරීම අනුව එරට පිරිසිඳුම නගරය ලෙසය.
දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (29) පස්වරුව දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති අතර එයින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 24 කට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ . ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල, හල්දුම්මුල්ල, වැලිමඩ, ඇල්ල, සොරණාතොට, කන්දකැටිය, ඌව පරණගම, හපුතලේ සහ බදුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු නිවේදනයද බණ්ඩාරවෙල, මීගහකිවුල, පස්සර සහ හාලිඇල යන ප්‍රාදේශියලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ…
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ. මෙම කහ තොගයේ වටිනාකම රුපියල් ලකරකක්ෂ 40 ක් පමණ වෙතැයි පාරිභෝගික අධිකාරිය පවසයි. සැපයුම්කරු විසින් නිකුත් කරන ලද බිල්පතක් නොමැතිවීම සහ කිසිදු තොරතුරක් සදහන් කිරීමකින් තොරව වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී කහ තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය. මෙම කහ තොගය ඉන්දියාවෙන් ආනයනය කර ඇති බව මේ සම්බන්ධව පසුව සිදු කළ පරීක්ෂණයේදි අනාවරණය වූ බව එම නිලධාරියා සදහන් කළේය.
නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනය (29) දින අලුයම 2 සිට සම්පුර්ණයෙන් ඇණහිට ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව සමඟ එම මාර්ගයට පස් කන්ද සහ ගස් කඩා වැටී ඇති බවත්, විදුලි රැහන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට තිබේ.
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, එහි ගුරුවරයෙකු සහ අදාළ ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව ඔවුන් ඊයේ පස්වරුවේ සමන්තුරෙයි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයා ලබන මස 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත. ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා ඇප මත මුදාහැර ඇති බව සඳහන් ය. පසුගිය 26 වනදා පස්වරුවේ සිසුන් 11 දෙනෙකු ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි ට්‍රැක්ටර් රථය සැඩ පහරට…
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 120,534කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 1,707 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර 18 දෙනෙකු තුවාල ලබා තිබේ. නිවාස 102ක් පුර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි වී ඇති නිවාස ගණන 1,952කි. පවතින තත්ත්වය හේතුවෙන් පවුල් 28,324කට අයත් පුද්ගලයින් 94,134 දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 345ක පවුල් 11,663කට අයත් පුද්ගලයින් 36,303 දෙනෙකු රැඳීසිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමකට ලක්වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයට වන අතර පවුල් 43,631කට අයත් පුද්ගලයින් 149,491…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූවාය. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා ආරක්ෂාව, මන්දපෝෂණය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිලිබඳ යළි මෙහිදී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය. ‘යුනිසෙෆ්’ දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ සංජේ විජේසේකර, ‘යුනිසෙෆ්’ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියාන් ස්කූග්, කලාපීය මෙහෙයුම් ප්‍රධානී යූකෝ කුසමිචී, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් (සංවර්ධන) මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ දිලිනි ගුණසේකර යන මහත්ම මහත්මීහූ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ නොහැකි බවත් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඊයේ (28) පැවසීය. සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඊයේ එසේ පැවසීය. දේශපාලනය, පක්ෂ බේද, මෙතෙක් සිදුවූ අඩුපාඩු අමතක කර වැඩ ආරම්භ කර මානව දයාව පිරි සමාජයක් ගොඩනැගීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බවත් එම අරමුණ වෙනුවෙන් වංචාවෙන් සහ දූෂණයෙන් තොර රටක් බිහි කළ යුතු බවත් අමාත්‍යවරයා කීය. ආයතන තුළ සිදුවෙන වංචා, දූෂණ කෙළින්ම ඇවිත් පැමිණිළි කිරීමට…
