Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මුදල් කොල්ලයකට කොල්ලකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලීසිය සමග සිදු වූ පොරබැදීමකින් කොල්ලකරුවකු මියගොස් තිබුණි. එලෙස මියගොස් ඇත්තේ, 23 හැවිරිදි දිනේෂ් දුලාර නැමති වේරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඒ සමග සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේය. වැඩි වටිනාකමකින් යුත් ජංගම දුරකථන අඩු මිලකට ලබා දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම පළකර එලෙස දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින් මංකොල්ලකන කණ්ඩායමක් පිළිබඳව පොල්ගහවෙල පොලීසියට ඊයේ (26) පැමිණිල්ලක් ලැබී තිබිණි. ඒ අනුව අදාළ ජාවාරම්කරුන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් තිදෙනෙකු අදාළ පැමිණිලිකරුවන් සමග ඔවුන් හමුවීමට ගොස් තිබෙනවා සිවිල් පුද්ගලයන් තිදෙනෙකු මෝටර් රථයක් තුළ සැඟවී ගොස් තිබේ. “එක්තරා පුද්ගලයෙක් facebook එක හරහා, දැන්වීම්…
අරගලකරුවන් විසින් 2022 මැයි 09 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළව වන්දි ගෙවීම් කඩිනමි කරන ලෙසට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා හානි පූර්ණ කාර්යාලයට හා තක්සේරු දෙපාර්තමේන්තුවට අද (27) උපදෙස් දුන්නේය. අමාත්‍යවරයා සඳහන් කළේ මේවනවිට ගිනි තබා විනාශ කරන ලද නිවාස 42කින් නිවාස 33ක් සඳහා හානි පූර්ණ කාර්යාලය මඟින් වන්දි ලබාදී තිබෙන බවයි. අරගලකරුවන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළ වින්ධිතයන්ට වන්දි ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත්…
ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය අදින් (27) අවසන් වේ. කෙසේවෙතත් එම කාලය තුළ සිය ගැටලුව සඳහා මේ දක්වාත් විසඳුම් ලැබී නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය. ඒ අනුව සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම සම්බන්ධයෙන් අද කොළඹ දී රැස්වන වෘත්තීය සමිති නායකත්ව මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබේ. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා, “සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ලක්ෂයකට අධික පිරිසක් ආර්ථික යුක්තිය වෙනුවෙන් පහුගිය දින කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කළ යෝජනාවලිය…
රට තුළ පවතින සාමකාමී වාතවරණය සංචාරක ව්‍යාපාරයට සෘජුව බලපාන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දකුණු පළාත තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් වෙඩිතැබීම් හේතුවෙන් සංචාරකයින් කම්පනයට පත්වන බව පොලිස්පතිවරයා සඳහන් කළේය. “පාතාල ක්‍රියාකාරකම් වගේ බිහිසුණු දේවල් නිසා, සංචාරකයින් බියට පත්වෙනවා. විශේෂයෙන් දකුණු වෙරළ ආශ්‍රිතව බෙන්තර ප්‍රදේශයේ, අහුංගල්ල, කොස්ගොඩ, රත්ගම හා හික්කඩුව වගේ ප්‍රදේශවල තියෙන සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලින් සංචාරකයෝ කම්පනයට පත්වෙලා තියෙන්නේ. යුරෝපයේ වගේ රටවල්වල මිනිස්සු බොහෝම සාමකාමී පරිසරවල ජීවත් වෙන්න කැමති අය. ඒ මිනිස්සු ඇවිල්ලා මෙහෙ වෙඩි තියෙන ඒවා දකිනකොට ඒ මිනිස්සු කම්පනයට පත්වෙනවා. සදාකාලිකව ඒ මිනිස්සු ආය මෙහෙ එන්නේ නැති වෙයි. ඒ නිසා නීතිය සාමය පවත්වාගෙන යෑමත්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතකර වායුගෝලී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේහවලට සවස 2.00 පසු වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව,වයම සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්තානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වන බව ද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ දකුණු පළාත්වලට උදෑසන කාලයේදී වැසි වාර කීපයක් ඇති වේ.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන මනෝජ් මුතු කුමාරණ නොහොත් “මුතුවා” නැමැත්තාට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාර ප්‍රදේශයේ පිහිටි නිවසට අද (27) දින අළුයම කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් වෙඩි ප්‍රහාර අටක් පමණ සිදු කර ඇති බව නවගමුව පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදුව නොමැති බවත් නිවසේ දොර ජනෙල් සහ බිත්තිවලට හානි සිදුව ඇතැයිද පොලිසිය පවසයි. මෙම සංවිධානාත්මක අපරාධකරු නවගමුව පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ අපරාධ රැසක් මෙහෙයවා ඇති බවත් නවගමුව පොලිසියේ නිලධාරියකු ඝාතනය කරන බවට පසුගියදා දුරකථනයෙන් තර්ජනය කර තිබූ බවත් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන ” අය්යෝ සාමිනේ ” ගීතය ගායනා කරන වින්දි ගුණතිලක , දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023 ) හිමි සම්මානය හිමි කර ගෙන ඇත. සම්මානය ලබා ගත් වින්දි ගුණතිලක පෙර දින රාත්‍රී දිවයිනට පැමිණියාය . මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර , මෙම සම්මාන උළෙල ඉකුත් මාර්තු 24 වැනි දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි . මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා…
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ කැම්බල් පිටියේදී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. මුලින්ම පැමිණෙන්නේ ජනාධිපතිවරණයද මහ මැතිවරණයද යන්න තවමත් තීරණය කර නැති බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.
හිටපු පොලිස් කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊයේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බොලොස්සගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි හිටපු පොලිස් කොස්තාපල්වරයකු බවත්, ඔහු අරලියගහ මන්දිරයේ අවසන් වරට රාජකාරී කරමින් සිට දුෂ්චරිත වාර්තා හේතුවෙන් පොලිස් සේවයෙන් ඉවත් කළ අයකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කලේය. සැකකරු අයිස් මත්ද්‍රව්‍ය රැගෙන කුඩා ලොරි රථයකින් යමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම කළුතර අල්විස් වත්ත ප්‍රදේශයේදී ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදී කලිසම් සාක්කුයේ සඟවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටකට ආසන්න ප්‍රමාණයක් සහ රුපියල් පනස් දහසක පමණ ජාවාරම් මුදලක් සමග අත්අඩංගුවට ගෙන ජාවාරම සඳහා යොදාගත්…
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලයක සිට යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වීම නිසා රෝගීන් 500 දෙනකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. පෙබරවාරි මාසයේ සිට එම දෝෂයක් ඇති වී තිබෙන අතර මෙම විකිරණ යන්ත්‍රය විශේෂයෙන් භාවිත කරනු ලබන්නේ ළමා පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා ප්‍රතිකාරය ලබා දීමට බැවින් පොරොත්තු ලේඛනයේ ළමා පිළිකා රෝගීන්ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය. ඒ හේතුවෙන් ළමා පිළිකා රෝගීන් මහත් අපහසුතාවයකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. තත්ත්වය කෙතරම් බරපතළ වුවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය…