Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය . ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය හමුවී සාකච්ඡා කිරීමෙන් පසු මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා කියා සිටියේ පොදු වැඩපිළිවෙළක් මගින් රටේ වත්මන් සමාජ හා ආර්ථික ගැටලු විසඳීමට හැකි බවයි. එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසූයේ දෙපාර්ශවය අතර සාකච්ඡාව සාධනීය බවයි. මහජන පක්ෂය සමග පැවති සාකච්ඡාවට එක්සත් ජනරජ පෙරමුණේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර සහ මධ්‍යම කාරක සභික සජිත් දුමින්ද පීරිස් මහත්වරු ද සහභාගී වූහ.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. තාත්තගෙන් පුතාටත් ඉන් පසුව මුනුබුරාටත් පක්ෂවල අයිතිය සීමා වෙන ලක්ෂණ ඇති බවත් එක් එක් දේශපාලන පක්ෂවලට එසේ කළ හැකි වුවත් සමගි ජනබලවේගය එසේ නොවන බවත් ප්‍රේමදාස මහතා කීවේය. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 136 වැනි අදියර යටතේ වන්නි දිස්ත්‍රික්කයේ, වව්නියාව, නැදුන්කේනි ඔලුමඩු දෙමළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය. ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලු ම පුරවැසියන්ට…
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103ක් හෙවත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි. තහනම් කළ දේපළ අතරට ලොරි රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද දෙකක්, යතුරු පැදිය 9ක්, බැකෝ යන්ත්‍රයක් (කෝටියක්), බහුදින ධීවර යාත්‍රා තුනක්, (කෝටි 3ක්), කෝටි පහකට අධික වටිනාකමින් යුත් ඉඩම් හා නිවාස (නිවාස 3, කඩ කාමරයක්, ඉඩම් 7ක්) ඇති බව ද එම අමාත්‍යංශය කීය.
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස් දෙකක් සහ හදවත් දෙකක් ඇති අතර, ඇත්තේ එක සිරුරක් පමණි. 34 හැවිරිදි ඇබී සහ බ්‍රිට්නි වෘත්තියෙන් ගුරුවරියකි. ඇබී සහ බ්‍රිට්නි ඇමෙරිකානුවන් අතරේත් ලෝකය පුරාත් ජනප්‍රිය වී ඇත්තේ රියැලටි වැඩටහනක් හරහාය. ඇබී සහ බ්‍රිට්නි විවාහ වූ පුවත ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇති නමුත්, ඔවුන් විවාහ වී ඇත්තේ මීට වසර 3 කට පෙර යැයි ඬේලිමේල් වෙබ් අඩවිය පවසා ඇත. ඇබී සහ බ්‍රිට්නිගේ අත ගත්තේ ඇමෙරිකන් හමුදා නිලධාරියෙකි. ඔහු 33 හැවිරිදි ජොෂ් බෝලිංග්ය.
අද (29) සිට අනිද්දා (31) දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී තිබේ. කෙසේවෙතත් එළඹෙන ඉරිදා රාත්‍රියෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය. විවාදයට සමගි ජන බලවේගයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, සහ කබීර් හෂීම් යන ආර්ථික විශේෂඥයන් ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය. තමා මේ අභියෝගය කරන්නේ හත්වැනි වතාවට බව පැවසූ මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගය තමාගේ අභියෝගය මෙතෙක් බාරගෙන නැතැයිද සඳහන් කළේය. විවාදයකට ආරාධනා කරන විට ජාතික ජනබලවේගයේ අනුර දිසානායක ඇතුළු පිරිවර හැංගෙන බවත් තැන් තැන්වල පොර ටෝක් දුන්නට මේ වගේ විවෘත සභාවක මුහුණ දිය නොහැකි යැයි ඔවුන් හොඳින්ම දන්නා හෙයින් මෙසේ කටයුතු…
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. සතොස වෙළෙඳසැල්වලට දෛනිකව බිත්තර ලක්‍ෂ 5 ක් පමණ නිකුත් කරන බවත් උත්සව සමයේ කිසිඳු අයුරකින් බිත්තර හිඟයක් ඇති නොවන බවත් සභාපතිවරයා කීය.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා රන් භාණඩ හා හිමිකම් ඔප්පුවක් කොල්ලකා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. තියුණු ආයුධ ප්‍රහාරයෙන් මුඛයට ගෙලට හා අතකට කැපුම් තුවාල ලද කාන්තාව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි. හෝමාගම දුම්රියපොළ පාරේ පිහිටි ප්ලාස්ටික් භාණඩ අළෙවි සැලක් විවෘත කිරීම සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ සිට තවත් කාන්තාවක් සමඟ තුවාල ලද කාන්තාව ඊයේ (28) දා උදෑසන පැමිණ ඇති අතර ඊට පෙර සුපුරුදු පරිදි යාබදව පිහිටි සිය පුතාගේ දෙමහල් නිවසට…
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට මාලිගා කන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කලාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (28) නියම කළාය. මෙම සිද්ධියට පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දුන් අතර ඒ පිළිබඳ නීතීපතිවරයාට දැනුම් දෙමින් තමන් ගතයුතු ඉදිරි පියවර කුමක්දැයි රහස් පොලිස් නිලධාරීහු උපදෙස් ඉල්ලා තිබිණි.