Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළියේදී ඊයේ (7) පැවසීය. දකුණේ මතයට හවුල් නොවුන හොත් උතුරේ ජනතාව වෙනසට විරුද්ධ වූවන් ලෙස දකුණේ ජනතාව විසින් සිතනු ඇතැයි අනුර දිසානායක යාපනයට පැමිණ කියා තිබෙන බව කී ජනාධිපතිවරයා එය යාපනයට මෙන්ම උතුරට ද කළ තර්ජනයක් බව සඳහන් කළේය. සිංහල ජනතාවගේ නම පාවිච්චි කරමින් උතුරට තර්ජනය කිරීම ගැන අනුර කුමාර දකුණෙන් ද සමාව ගත යුතු බව කී ජනාධිපතිවරයා අනුරගේ එම එම ප්‍රකාශය තමා දැඩි ලෙස හෙලා දකින බව සඳහන් කළේය. අනුර මෙම ජනපතිවරණයෙන් ජයග්‍රහණය නොකරන බව කී ජනාධිපතිවරයා තර්ජන…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට අද (8) විශේෂ දිනයක් ප්‍රකාශ කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. ලබන 11,12,13,14 දිනවලද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට නියමිතය.
පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව ඊයේ (07)දින මිය ගිය බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ කහටගස්දිගිලිය,රන්පත්විල ප්‍රදේශයේ පදංචිව සිටි ආර්.ඩබ.එම්.ජී.අබේරත්න(52)නැමති විශ්‍රාමික හමුදා භටයෙකි. මෙම පුද්ගලයා පුංචිහල්මිල්ලෑව කුඹුරැ යායට පැමිණි වන අලියන් පලවා හැරිමට ගොස් සිටියදි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මිය ගිය බව කහටගසදිගිලිය පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එස්.අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට අඹගස්දෝව පොලිසිය පවසයි. ජනාධිපති අපේක්ෂක හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමේ ආරක්ෂාව සදහා අවට පොලිස් ස්ථානවලින්ද නිළධාරින්ද කැදවා තිබුණි. එම රැස්විම පැවැත්වෙන අතරතුරදි ඌවපරණගම ප්‍රදේශයේ පදිංචී පාසැල් සිසුවකු හා විශ්ව විද්‍යාල සිසුවකු රැස්ව්ම් ශාලාවට ඇතුළු විමට උත්සහා දැරිමේදි එහි සිට් අඹගස්දෝව පොලිසිය හා බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ පොලිස් නිළධාරින් විසින් පරික්ෂාවට ලක්කර තිබේ. එම තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබි හමුවිමෙන් පසු ඔවුන් අත් අඩංගුවට ගෙන මෙසේ වැලිමඩ පොලිසියට භාරදුන් බව අඹගස්දෝව…
පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි. ගින්න මැඩ පැවත්වීමට තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒකකය සහ ගිනි නිවන හමුදාව දැඩි උත්සහායක් ගනී. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොමැති අතර විදුලි කාන්දුවක් බවට සැක පල කරයි ගින්නෙන් තීන්ත හා ඉලෙක්ට්‍රික් වෙළෙද සලක් විනාශ වී ඇති අතර ගිනි ගන්නා සුලු ටිනර් ඇතුළු තීන්ත තිබිම නිසා ගින්න මැඩලීමට අසීරු වී ඇති බව ද කදුරුවෙල පොලිසිය කියයි.
ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ මැර කණ්ඩායම් පාලනයට වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම එවැනි කලබල කරන පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමටද මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් දී ඇත. ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර රට පුරා අනවසර ගිනිඅවි සහ පාතාල කල්ලි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි සඳහන් කළේය. විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් ද ඒ සඳහා යොදවා ගැනෙන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. රට පුරා අනවසර ගිනි අවි ලක්ෂ දෙකක් පමණ පවතින බවට ආරක්ෂක අංශ අනුමාන කරයි. ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන 21 වැනිදා…
පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, ළදු කැළෑවක් තුළ සඟවා තිබූ මත්පෙති 35,470 තොගයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි. වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය සමඟ එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇත. මෙම මත්පැති තොගය මලු දෙකක බහා තිබූ අතර නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරේ. අත්අඩංගුවට ගත් මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදාව භාරයේ තබා ඇත.
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි. ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවද පැවසූ ඒ මහතා ආනයනය කරන බිත්තරයක් රුපියල් 40 ක මුදලකට ලබා දීමේ හැකියාව පවතින බවද පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ඊ.ආර්. වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (8) දින සිට ගුවන් හමුදා ගුවන් යානා සංචිතයට එක්වන බව ගුවන් හමුදාව පවසයි. මෙම ගුවන් යානය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදී ඇති බව ගුවන් හමුදාව කියයි.
ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය සහ සම්පත් අවභාවිත කිරීම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ සහ මැතිවරණ කොමිසමේ නියෝග ප්‍රතික්ෂේප කිරීම බරපතල තත්වයක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා ඊයේ (6) පැවසීය. ඇතැම් වෘත්තීන්වල නිතරව සිටින විශේෂයෙන් කාන්තාවන් ඇතුළු ලක්‍ෂ තුනකට පමණ ඡන්ද අයිතිය අහිමිවීම ද විශාල ගැටලුවක් බව කී පරාක්‍රම මහතා රට සිටින ජනතාව ඇතුළු පුරවැසියන් සියයට 10 කට පමණ ඡන්ද අයිතිය අහිමිවී ඇතැයි ද සඳහන් කළේය. මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය කොළඹදී ඊයේ (6) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා එසේ පැවසීය. මන්ත්‍රීවරු දෙවැනි ගිනිඅවියත් ඉල්ලා සිටීම, වැඩබලන පොලිස්පතිවරයෙක් පත්නොකිරීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප්…
