Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළයුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. දහවන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. “මේ පාර්ලිමේන්තුව ඓතිහාසික වෙන්න හේතු ගණනාවක් තිබෙනවා. වැඩිම කාන්තා නියෝජනය ලෙස මන්ත්‍රීවරියන් 22ක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ඒ වගේම මන්ත්‍රී ආසන 225න් මන්ත්‍රී ආසනය එකසිය හැට දෙකක්ම නවක මන්ත්‍රීවරුන්. නවක මන්ත්‍රීවරුන් වැඩිවීමට හේතුව අපි අවබෝධ කරගත…
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ. එමගින් විදුලිය සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීමට සැලසුම් කෙරේ. නිවාස සඳහා විදුලිබලය සැපයීම 100% කර ගැනීමට ශ්‍රී ලංකාව 2016 වසරේදී සමත්විය. එසේම මෙරට විදුලිබල ඉල්ලුම 2023 වසරේදී උපරිමය වාර්තාකළ අතර එය මෙගාවොට් 2800කි. ඒ සඳහා පුනර්ජනනීය බලශක්තියෙන්ද සැලකිය යුතු දායකත්වයක් ලැබුණි. එය 2030 වනවිට සැලකිය යුතු ලෙස වර්ධනය වෙතැයි අනුමාන කෙරේ. 2023 දී මෙරට විදුලිබල උත්පාදනය ට 50%ක පමණ දායකත්වයක් ලබාදී තිබුණේ තාප බලාගාර මගිනි. නව ව්‍යාපෘති ඔස්සේ…
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුපියල් මිලියන 100 බැඳුම්කරයක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(25) නියෝග කළාය.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක නිරත වූ විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනකුගෙන් සැදුම්ලත් කල්ලියක් රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා විවිධ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බවත් නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. මත් මුද්දර, මත්කරල්, කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් හා සියුම් කිරුම් මිනුම් සඳහා භාවිතා කරන කුඩා තරාදි දෙකක් සමග පෞද්ගලික විශ්ව විද්‍යාලය සිසුන් පස්දෙනකු මෙලෙස ඊයේ(24) අත්අඩංගුවට ගෙන ඇත. විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ඉලක්ක කර ගනිමින් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නියැලෙන පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් සිටින බවට ලද රහසිගත තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මාලඹේ පිහිටි පෞද්ගලික…
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ. මේ හේතුවෙන් නිවාස භාර ගන්නා පාර්ලිමේන්තු නිලධාරීහු අපහසුතාවයට පත්ව සිටිති. මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ දැනට නිවාස භාරදී අවසන්ව ඇත තව බාර දීමට ඇත්තේ මන්ත්‍රීවරුන් විසිදෙනෙකුගේ නිවාස පමණක් බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. වහාම එම නිවාස භාරදෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ඒ මන්ත්‍රීවරුන්ට යළි සිහිකැඳවීමක් කර ඇත. නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස භාරදීම ලබන 3 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. නවක මන්ත්‍රීවරු හතළිස් දෙනකු පමණ නිවාස ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහැකි තත්වයකට පත්ව ඇතැයි ගොවියෝ සහ කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති. උඩරට එළවළු වර්ග රට පුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යෂ්ථානයට එළවළු තොග මිලදී ගැනීම සදහා දෛනිකව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙළෙදුන් පැමිණේ. පැවති වර්ෂා සහිත කාලගුණ තත්වය හේතුවෙන් හා අර්තාපල් වගාව සදහා විශාල වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන් අර්තාපල් වගා නොකර එළවළු වර්ග වගා කිරීමට ගොවින් පෙළඹීමත් හේතුවෙන් මෙලෙස එළවළු තොග විශාල වශයෙන් කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බව වෙලෙදුන් පවසයි. මේ…
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ) මුදලකට අලෙවි වී තිබේ. මෙය ලොව වැඩිම මුදලකට අලෙවි වූ කෙසෙල් ලෙසද සැලකේ. පසුගියදා පැවැති සදබි වෙන්දේසියට කෙසෙල් ගෙඩියක් රිදී පැහැති ඩක් ටේප් එකකින් බිත්තියට අලවා ඉදිරිපත් කර ඇත. එම කෙසෙල් ගෙඩිය උපහාසාත්මක කලා නිර්මාණ කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මොරිෂියෝ කැට්ලන්ගේ “කමීඩියන්” නැමැති කලා නිර්මාණය බවට වෙන්දේසිකරුවන් ලංසුකරුවන්ට හඳුන්වා දී ඇත. එහිදී චීන ක්‍රිප්ටො කරන්සි ව්‍යවසායකයකු වන ජස්ටින් සන් විසින් මෙම නිර්මාණය අනෙකුත් ලංසු තබන්නන් පරදවමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 කට මිලදී ගෙන තිබිණි.…
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නිසි ක්‍රමවේදය සහ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය. ලැයිස්තුවේ සිටින සියලු දෙනා ගුණාත්මකභාවයෙන් ඉතා ඉහළ අය බවත් මේ සියලු දෙනාටම රට ගොඩගැනීමේ ලොකු වගකීමක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කොළඹ දී අද (24) පැවසීය. ලැයිස්තුවේ ඉතා පරිණත කොට්ඨාසයක් සිටින බවත් තමාගේ හිතේ ඇත්තේ කඩාවැටුණු ගරාවැටුණු රට සහ ලක්ෂ 220ක් ජනතාව ගොඩගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නවක මන්ත්‍රිවරුන්ගේ…
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය. හිටපු අමාත්‍යවරු මෙවැනි ආකාරයට කටයුතු කිරීම නිසා රාජ්‍ය ආයතන විනාශ වූ බවත් තමන්ට ලැබුණු පළමු දුරකථන ඇමතුම හිඟ බිල ගෙවන ලෙස දුරකථන සමාගමෙන් බවත් ඒ මහතා කීය. ඒ මහතා දුරකථන ඇමතුම අමාත්‍යවරයා මෙසේ විස්තර කළේය. “මගේ අමාත්‍යංශයට මම ගියාම ඇමතිවරයා දෙන ටෙලිෆෝන් එකක් තියෙනවා. මම ගිහිල්ලා හවස හතරාමාරට විතර කෝල් එකක් ආවා. මම හිතුවා එක්කො මට සුබ පතන්න කවුරු හරි වෙන්න ඇති නේද කියලා බොහෝ ආසාවෙන් ගත්තා.…
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. අනෙකුත් රජයේ මන්ත්‍රීවරුන්ටද ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සුඛෝපබෝගී නොවන වාහනයක් ලබා දෙනු ඇතැයි එම නිලධාරියා පැවැසුවේය. ඒ අනුව නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම කුමක් හෝ වාහනයක් සිය නිල රථය ලෙස ලැබෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. නව රජයේ අමාත්‍යවරුන්ට නව නිල වාහන නොලැබෙනු ඇති බවත් ඒ ඒ අමාත්‍යාංශවල සිටි පසුගිය රජයේ අමාත්‍යවරුන් බාරදුන් නිල වාහන නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙනු ඇති බවත් එම රාජ්‍ය නිලධාරියා පැවැසුවේය. මන්ත්‍රීවරුන්ට ඔවුන් තේරී පත්වූ දිස්ත්‍රික්ක වලට රජයේ කටයුතු සඳහා විශාල දුරක්…
