Author: LANKA24X7

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010- 2014 දක්වා වසර හතරක කාලයේදී රුපියල් කෝටි තුන්සිය පනස් හතකට වැඩි මුදලක් වැය කර ඇතැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (27) පැවසුවාය. රාජ්‍ය නායකයෙකු විදේශ සංචාර සඳහා වැය කළ වැඩිම මුදල එය බව පැවසූ අගමැතිවරිය ඔහු විදේශ සංචාර සදහා 2013 වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 114 කට වැඩි මුදලක් වැය කර ඇති බවද ප්‍රකාශ කළාය. අමරසූරිය මෙනවිය මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව සහ උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015-2019 අතර කාලයේදී විදේශ සංචාර වෙනුවෙන් රුපියල් තිස් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇති…

Read More

කෘතිම පාදයේ සඟවා හොරයින් මත්කුඩු සඟවා ජාවාරමේ යෙදුණු පුද්ගලයකු අද (27) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. එම සැකකරු කෘතිම පාදයේ සඟවා තිබූ හොරයින් මත්කුඩුද පොලිස් භාරයට ගෙන ඇත. දකුණු පාදයට කෘතිම පාදයක් සවිකල හෝමාගම මුණසිංහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.දින කීපයක් එම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමට අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් අවේක්ෂණ රාජකාරී යොදවා සිදු කළ සොයා බැලීමේදී ඔහු කෘතිම පාදයේ සඟවාගෙන මත්කුඩු ජාවාරම සිදු කරන බවට තහවුරු කර ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි ඒ අනුව ජාවාරම්කරු මත්ද්‍රව්‍ය රැගෙන නිවස…

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව “ස්කයිප්” තාක්ෂණය ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී බන්ධනාගාර භාරයේ පසුවන හරක් කටා අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබුණි. රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආරක්ෂක හේතුන් මත එම විත්තිකරු අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම් දුන්නේය. එමෙන්ම අදාළ නඩුව “ස්කයිප්” තාක්ෂණ විභාග කිරීමට අවසර දෙන…

Read More

මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට තරයේ අවවාද කර තිබේ. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතු බව ශ්‍රී ලංකා මහ බංකුව අදාළ…

Read More

ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජය තුළ දක්නට ඇති බව, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඩිජිටල් සේවා සඳහා බදු පැනවීමේදී යම් සහනයක් ලබාදී ඇති බවයි. “දේශීය අදායම් පනතට සිදුකරන ලද සංශෝධනවලදී සේවා අපනයනය සම්බන්ධයෙන් 15%ක බදු පැනවීමට අදාළව සමාජයේ යම් කතිකාවතක් පැනනැගිලා තියනවා. වැඩිපුර හා අලුතෙන් බද්දක් ගහලා කියන අදහස. ඇත්තටම අපි අදායම් බදු නීතිය යටතේ ආදායම් බදු ගෙවීමට සෑම තැනැත්තෙක්ම යටත් වෙනවා. නමුත් අපි තනි පුද්ගලයෙක් ගත්තොත් ඔබ ලංකාව ඇතුළත දී උපයන ආදායමක් තියනවනම් ඒ ආදායම ලංකාව ඇතුළෙන්ම…

Read More

පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ 19 හැවිරිදි තරුණියක් හදිසියෙම නිවස තුළදී සිහිසුන් නොමැතිව සිටියදී මව්පියන් විසින් ඊයේ ( 26) රෝහලට රැගෙන යද්දී තරුණිය මරණයට පත්ව සිටි බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම කල්අඩිය පදිංචි ඩි.එච්.චමුදි විදර්ශන නැමති තරුණියකි. මව පියා හා එක් සොහොයුරීයක් පමණක් සිටින පවුලක වැඩිමහල් දියණීයක් බව කියයි. ඇය අපොස උසස් පෙළ පුත්තලම ආනන්ද ජාතික පාසලින් හදාරා ඇති බව කියයි. මරණයට පත් තරුණීය අපොස උසස් පෙළ හැදැරිමේන් පසු කුරුණෑගල උසස් අධ්‍යාපනය ඩිප්ලෝමාවක් හදාරමින් සිටි තරුණියක් බව කියයි. සතියෙ දින පහම කුරුණෑගල නගරයෙ පැවති උසස් අධ්‍යාපන පාඨමාලාවට සම්බන්ධ වන බවත් පසුගිය (25) දින සවස නිවසට පැමිනිමේන් පසු…

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26)පැවසීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරෑරුම් අයුරින් සලකා බැලිය යුතු යැයි ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති තරුණ නීතිවේදී හමුවකදීය. එම නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය හැසිරෙන දෙබිඩි පිළිවෙත පිළිබඳව රජය…

Read More

සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය වූ තරුණයන් කීපදෙනෙකු විසින් එක් තරුණයකුට පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එම තරුණයාට පහරදුන් බව කියන තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන තිදෙනෙකි. කෑගල්ල ප්‍රදේශයේ දී එම තරුණයාට පහරදුන් බව අනාවරණය කරගැනීමෙන් පසුව කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විමර්ශන ආරම්භ කර තිබුණි. එම වීඩියෝ සමාජ මාධ්‍යයේ පළවීමෙන් අනතුරුව ඉතාම කෙටි කාලයක් ඇතුළත දී සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

නැගෙනහිර පළාතේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (27) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. නැගෙනහිර පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා නැගෙනහිර පැළාතේ ප්‍රධාන ලේකම්වරයා සමග පසුගිය ජනවාරි මස 10 වන දින පැවැති සාකච්ඡාවේ දී එලැඹි එකඟතා කඩවීම මෙම විරෝධයට හේතුවී ඇති බව එම සංගමය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සහ එහි ලේකම් සී.එස්. මුතුකුඩ යන මහත්වරුන් නිවේදනයට අත්සන් තබා ඇත.

Read More

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (27) පිටත්ව යයි. ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේ දී හෙට (28) මෙම දෙසුම පැවැත්වෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්,ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දෙසුම් පවත්වති. රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙයයි. හිටපු ජනාධිපතිවරයා මාර්තු 2 දා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

Read More