Author: LANKA24X7

ගොවී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ව්‍යාජ ලෙස පවත්වාගෙන ගියා යැයි කියන සංවිධානයක මුවාවෙන් , හිටපු ඇමතිවරයකු සහ නිලධාරීන් දෙදෙනකු රුපියල් මිලියන හතරකට ආසන්න මුදලක් මිහින්තලේ ගොවිජන බැංකුවෙන් අවභාවිතා කර ඇති බව ගොවි සංවිධාන ලේකම්වරයකු සංදේශයක් ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් කළේය. මෙලෙස මුදල් අවභාවිතා කළේ යැයි කියනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයකු ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරිවරයකු සහ මිහින්තලේ ගොවිජන සේවා කාර්යාලයේ ලිපි කාරණීයක වන බව සංදේශයේ සඳහන් වේ. මෙලෙස මිහින්තලේ සංවර්ධන සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කර සිටිනුයේ මිහින්තලේ බෝගහයාය, ගොවි සංවිධානයේ ලේකම් එමි.කේ.පද්මසිරි නමැත්තෙකි

Read More

ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ ඉලිබ අත්කම් නිවාස සංකීර්ණය පිහිටි නිවස පසුගිය (2) රාත්‍රී සොරු බිඳ ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි පැමිණි සොරුන් රුපියල් 25000ක මුදලක් රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් පසුගිය (2) සවස සිට එම නිවසේ සිට නැති අතර ඊයේ (3) පෙරවරුවේ පැමිණෙන විට නිවසේ කාමරයේ රෙදිපිලි ඇද දමා අල්මාරිය විවෘතව තබා තිබෙන අයුරු දැක විමසිලිමත් වීමේදී මුළුතැන්ගෙහි දොර සහ ජනේලයක් විවෘතව තිබෙන අයුරු වැඩිදුරටත් දැක තිබූ බව පැමිණිල්ලේ සඳහන්ය අල්මාරිය තුළ රෙදි පිළි අතර තිබූ මුදල් මෙලෙස රැගෙන…

Read More

මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම දැනුම්දෙයි. බොහෝවිට මෙම මාසය සඳහා ගෑස් මිල නොවෙනස්ව පැවතිය හැකි බව ද එම සමාගම සඳහන් කළේය. මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි…

Read More

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් 19 රෝගීන්ද ඒ අතර සිටින බව විදෙස් වාර්තා පෙනවා දෙයි. එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බවද වාර්තා වේ. වෛරස තත්ත්වය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බව සඳහන්. පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පැවසෙන නමුත්, මෙතෙක්…

Read More

හම්බන්තොට සුචි ගම්මානයේ එකම පවුලේ තරුණියන් දෙදෙනකු ඕමානයට රැගෙන ගොස් කාමරයක රඳවාගෙන බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටියදී එක් තරුණියක් පසුගිය දින ගෙල වැලලාගෙන දිවිනසාගෙන ඇත. හම්බන්තොට ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියකු මැදිහත්ව ඩුබායි රාජ්‍යයේ රැකියා දෙන බව පවසා මෙම තරුණියන් දෙදෙනා ඕමානයට රැගෙන ගොස් ඇති බව කියති. මෙලෙස පසුගිය 24 වන දින ඕමානයේදී ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ හම්බන්තොට සුචි ගම්මානයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි. මෙම තරුණිය සමඟ 24 හැවිරිදි ඇයගේ වැඩිමහල් සහෝදරියද අදාළ සමෘද්ධි සංවර්ධන නිලධාරියාගේ මැදිහත්වීම මතම රැකියාවක් සඳහා පිටත් කර තිබේ. ගෙල වැලලාගෙන මියගිය තරුණියගේ මාපියන් පවසන්නේ ඩුබායි රාජ්‍යයේ රැකියාවක් දෙන බව පැවසූ නමුත්, සමෘද්ධි නිලධාරියා ඇතුළු පිරිස සිය දරුවන්…

Read More

ජපානයේ රැඳී සිටින මෙරට පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු සමඟ එරටදී ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සීදූව ලියනගේමුල්ලේ ව්‍යාපාරික පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බවට සැක කරන තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ. එම පාතාලයේ අපරාධකරු විසින් දුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බව විමර්ශන කණ්ඩායම් සැක කරයි. මෙම වෙඩි තැබීම පසුගියදා (28) සවස සිදුවන්නේ සීදූව ලියනගේමුල්ලේ පිහිටි ව්‍යාපාරිකයාගේ නිවෙස පිහිටි ගෙවත්තේදීය. මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් ටී-56 ගිනිඅවි දෙකකින් ව්‍යාපාරික පියාටත් පුතුන් දෙදෙනාටත් වෙඩි තබා පලා ගොස් තිබිණි. මෙම වෙඩි තැබීමෙන් බස් රථ හිමිකරුවකු වන පොලියට මුදල් දීමේ ව්‍යාපාරයක නිරත එම…

Read More

කාන්තා පොලිස් බැරැක්කයට හොර රහසේ අයුතු ලෙස ඇතුල්වී සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු නොරොච්චෝලෙයි පොලිස් සථානාධිපතිවරයා විසින් පෙරේදා (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ඉහත චෝදනාව යටතේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලෙයි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයකි. නොරොච්චෝලෙයි පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් බැරැක්කයට පුද්ගලයකු ඇතුළුවී ඇති බවට ලැබී ඇති රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක්වූ නොරොච්චෝලෙයි පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා වහා සිදුකළ පරීක්ෂණයකදී කාන්තා පොලිස් බැරැක්කය තුළට ඇතුළුවී සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. අත්අඩංගුවට ගනු ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයාට භාරදීමට කටයුතු කර තිබුණි.

Read More

පිටකොටුව පීපල්ස් පාක් වෙළඳ සංකීර්ණය ආපනශාලාවකින් ඇනවුම් කළ පැණි බීම බෝතලයක් වෙනුවට පිරිසිදු කාරක අඩංගු බෝතලයක් ලබාදීමෙන් අනතුරුව එය පානය කල තරුණියක රෝගාතුර වී රෝහල් ගත කළ බවවේල්ල වීදිය පොලිසිය කියයි ඒ සම්බන්ධයෙන් ආපනශාලාවේ සේවකයන් තිදෙනෙකු සහ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සේවකයන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ ගත් බව පොලිසියය කියයි එම ආපන ශාලාව තුළ තිබී තවත් හිස් පැණි බීම බෝතල් වල බහා තිබූ පිරිසිදු කාරක දියර අඩංගු බෝතල් දෙකක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි

Read More

මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “එල්.එම්.ඩී” සඟරාව 2024 වසර සඳහා ” වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම්කර ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරමින් “එල්.එම්.ඩී” සඟරාව ප්‍රකාශ කර සිටියේ මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීම ආරම්භ වීම මහ බැංකු අධිපතිවරයාගේ නායකත්වයෙන් සිදුවූ බවයි. ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යථාර්තවාදී වූ බවත් මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය ක්ෂණිකව විසඳිය නොහැකි යැයි ඔහු පිළිගත් බවත් “එල්.එම්.ඩී” සඟරාව පැවැසුවේය. වීරසිංහ මහතා මෙරට ආර්ථික අර්බුදයේ සැබෑ ස්වරූපය ජනතාවට පහදා දුන් බවත් දුෂ්කරතා එම…

Read More