Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පොල්තෙල් ආනයනකරුවන් පිරිසක් රජයට රුපියල් කෝටි 5000ක වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය. පොල්තෙල් අානයකරුවන් ගිය වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝ කෝටි 3900 ක් ආනයනය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. බුද්ධික ද සිල්වා මහතා මෙසේ පැවසුවේ දෙහිවලදී පෙරේදා(4) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මෙරට තිදෙනෙකුට අයිති ආයතන හයකින් මෙම බදු වංචාව කර ඇති බව පවසන ප්‍රධාන කැඳවුම්කරු මේ අය අතර මත්ද්‍රව්‍ය අානයනය කිරීමේ චෝදනාවට ලක් වූ අයද සිටින බව ප්‍රකාශ කළේය. දේශීය කර්මාන්තකරුවන්ට පනවා ඇති වැට් බද්ද හා සමාන වැට් බද්දක් පොල්තෙල්…
ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 05කින් තරුණයෙක් සහ කාන්තාවක් ඇතුළු පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (04) එම අනතුරු සිදුව තිබුණේ ඇඹිලිපිටිය, ආනමඩුව, පොතුහැර, කටුවන සහ නිට්ටඹුව යන පොලිස්වසම්වලය. රත්නපුරය – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගල්වංගුව ප්‍රදේශයේදී උඩවලව දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ බස් රථයක් බස් නැවතුමේ නවතා මගීන් රැගෙන එම නැවතුමෙන් යළි ධාවනය කිරීමේදී එහි සිටි මගී කාන්තාවක් බස් රථයේ පිටුපස රෝදයට හසු වීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ මගී කාන්තාව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වෙයි. එමෙන්ම ආනමඩුව, ආඩිගම – කිරියන්කල්ලිය මාර්ගයේ කට්ටුව ප්‍රදේශයේදී ආඩිගම දෙස සිට…
මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8 පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ලද තොරතුරක් මත අදාළ සැකකරුවන අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී මිලිමීටර් 9 ගිනි අවි සඳහා භාවිත කරනු ලබන උණ්ඩ 50කට අධික ප්‍රමාණයක්, අත්බෝම්බ 02ක් සහ ටී – 56 ගිනි අවිය සඳහා භාවිත කරනු ලබන පතොරම් 80කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් මෙහිදී සොයාගෙන තිබේ. මේ අතර මෙවැනි නීනිවිරෝධී ගිනිඅවි සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි හා ආවේක්ෂණ ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය විසින් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව…
Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කිරීම (ඉෂ්ඨරූප) සමගින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය. දෙවන මෙහෙයුම මගින් උපායදූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණය කර ගැනීමෙන් පසු එම වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක…
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනාගත පරපුරේ උන්නතියට දායක වෙමින් ගුවන් හමුදා රත්මලාන කඳවුරේ නවීන පහසුකම් සහිතව ඉදිකරන ලද පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා ද සහභාගි විය. නවීන පහසුකම් සහිත මෙම පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය විදුහල්පති කාර්යාලයක්, ගුරු විවේකාගාරයක්, ළමුන් 100 දෙනෙකුට පමණ අධ්‍යාපනය ලබාගත හැකි ඉඩකඩ සහිත පන්ති කාමර හතරක් සහ පුද්ගලයන් 200 දෙනෙකුට පමණ අසුන් ගත හැකි ශ්‍රවණාගාරයක් යන ආකාරයේ පහසුකම් ඇතුළත් වේ. එමෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුලින් එකවර දරුවන් 20 දෙනෙකුට ආරක්ෂිත…
පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. නිදහස් දින උළෙල සම්බන්ධ සංවිධාන කටයුතු, ආරක්ෂක වැඩපිළිවෙළ සහ ඉදිරිපත් කරන සංස්කෘතික අංග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. නිදහස් දින උත්සවය පෙබරවාරි මස 4 වැනි දින කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට අමාත්‍යවරු වන ආචාර්ය ඒ.එච්.එම්.එච් අභයරත්න, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු , කුමාර ජයකොඩි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ලේකම්වරු වන ආලෝක බණ්ඩාර, නාලක කලුවැව සහ එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොත්තා යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය එම විභාගය ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් දෙමාපිය පිරිසක් මූලික අයිතිවාසිකම් කඩවිමසම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබූ අතර එම අධිකරණය දුන් තීන්දුවට අනුව ගත් පියවරක් මත මෙම අගැයීම සිදුකෙරේ.
බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගනු ලැබිය. බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසළ වෙළදසැලක් අසළදි ලොරිය නවතා සහල් මිටි බෑමට සුදානම් වෙද්දි ලොරිය තුළ සහල් මිටි අතර සුනඛයින් දෙදෙනකු සිටින ආකාරය නගරයේ සිටි අයකු දැක ජංගම දුරකථනයෙන් විඩියෝ කර මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන්ට යොමු කර තිඹුණි . ඒ අනුව එම නිලධාරීන් විසින් ලොරිය අත් අත්ඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සිදු කර තිබේ රුපියල් ලක්ෂ විසි එක ඉක්මවු මුදලකට අලෙවි කරන කැකුළු සහල් තොගයක් මෙම ලොරියේ තිබු බවත්…
කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය වෙන් කෙරෙන වසර 100 ක් පමණ පැරණි මොරටුව දිගරොල්ල පාලම අවදිමත් ලෙස බැහැර කර දැඩි පාරිසරික හානියක් කර තිබූ කැලිකසල ඉවත් කිරීම කිරීම පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා සමගාමීව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියමෙන් මහජන සහභාගිත්වයෙන් පරිසරය පිරිසිදුව තබා ගැනීම අරමුණු කරගෙන සුද්ද පවිත්‍ර කිරීම සිදුකෙරිණි පුරා පැය තුනහ මාරකට අධික කාලයක් පානදුර උතුර පොලිසියේ පරිසර අංශයේ නිලධාරීන් , පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, හා හොරේතුඩුව සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් එක්ව දිගරොල්ල පාලම මත දමා තිබූ විවිධ කැලි කසල වෙන්කර ඒවා ට්‍රැක්ටර් තුනක…
දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව ජාතික විගණන කාර්යාලය දකුණු පළාත් සභාව සම්බන්දයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර තිබු වාහන සහ යතුරුපැදි 178ක්, ආයතන විසින් ඉදිරිපත්කොට තිබු වාහන ලැයිස්තුවල සදහන් වාහන 07ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. එමෙන්ම මුල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගතකර තිබු වාහන සහ යතුරුපැදි 04ක භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකිවි ඇත.
