Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. කෙසෙවෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරස තත්ත්වය එතරම් බරපතළ නොවනු ඇති බවය.
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ. ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව පසුගිය 29 වනදා සැකකරුව ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්ම අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය. සැකකරු ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇත. එහි සඳහන්ව තිබුණේ, අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා…
රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී මෙම හමුව පැවැත්වුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේය. විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමුව ඇත. මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.
රාජාංගනය, අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ සිටි කුඩා දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (05) රාත්‍රියේ ත්‍රිරෝද රථය මෙලෙස පෙරළී ඇත්තේ මාර්ගය හරහා ගිය සුනඛයකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී බවය. ත්‍රිරෝද රථයේ රියදුරු හා පිටුපස අසුනේ ගමන් කළ දරුවා අනතුරෙන් තුවාල ලබා නොච්චියාගම රෝහල වෙත ඇතුළත් කිරීමේදී දරුවා මියගොස් ඇත. රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 12ක් වයසැති වැලිහේන, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රාජාංගනය…
2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. විමර්ශනයෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය. “කර්මාන්තවලට, කෘෂිකර්මාන්තවලට ඉඩම් නිකුත් කරනවා LRC එක හරහා. නමුත් පහුගිය කාලයේ ඉඩම් බෙදා දුන්න ඒවා සහ ඉඩම් පවරපු ඒවා සම්බන්ධයෙන් විශාල ගැටලු තොගයක් තිබුණා. පහුගිය දවසක කැබිනට් එකෙන් තීරණයක් ගත්තා 2015 ඉඳලා මේ…
පොලිසිය අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සම්පූර්ණයෙන් අවසන් නොකර උද්ධෘත හා විශේෂ වාර්තා එවා ඇති අවස්ථාවල ඒ පිළිබඳ ලිපි ගොනුවක් විවෘත නොකර සිටීමටත් එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ගොනු නොකරීමටත් නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. අපරාධ පැමිණිලි සම්බන්ධයෙන් විශේෂයෙන් සමාජය තුළ කතාබහට ලක්වෙන දැඩි අපරාධ පැමිණිලි සම්බන්ධයෙන් චෝදනා ගොනු කරනු ලබන අවස්ථා අවම බවට එල්ල වන චෝදනා මධ්‍යයේ මතුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් නීතිපති දෙපාර්තමේන්තුව මෙම තීරණයට එළැඹ තිබේ. දැඩි අපරාධ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ප්‍රමාදවීමට ප්‍රධාන හේතුව පොලිසිය විමර්ශන කටයුතු සම්පූර්ණයෙන් අවසන් නොකිරීම බව පෙන්වාදෙමින් නීතිපති දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත. නීතිපති දෙපාර්තමේන්තුවේ නව තීරණයට අනුව අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසිය…
ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති බැවින් විදේශ ගමන් බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත් ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක් එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පෙනී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම්පත් රාශියක් ඉදිරි සති කීපයේදී ගලා ඒමට නියමිත බවත් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීම සඳහා විදේශ ගමන් බලපත්‍ර අංකය සැපයීම අනිවාර්ය කරුණක් බවත් තොරතුරු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. රට…
ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන්ගේ ආශීර්වාද ලබා ගත්තේය දළදා මාළිගාවට පැමිණි නව හමුදාපතිවරයා දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුදාපති වරයා පිළිගනු ලැබීය. දළදා මාළිගාවට පැමිණ සිටි විදෙස් සංචාරක තරුණියක් නව යුධ හමුදාපති වරයාට ආචාර කර ගෞරව දැක්වූ අවස්ථාව.
ආණඩුව ක්‍රියාත්මක කර තිබෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථ අපහසුතාවට පත්කරන්නේ යැයි චෝදනා කරමින් බස් රථ හිමියන් වර්ජනයකට සූදානම් වන බව පෞද්ගලික බස් රථ සමිති ඊයේ (5) පස්වරුවේ පවසති. වර්ජනයකින් තොරව මෙම අසීරුතාව මඟහරවා ගැනීමට පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා තිබුණ ද මේ දක්වා සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් නොලැබුණු බවත් මෙම සතියේ ඉදිරි දින කීපයේදී එම අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන වන බවත් පෞද්ගලික බස් රථ සමිති නායකයෙක් මාධ්‍යට පවසා ඇත. බස් රථවල අමතර උපාංග සම්බන්ධයෙන් සහ වෙනත් කරුණු රැසක් සම්බන්ධයෙන් පොලිසිය පසුගිය දිනවල කටයුතු කළ ආකාරය පිළිබඳව බස් රියදුරයන් සහ සහයකයන්ගෛන් දැඩි විරෝධයක් ඇති බවත් එම විරෝධය බස්…
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් මහතා සිය පවුල සමග සිදුකළ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පසුගියදා සටහනක් තැබීමට අමතක නොකළේය. යමෙකු රටක සංචාරය කරන විට දේශීය ජනතාවට හැකිතාක් සමීපව සිය සංචාරය සිදුකළ යුතු බවත් එලෙස සංචාරය කිරීමෙන් දේශීය ප්‍රජාවට සහ පරිසරයට ප්‍රයෝජනයක් සිදුවන බවත් ජොන්ටි රෝඩ්ස් මහතා පැවැසුවේය. ශ්‍රී ලාංකික ජනතාවට සමීපව සංචාරය කිරීමේ අරමුණින් ත්‍රී රෝද රථ තුනක් මෙරට ත්‍රී රථ කුලියට ලබාදෙන සමාගමක් වෙන ටුක්ටුක් රෙන්ටල්ස් වෙතින් කුලියට ගත්බව රෝඩ්ස් මහතා ප්‍රකාශ කළේය. ටුක්ටුක් රෙන්ටල්ස් සමාගම ශ්‍රී ලාංකිකයන් සතු ත්‍රී රෝද කුලියට ලබාදෙන බැවින් ඔවුන්ටද ඉන් වාසියක් අත්වන බව රෝඩ්ස් මහතා කීය. ටික කලක සිට රෝඩ්ස්…
