Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි. සහල් හිඟයට විසදුමක් වශයෙන් රජය පසුගිය 4 දා සිට පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන් අතර ඒ අනුව ආනයනකරුවන් ඊයේ (8) වනවිට සහල් මෙට්‍රික් ටොන් 115000 ක් පමණ සහල් ආනයනය කර තිබූ බව රේගුව පවසයි. සහල් ආනයනය කිරීමට ලබා දී තිබෙන කාලය හෙටින් අවසන් වීමට සතියකට පමණ පෙර සිටම සහල් ආනයනය කිරීම නතර කළ බව ආනයනකරුවෝ පැවසූහ. මේ අතර රජය වෙනුවෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ද සහල් මෙට්‍රික් ටොන් 980 ක් ආනයනය කර තිබූ අතර තවත් මෙට්‍රික් ටොන් 5200…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යටිතල පහසුකම් අංශයෙන් ඇති හවුල්කාරිත්වය තවත් දැඩි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී මහව – අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියක් ඉදිකිරිම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 14.9 ප්‍රදානයක් ඉන්දීය රජය ලබාදුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය (07) ප්‍රකාශ කළේය. මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක් අතරතුර ඔහු මෙම අදහස් පළ කළේය. පවතින ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී සිසුන් 200 කට (එක් විශ්ව විද්‍යාලයකට සිසුන් 100 බැගින්) පූර්ණ ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක්ද ජනාධිපතිවරයාගේ තෙදින නිල සංචාරයේදී ප්‍රකාශයට…
උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව,මධ්‍යම,දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදි මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකිය.
සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. අධිකාල හානිවාඩු දින වැටුප් වෙනුවෙන් වැය කර තිබුණු මුළු මුදල වැටුපිරිවැයෙන් සියයට 72 ක් බවද එම වාර්තාවේ දැක්වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැය කර ස්ථාපනය කර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් නිෂ්ක්‍රීයව පැවැති බව ජාතික විගණන කාර්යාලය පවසයි. එම යන්ත්‍ර ක්‍රියාත්මක නොවන්නේ නම් වර්තමාන වැටුපට අනුව අධිකාල දීමනා නොගැවීමට භාණ්ඩාගාර ලේකම්වරයා 201 2017 ජුලි මස පළවෙනිදා සිට අතිකාල දීමනා නොගෙවන ලෙස උපදෙස් දී තිබියදී ඊට…
ජංගම දුරකතන, දුරකතන චාජර්, දුම්කොල සහ ලයිටර් අඩංගු පාර්සලයක් කිසියම් පුද්ගලයකු ගාල්ල බන්ධනාගාරය තුළට දමා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. පිටුපස තාප්පයට ඉහලින් පාර්සලයක් බන්ධනාගාරය තුළට වැටෙන අයුරු රාජකාරියෙහි යෙදි සිටි බන්ධනාගාර නිලධාරියෙක් එය අහුලා පරික්ෂා කර ඇත. එහිදි එම පාර්සලයේ තිබි ජංගම දුර කතන පහක්,එම දුරකතන චාජර් තුනක්,ලයිටර් හතරක් සහ දුම්කොල තිහක් සොයා ගෙන ඇත. මෙම පාර්සල බන්ධනාගාරය තුළට දැමු පුද්ගලයා සොයා ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.
අහුන්ගල්ල නගරයේ දි අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. මෙසේ වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ අහුන්ගලේම පදිංචි තීරෝද රථ රියදුරකු බවද පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි. අහුන්ගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මෙන්ම රට පුරා නීතිවිරෝධී බෙහෙත් අළෙවි කරන බවත් එම බෙහෙත් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති ඒවා බවත් එම අධිකාරියට පැමිණිළි කළ බව ‘මගෙන් රටට සංවිධානයේ’ සභාපති සංජය මහවත්ත මහතා ඊයේ (8) පැවසීය. ලියාපදිංචි නොකළ බෙහෙත් ජනතාව අතරට පත්වීම ඉතාමත් භායානක තත්වයක් බවත් එය වැලැක්වීමට ඖෂධ නියාමන ආධිකාරිය වාහාම කටයුතු කළයුතු බවත් ඒ මහතා සඳහන් කළේය. ඩබ්ලිව්.ඕ.ආර්. බලපත්‍ර ප්‍රතික්ෂේප කළ සමාගම්වලින් ලබාගත් බෙහෙත් වර්ග 50 ක් පමණ රටපුරා ඇති බවත් ඖෂධ සපයන ආයතන සහ ඖෂධ පිළිබඳව තොරතුරු, තොරතුරු පනත යටතේ ඉල්ලීම් කළ ද ඒවා නොලැබෙන බවත් මහවත්ත මහතා කීය. ඖෂධ නියාමන අධිකාරියෙන් එවැනි තොරතුරු ඉල්ලා මාසයකට…
2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් මේ වනවිට නිදහස් කර අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා පෙන්වා දෙන්නේ ඒ අනුව නිර්දේශිත වූ ගොවීන්ට හිමි වන්දි මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ යටතේ මේ වනවිට ගොවීන් 6,459 දෙනෙකු සඳහා අක්කර 5,246ක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් නිදහස් කර ඇති අතර වගා හානි නිර්දේශිත වීමෙන් පසු වන්දි මුදල් ගිණුම් ගත නොවූ ගොවීන් වේ නම් ඒ පිළිබඳව අභියාචනා කිරීමට ඔවුන්ට අවකාශ පවතී. ගෙවා අවසන් නොකළ දිස්ත්‍රික්වල වන්දි මුදල කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කෙරෙමින් ඇති බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති…
මහ මැතිවරණයට අදාළව අදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂයින් සම්බන්ධයෙන් වන ලිපි ගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දැනුම් දී තිබේ. අදායම් වියදම් වාර්තා භාර දීම සඳහා සහන කාලයක් ලබා දී තිබූ අතර එම කාලය අවසන් ව ඇතත් අපේක්ෂකයින් පිරිසක් ආදායම් වාර්තා ලබා දී නොමැති බවත් වාර්තා වේ. ඒ අනුව ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව මැතිවරණ කොමිසම පැවසීය. මේ අතර ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් ජනාධිපතිවරණ අපේකෂයින් 5 දෙනෙකුට එරෙහිව එලැඹෙන සතියේදී නඩු පැවරීමට පියවර…
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදී ය. මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ආගමික කටයතු දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් එහි කපු මහතුන් දේවාලය වසා දැමීමට මින් පෙර තීරණය කළේය. මේ හේතුවෙන් බැතිමතුන්ට මෙන්ම සමන් දේවාලය ආශ්‍රිතව රැකියාවේ යෙදෙන පවුල් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් කපු මහත්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි. එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව දේවාලය පූජා වට්ටි බාර ගැනීම ඇතුළු තේවාවන් මෙන්ම සියලුම රාජකාරි කටයුතු සඳහා අද දිනයේ විවෘත කර ඇති බව සඳහන්.
