Author: LANKA24X7

නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අන්තවාදී සංවිධානයක් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරමින් සිටින බවය. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එවැනි කණ්ඩායමක් පිළිබඳව තොරතුරු ලැබීමක් පමණයි තියෙන්නේ. ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කර ගනිමින් පවතිනවා. ජනාධිපතිවරයාත් ආරක්ෂක අංශ වැය ශීර්ෂයට ඇවිල්ලා යම් කරුණු ප්‍රමාණයක් කිව්වා. දැනට අපිට කියන්න තියෙන්නේ ආරක්ෂක අංශ ඒ පිළිබඳව සුපරීක්ෂාවෙන් සිටිනවා…

Read More

වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දී තිබිය දීත් වෛද්‍යවරු වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කිරීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, සාකච්ඡාවකට සුදානම් බවය. හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත වෛද්‍ය වැඩවර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළේය. එසේම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආර්ථිකයට දරාගත හැකි අයුරින් වැටුප් ඉහළ දමා ඇති අතර ආර්ථිකය ඉදිරියේ දී තවදුරටත් ප්‍රකෘති වූ විට සියලු රාජ්‍ය සේවකයන්ට එහි ප්‍රතිලාභ ලබා දිය හැකි බවය. ජනතාව අපහසුතාවයට පත්…

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවගේ ඝාතකයා විසින් සිදුකළ තවත් අපරාධයක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙම සැකකරු 2024.12.13 වන දින කඳාන පොලිස් වසමේ වීදී මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පළා යාමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු බවට එහිදී අනාවරණය වී ඇත. මෙයද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. පසුගිය පෙබරවාරි මස 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ…

Read More

කලුතර නගර මධ්‍යයේ පිහිටී පාසලක දරුවන්ට උදේ ආහාරය සදහා ලබාදුන් බත් පාර්සලයේ මාළු වල පනුවන් සිටී බවට ලද තොරතුරකට අනුව කලුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ. දරුවන් ඊයේ (03) ආහාරය ලබාගැනීමට සූදානම් වීමේදී එක් දරුවෙකු පනුවන් දැක ආහාර බෙදාදීම සදහා නම්කර සිටී මවකට දැනුම් දීමෙන් පසු පංති භාර ගුරුතුමිය දැනුවත් කර විදුහල්පති වරයා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව දෙමාපියන් පවසති. දරුවන් ඒ අනුව මාළු කෑලි බත් පාර්සල් වලින් ඉවත්කර අනෙක් එළවලු සමග බත් ආහාරයට ගෙන ඇති බවද වාර්තාවේ. මේ අනුව ආහාර සැපයුම් කරුගේ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයිද සදහන් වේ. අද…

Read More

හැටන් ෂැනන් වතුයායේ කේ.එමි කොටසේ ඊයේ රාත්‍රි 7.30 පමන හටගත් ගින්නෙන් එම වතු නිවාස 12 ක් සමිපූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පැවසීය. එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවයි ගින්නෙන් අවතැන්වු වතු කමිකරුවන් කියා සිටියේ . ගින්නෙන් නිවාස 12 පදිංචිව සිටි පවුල් 20 ට අයත් සාමාජිකයන් පනස් දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරීමට වතු පාලන අධිකාරිය පියවරගෙන ඇත. පැතිර ගිය ගින්න වතු කම්කරුවන් හැටන් දික්ඔය නගර සහාවේ ගිනි නිවන එකකයේ නිළධාරින් සහ හැටන් පොලීසියේ නිළධාරින් එක්ව පාලනය කළ අතර ගින්නෙන් වතුකම්කරුවන්ගේ පුද්ගලික බඩුබාහිරාදිය විනාශ වී ඇත. ගින්නට හේතුව විදුලිකාන්දුවක් බවට සැකකරයි.

Read More

වයින පුර පැවැති වැසි තත්වය අඩු වීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. නැගෙනහිර වෙරළ තීරයේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වේ.

Read More

වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.? කෙසේ වෙතත් ඔහු ඊයේ (03) දින මාතර කොටවිල පිහිටි ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වනු ඇතැයි සිතා මාධ්‍යවේදීන් එම අවස්ථාව ආවරණය කිරීමට උදෑසන සිට අධිකරණය ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසලට වී සිටියේය. එහෙත් සවස් වන තෙක්ම එවැනි සිදුවීමක් වාර්තා නොවීය. හිටපු පොලිස්පතිවරයා අධීකරණයට බාර විය හැකි බවට බොහෝ දෙනකු අපේක්ෂා කර සිටියේය. එහෙත් වැලිගම මූලස්ථාන පොලීසියේ නඩු දිනය ලබන බ්‍රහස්පතින්දා වන නිසාවෙන් ඔහු මෝසමක් මගින් එදින අධිකරණයට බාර…

Read More

වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරීපත් කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා වරෙන්තු නිකුත් කළේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම වරෙන්තුව නිකුත් කරන ලදි. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වරෙන්තු පිටපත ද රැගෙන සැකකාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලීසියට හා නිල නිවසට ගොස් තිබු අතර ඒ වන විටත් ඔහු එම ස්ථානවලින් පිටව ගොස් තිබුණි.

Read More

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය. ඒ අනුව, මින් ඉදිරියට ඇමෙරිකාවෙන් යුක්රේනයට කිසිදු හමුදා ආධාරයක් නොලැබෙනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින්, කැනඩාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් වන, බෙල්ජියම, ක්‍රොඒෂියාව, එස්තෝනියාව, ෆින්ලන්නය, අයර්ලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය ජර්මනිය ඒකමතිකව තීරණය කර ඇත්තේ යුක්රේනයට හැකි පමණින් සහාය පළ කරන බවය.

Read More

රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනකු අද (04 )දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .‍ මොවුන් දෙදෙනා අතරින් එක් අයෙකු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංච් 32 හැවිරිදි කාන්තාවකි . අනෙක් තැනැත්තිය නාරම්මල ප්‍රදේශයේ පදිංච් 23 හැවිරිදි තරුණියකි . මොවුන් දෙදෙනා මෙම දුම්වැටි තොගය රැගෙන ඒම සදහාම , සංචාරක වීසා යටතේ ඩුබායි බලා ගොස් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

Read More