Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධූර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමතිකම් නොලැබීමත්,අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන්,ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදය උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කළ රෝහිත අබේගුණවර්ධන , එස් එම් චන්ද්‍රසේන, විමලවිර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී බී රත්නායක , එස් බී දිසානායක යන මන්ත්‍රීවරුන්ට ඇමති ධුර නොලැබීමත්, පොහොට්ටුවේ කෙහෙළිය රඹුක්වැල්ල වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ ඇමතිධුර හිතුවක්කාරී ලෙස වෙනස් කිරීමත් මෙම අර්බුදයට හේතු වී ඇතැයි දැනගන්නට ඇත. මේ අතර ,අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සිටී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු බත්තරමුල්ල නෙලුම්මාවත පක්ෂ කාර්යාලයට පැමිණීම ද නතර කර…
ඉහළ පොලියක් ලබා දෙන පවසමින් විශාල පිරිසකගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කර සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානීජ හා මූල්‍ය වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුරුණෑගල හංහමුණව ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් මූල්‍ය ආයතනයේ හිමිකරු සහ ප්‍රධාන පිලිකරු ලබන මස පළමුවැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි වාරියපොළ මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා නියෝග කළේය. සැකකරුවන් යුද හමුදා විශ්‍රාමික සැරයන්වරු දෙදෙනෙකි ජනතාවගෙන් මුදල් වංචා කර වසර දෙකකට ආසන්න කාලයක් සැඟවී සිටිය බව කියන සැකකාර ව්‍යාපාරිකයා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන බව පවසමින් සැකකාර ව්‍යාපාරිකයා හංහමුණව පිහිටි තම නිවසේ අදාළ මූල්‍ය…
පුගොඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් , මගීන් සමග දෙල්ගොඩ ප්‍රදේශයේ නවතා එහි රියදුරා මත් ද්‍රව්‍ය ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් , අභ්‍යන්තර පරීක්ෂණයක්ද සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ගම්පහ දිස්ත්‍රික් (2) කාර්යාලය සදහන් කරයි. මේ වන විට අදාල බස්රථය ධාවනයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව පැවසූ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ගම්පහ දිස්ත්‍රික් (2) කළමනාකාර තිලක් වීරසිංහ මහතා ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද කීය. පසුගිය දිනෙක මගීන් සහිත බස් රථයක් නවතා එහි රියදුරා මත් ද්‍රව්‍ය භාවිතා කිරීම පිනිස ගොස් ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත රියදුරා අත් අඩංගුවට ගෙන තිබිණි.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ 27 වැනි තරගය ලෙස ධරම්ශාලාහිදී ඊයේ (28) පැවැති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලකුණු 5 කින් නවසීලන්තය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. ඕස්ට්‍රේලියානු පිල මෙම වඩාත් තීරණාත්මක ජයග්‍රහණයත් සමග සහභාගි වූ තරග 6 යේදී තරඟ 4 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ශුද්ධ ලකුණු වේගය අනුව ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටියි. නවසීලන්තය මෙම තරඟය පරාජය වුවද තරඟ හතරක් ජය ලබා ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ශුද්ධ ලකුණු වේගය අනුව තුන්වැනි ස්ථානයේ තව දුරටත් රැඳී සිටි. ඕස්ට්‍රේලියානු පිල ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 388 (ඩේවිඩ් වෝනර් 81, ට්‍රෙවිස්…
පුද්ගල ඝාතන 19 ක් සිදු කළ බව කියන පාතාල සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . සැකකරු එම ඝාතන සඳහා යොදා ගත් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් උණවටුන ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සංවිධානාත්මක අපරාධ කරුවකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධූෂ් නමැත්තා ගේ කුලී ඝාතකයකු ලෙස පුද්ගල ඝාතන කළ බව ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව පවසන එම ආරංචි මාර්ග එහිදී අමාත්‍ය මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක්ම එක් කෙරෙනු ඇතැයිද සඳහන් කළේය. අමාත්‍ය ධුරවල වෙනස්කම් සඳහා රජයට දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත. මේ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර පිරිනැමෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් පැවසේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දස දෙනකුට අමාත්‍ය ධුර දෙන ලෙස එම පක්ෂයේ නායකයන් මීට පෙර අවස්ථා ගණනාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලීම් කර තිබිණ. එහෙත්…
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් මෙලෙස බඳවා ගැනීමට අදාළ තීරණය ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන බව ඔහු සඳහන් කළේය. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “තවත් ආයතන රාශියක බඳවා ගැනීම් ඉල්ලනවා. හැබැයි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ අවශ්‍යතාවය ඉතාමත් පැහැදිලිව දකිනවා අමාත්‍යාංශය හැටියට. ඒක අත්‍යවශ්‍යම සේවාවක්. මේ වගේ අවස්ථාවක රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී දැවැන්ත විමර්ශනයක් කරනවා කොහොමද රජයට මේක දරා ගන්න පුළුවන් කියලා. දැනට…
මොරටුව පොලිස් වසමේ, මොරටුව පිරිස් මාවත කෙළවරේ බොල්ගොඩ ගඟේ තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (27) උදෑසන එම මළ සිරුර ඇති බවට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව ද පොලීසිය පවසයි. මියගිය පුද්ගලයා උස අඩි 5ක් පමණ වන තළෙලු සිහින් සිරුරක් ඇති, කොණ්ඩයට කොටට කපා ඇති, දකුණු අතේ වැලමිට අසලින් ඉවත්වී ඇති අයෙක් බව පොලීසිය සඳහන් කරයි. ඔහු කළු පැහැති කොට කලිසමක් හා දුඹුරු පාට ටීෂර්ට් එකක් හැද සිට ඇතැයි ද වාර්තා වේ. මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැනපත් කර තිබේ.
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රිකවල ඇතැම් සිථානවලට මිලි මීටර් 100 පමණ තද වැසි ඇති විය හැකියි. බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානපල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.