Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්‍රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්‍රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6 කට ඉහතදී සේවයට පැමිණි පුද්ගලයකු බරපතල තුවාල ලබා අද මිය ගොස් ඇතැයි තෙබුවන පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ මොනරාගල සිරිගල සිරිගල පහළ කොටස පදිංචිව සිටි මංගල දිනේෂ් 43 විවාහක පුද්ගලයෙකි. ස්කැවරේටර් රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත. මෙයට අමතරව ජනාධිපති නිල නිවාස සහ හිටපු ඇමතිවරුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන්ද තක්සේරු වාර්තා ගැනීමට මේදිනවල කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ලවා පසුගිය සතියේ දී තක්සේරුවක් කරගෙන ඇති බවත් එම තක්සේරුවට අනුව එහි මාසික කුලිය ලක්ෂ 46 ක් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපතිවරුන්ට හිටපු ඇමතිවරුන්ට මින් ඉදිරියට නිල නිවාස නොදීමට රජය තීරණයක් ගෙන ඇත. එසේම ජනාධිපතිවරයාද නිල නිවාස ලබා නොගැනීමට තීරණය කර අැත මෙම තක්සේරු කිරීම අාරම්භ…
නැගෙනහිර,උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ,හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවෙත් වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. උතුරු පළාතේත් වැසි ස්වල්පයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති වේ.
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබේ. නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කෙරුණි. විනාඩි 30ක දීර්ඝ කරුණු දැක්වීමකින් පසු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව ලබන මස 06 වැනි දින නැවත කැඳවීමටද නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (20) එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති බැවින් අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය. ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ගිහාන් ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත්…
දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් සැපයීමේ ඊ 8 විසා ගිවිසුම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට අදාළව , හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට (21)හෙට දිනයේදී ප්‍රකාශයක් ලබා දිය හැකි බව ජනාධිපතිනීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කරුණු දක්වමින් අද(20) පැවසීය. දෙරට ඇති අතර ඇතිකරගත් ගිවිසුම ප්‍රකාරව සේවකයින් විදේශගත කිරීමේදී විදෙස් සේවා නියුක්ති කාර්යංශ පනත හෝ දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව අපරාධයක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව රහස් පොලිසිය හා තැනැත්තන් වෙළඳාම් කිරීමේ හා ජාවාරම් කිරීමේ ඒකකය මගින් සිදු කරන විමර්ශනයන්හි සැකකාරයකු ලෙස නානායක්කාර මහතා මෙතෙක් නම් කොට නොමැති…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන ” ඔන්ලයින්” ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ආධිකාරීවරයා කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සඳහන් කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර තිබෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව මොබිටෙල් ආයතනය සමග online මාර්ගයෙන් ටිකට් පත් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවය.
වැලිකන්ද සේනපුර ගම්මානයේ සිට සෙවනපිටිය නගරයට පැමිණ 20 වැනිදා පෙරවරුවේ විදේශ ගතවීම සඳහා ගුවන්තොටුපොළට යාමට මුතුගල වැවේ පිටවාන හරහා ගමන් කිරීමට උත්සාහ දැරූ අඹුසැමි යුවළක් පිටවානෙන් වැටී සැඩ පහරට ගසා ගෙන ගොස් සැමියා මියගොස් ඇති අතර බිරිඳ ත්‍රිරෝද රථයේ සිටි කීපදෙනකු විසින් බේරා ගැනීමට සමත් වී ඇති බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ සේනපුර වැලිකන්ද ලිපිනයේ පදිංචිව සිටි එක්දරු පියකු වන 35 වියති එච්.එම්.රිස්වාන් යන අය බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය පවසයි.
පොලිස් විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) දින සිට පත් කරනු ලැබ සිටී. වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති අතර ස්ථීර වශයෙන් විශේෂ ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් විශාන්ත මහතා එම තනතුරේ රාජකාරී සඳහා පත්කර ඇත. මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම් දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇත.
උතුරු,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලට පවතින වැසි තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, නැගෙනහිර, උතුරු මැද,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
