Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. පක්ෂ දෙක ඒකාබද්ධ කරන ආකාරය සහ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් තවදුරටත් මේ සතියේදී සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය. මෙම සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් කලතා අතුකෝරල, රුවන් විජයවර්ධන සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක සහ කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක් වූහ.
2024 මහ කන්නයේ වි අස්වනු නෙළිම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සුළු වශයෙන් ආරම්භ වුවත් රජය තවමත් සහල් සඳහා මිලක් නියම කර නැතැයි ගොවීහු පවසති. එවන් පසු බිමක රතු නාඩු අමු වි කිලෝවක් මේ දිනවල රුපියල් 165 ත් 170 අතර මිළකට විවිධ පුද්ගලයන් මිළදි ගැනිම සිදුකෙරේ. එසේ මිලදි ගන්නා වි පෞද්ගලික හාල් මෝල්වල කොටා රුපියල් 290 – 300 අතර මිලකට වෙළඳ පොළට නිකුත් කෙරේ. සහල් වෙළඳ සල්වල එළිපිට මෙම ගණන්වලට හාල් විකිනිමට තබා නැති අතර පෞද්ගලිකව මෙම වැඩි මිළගණන් යටතේ පාරිභෝගිකයන් මිලදි ගනී. මෙවන් තත්ත්වයක් ඇති පසුබිමක රජය තවමත් වි සඳහා සහතික මිලක් නියම නොකිරිම පාලන මිල අභිබවා සහල් මිල ඉහළ…
ප්‍රකාශයක් ලබාදීමෙන් පසු හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ. අද (21) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඒ මහතා පැය 6ක් පමණ එහි සිටි බව වාර්තා වේ. ඒ දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.
හිටපු වෙළෙඳ අමාත්‍යවරයෙකු වූ ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් වැඩිදුරු සාක්ෂි විභාගය සඳහා ජුනි මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය. වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකුට නඩු පවරනු ලැබීය. මෙම නඩුව අද කොළඹ මහාධික විනිසුරු ආර්. එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රාජකාරී කටයුත්තක් සඳහා විදේශගත වී සිටින හෙයින් සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස…
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. ඔහු පැවසුවේ ඒ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,300ක් වන බවය. එමෙන්ම ආපදාවට පත්ව ඇති පිරිස් සඳහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඔහු පවසයි. “ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ල වුණා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන්. පීඩාවට පත්ව ඇති පිරිස පුද්ගලයින් වශයෙන් 20,300ක් වාර්තා වෙනවා. පවුල් වශයෙන් ගත් කළ 6785ක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා. පුද්ගල මරණ දෙකක් වාර්තා වෙනවා. එක පුද්ගල මරණයක් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා අනෙක් මරණය බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා…
අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඒ සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ඒ සඳහා ප්‍රතිලාභ ලැබී නැති අයවලුන් ඇතුළත් කර ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවය. “අස්වැසුම ප්‍රතිලාභ ක්‍රියාවලිය සමාලෝචනය කර අස්වැසුම සඳහා සුදුසුකම් ලබා ඇති නමුත් තවමත් ප්‍රතිලාභ නැති අය ඇතුළත් කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා පද්ධතිය හරහා ලැබෙන තොරතුරු මේ වන විට නැවතත් පරීක්ෂණය ආරම්භ කරලා තියෙනවා, තොරතුරු ගොනු කරගෙන තියෙනවා, විශාල පිරිසක් අභියාචනා ඉදිරිපත් කරලා තියෙනවා ඒවා නැවත වතාවක් නිසි ලෙස…
යක්කලමුල්ල විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට වඩා රුපියල් 299ක මුදලකට අලෙවි කරමින් සිටියදි කොටුකර ගැනිමට හැකිවු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට අනුව රුපියල් 220ක මුදලකට අලෙවි කළ යුතුවේ. මෙකි විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් රාක්කවල අලෙවි කිරිමට නොතබා ගබඩාවෙන් රැගෙනවිත් පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරිහු පවසති. විවිධසේවා සමුපාකාර සමිතියක් විසින් මේ අයුරින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් ඉතා විශාල මුදලකට පාරිභෝගිකයින්ට අලෙවිකිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද පාරිභෝගික අධිකාරියේ විමර්ශන…
පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) උදේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. පොළොන්නරුව හා මනම්පිටිය අතර මහ මාර්ගය ජලයෙන් යටවීම නිසා මාර්ගයේ බස් රථ ඇතුළු වාහන ගමනාගමනය අත්හිටුවීම හේතුවෙන් ජනතාවගේ ගමන් පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය 19 දා සිට පොළොන්නරුව හා මනම්පිටිය අතර දුම්රිය සේවාව තාවකාලිකව ආරම්භ කෙරිණි. ජලය බැසයාම හේතුවෙන් පොලිසිය පොළොන්නරුව හා මනම්පිටිය මාර්ගය රථ වාහන ධාවනය සදහා අද උදේ සිට විවෘත කිරීම නිසා පොළොන්නරුව මනම්පිටිය දුම්රිය සේවාව නතර කිරීමට පියවර ගත් බව දෙපාර්තමේන්තු නිලධාරියකු පැවසීය.
වී කිලෝවක් සඳහා රුපියල් 130ත් 140ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ (20) පැවසීය. වී පොහොර බෑගයකට යන තේ වන වියදම ලෙස රුපියල් 116.93 ක මිලක් ඉදිරිපත් කර ඇති බවත් එම රුපියල් 116.93 ට ලාභය ලෙස සියයට 25 ක් එකතු කළ විට රුපියල් 146.10 ක මිලක් ලැබුණු බවත් ඒ මහතා කීය. එම මිලෙන් රුපියල් 6.10 ක් ද අඩු කර වී කිලෝවක් සඳහා රුපියල් 140 ක සහතික මිලක් ලැබිය යුතු බව කියන අනුරාධ තෙන්නකෝන් මහතා වී කිලොවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර පරායක සාධාරණ සහතික මිලක් දියයුතු බව ද සඳහන් කළේය.
මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (20) පැවසීය. එතුමා මහින්ද රාජපක්‍ෂ වීම නිසා නිල නිවසින් ඉවත් යෑමට සූදානම් බවත් වර්තමාන ජනාධිපතිතුමාට එම නිවස කාට හෝ විකුණාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඉවත්කිරීමට අවශ්‍ය නම් එය ලිඛිතව දැන්විය හැකි බවත් නාමල් රාජපක්‍ෂ මහතා කීය. එම නිවස ඉල්ලා ගත් දෙයක් නොවන අතර එය ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයාට ලැබුණු දෙයක් බව ද නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
