Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මිරිහාන ස්ටැන්ලි මාවත හෝටලයක පිහිනුම් තටාකයක ගිලී මිය පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් දරුවා ඉගෙනුම ලබන පෙර පාසලේ සහකාර විදුහල්පතිවරයා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. අත් අඩංගුවට ගත් අය අතර ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරු දෙදෙනකු ,පෙර පාසල් සේවිකාවක හා පිහිනුම් උපදේශකයින් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි. මියගිය දරුවා පුද්ගලික පෙර පාසලක අධ්‍යාපන ලබන අතර ඉකුත් අටවෙනි දින පාසලේ දරුවන් කණ්ඩායමක් පුහුණුකරුවකු යටතේ එම හෝටලයේ පිහිනුම් කටයුතු සිදු කරමින් සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දරුවා දියේ ගිලීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබිණි.
නැගෙනහිර, මධ්‍යම,ඌව,දකුණු සහ සබරගමුව පළාත්වලත් පොලොන්නරුව,මුලතිව කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමන පසු තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.0 පමන පසු ස්තාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයෙදි වැසි ඇති විය හැකියි.
හපුතලේ කහගොල්ල වත්ත තේ කර්මාන්ත ශාලාව වසා දැමීමට ගෙන තිබෙන බව කියන තීරණයට විරෝධය පා කහගොල්ල වත්තේ කම්කරුවන් විශාල පිරිසක් අද (09) දහවල් හපුතලේ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයට කහගොල්ල ප්‍රදේශයේදී පැමිණ දැවැන්ත විරෝධතාවක නිරත වූහ. කහගොල්ල තේ කර්මාන්තශාලාව වසා දමා එය බෝවවත්ත තේ කර්මාන්ත ශාලාවට සම්බන්ධ කිරීමට ගෙන ඇති තීරණයට මෙසේ කම්කරුවෝ විරෝධය පෑහ. මෙම වතුකම්කරුවන් පවසා සිටියේ මේ තීරණය හේතුවෙන් ඔවුන්ගේ රැකියා හා සියළු දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩ පණ වන බවයි. මේ පිළිබඳව වගකිවයුත්තන් විශේෂ අවධානය යොමු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
දරුණුගනයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A,C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබේ. මෙම ජංගම දුරකථන හමුව ඇත්තේ බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව අද (09) සිදුකළ පරීක්ෂා කිරීමකදීය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අදාළ දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින බවයි. එමෙන්ම මරණ දඬුවම නියමව සිටින “දෙමටගොඩ චමින්ද” රඳවා සිටින සිරමැදිරියේ තිබී ද ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ. මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “වෙලේ සුදා”ගේ සිරමැදිරියේ හා “මිදිගම රුවන් “ගේ සිරමැදිරියේ තිබී ජංගම දුරකථන හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. තහනම් කර තිබෙන බැංකු ගිණුම් අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක් පවතින බවත් පොලීසිය පැවසුවේය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි. ඉන් අනතුරුව අදාළ සැකකාරිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම වුණි.
මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම (09) දා අද පැවති අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් එක්ව රජය ගෙන ගෙන ඒමට නියමිත සමරිසි නීතිය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නගර සභාව ඉදිරි පිට උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණයක නියැලිණි. එහිදී සමරසි නීතිය අපිට එපා, සමරිසි නෙවෙයි එන්.පී.පී .රිසි , ගුරුවරයා දංගෙට ගෝලයා අපායට , සමලිංගික පාරාදීශයකට ආරාධනා කිරීම ලැජ්ජයි, රට දිනවන එන්.පී.පී වැඩ පිළිවෙල සම ලිංගික පාරාදීසයක්ද යනුවන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ. පසුව ඔවුන් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණ පාඨ කියමින් මහා සභා රැස්වීම පැවති සභා රැස්වීමට සහභාගි වුණි. මෙම අවස්ථාවට…
බීඩි මිල හෙට (10) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය පැවසීය. මෙම මිල ඉහළ දැමීමත් සමග අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක් රුපියල් 15 ක් දක්වා ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක් රුපියල් 13 ක් දක්වා ද, සිල්ලර මිල ඉහළ යන බව ද එම සංගමය කීය. අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක මිල රුපියල් 10 ක ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක මිල රුපියල් 9.50 ක ද, පැවැති බව එම සංගමය සඳහන් කළේය. බීඩියක් සඳහා පැවැති රුපියල් 2 ක බද්ද වර්තමාන ආණ්ඩුව රුපියල් 3 ක් දක්වා ඉහළ දැමීම සහ සෙසු වියදම්…
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලේ පළමු මාස අටේ ගුවන් මගීන් හැසිරවීම සියයට 14 කින් වර්ධනය වී ඇතැයි ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාග පවසයි. 2024 පළමු මාස අටේ ගුවන් මගීන් 58 37 351 දෙනෙකු හසුරුවා ඇති අතර 2025 වර්ෂයේ පළමු මාස අටේ එම අගය 66 30 728 කි. එය 2024 පළමු මාස අටට සාපේක්ෂව සියයට 13.59 ක වර්ධනයකි. 2025 පළමු මාස අටේ වැඩිම මගී පිරිසක් හසුරුවා ඇත්තේ අගෝස්තු මාසයේ වන අතර එම අගය 922 993 කි. ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමඟම නව ගුවන් ගමන් වාර සඳහා ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති බවත් ඉදිරි සංචාරක සමයේද සංචාරක පැමිණීමේ වර්ධනයක් බලාපොරොත්තු වන බව…
ලයිපොසොමාල් වර්ගයේ ඇම්පොටෙරිසින් බී වයල් මිලිග්‍රෑම් 50 වයල් 40,000 ක ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ක්‍රිප්ටොකොකල් මෙනින්ජයිටීස් සහ අන්තරංග ලිච්ඡෙනියාසිස් ඇතුළු ජීවිත අවදානමක් ඇති කරන දිලීර ආසාදන වලට ප්‍රතිකාර කිරීමේදී, විශේෂයෙන් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධති ඇති පුද්ගලයින් සඳහා භාවිත කරනු ලබන ඉහත සඳහන් එන්නත් වයල් 40,000 ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 4ක් ලැබී ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු වන ඉන්දියාවේ Bharat Serums and Vaccines Limited. (Manufacturer: Bharat Serums and Vaccines Limited., India) වෙත මුළු පිරිවැය ඇමෙරිකා ඩොලර් 680,000.00 ක මුදලකට අදාල ප්‍රසම්පාදනය පිරිනැමීමට…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි කරන ලෙස බලධාරීන්ට කරන බලපෑම යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය තෙවැනි අදියර වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරණ වී සිටින බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාවලිය තුළ ජනතාව අපහසුතාවට පත්කිරීමේ ක්‍රියාමාර්ගවලට එළඹීමේ කිසිඳු අදහසක් නොමැති බවත් එම සංගමයේ සභාපති ඉංජිනේරු සමන් ඉලුක්තැන්න මහතා මාධ්‍ය කළ විමසුමකදී පැවසීය. බලධාරීන් ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි ආකාරයට කරනු ඇතැයි තව දුරටත් විශ්වාස කරන බව කී ඉලුක්තැන්න මහතා වැඩ වර්ජනයක් දක්වා යෑමට කිසිඳු අදහසක් නොමැති බව ද සඳහන් කළේය. බලශක්ති අමාත්‍යවරයා, බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, පීඑස්ආර්එස් නිලධාරීන්, ලංකා විදුලිබල මණ්ඩයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා යන පාර්ශව සමඟ කිසිඳු සම්බන්ධතාවක් නොපැවැත්වීමට සහ රැස්වීවලට සහභාගි…
