Author: LANKA24X7

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නව කැලණි පාලම, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ යුක්තිය මෙහෙයුමක් අතර තුර හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (27) සිදුකළ අදාළ වැටලීමේ දී හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 280ක් සමග ‘වැල්ලම්පිටියේ කුඩු රැජින’ ලෙස හඳුන්වන මෙම කාන්තාව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසය වෙත භාර දී ඇත.

Read More

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 25 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. මෙම පෙත්සම අද (28) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ විරෝධතා ජුනි මස 25 වනදා හෝ ඊට පෙර ගොනුකරන…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි වකවානුවේ ඔහුගේ කොල්ලූපිටිය පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නවුත්තුඩුව කිරන්තිඩිය ප්‍රදේශයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්අත්අඩංගුවට ගනු ලැබ ඇත. අත්අඩංගුවට ගත් සැකකරු (36) හැවිරිදී ගුරුවරයකු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අරගල සමයේ ඉකුත් මැයි මස 9 දින රාත්‍රියේ අරගලකරුවන් පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලූපිටියේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකර තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි. මෙම සිද්ධියට අදාළව වරින් වර සැකකරුවන් 25 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන. අධිකරණය…

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කිලිනොච්චි ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා කයිට්ස් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිට විවේකය ලබා සිටි අයෙකු බවද පොලිසිය සඳහන් කරයි. ඉහත නිවසේ සැකකටයුතු පුද්ගලයින් පිරිසක් රැඳී සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) රාත්‍රියේ නිවස වටලා සෝදිසි කර තිබේ. එහිදී එහි සිටි එක් පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2100 ක් සහ ඩ්ජිටල් තරාදියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසියේ සඳහන් කරයි. එම නිවසේ තවත් සිව් දෙනකු සිට ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ අතර…

Read More

උපන් හැටියේම දරුවකු මිය ගියැයි කියන සිද්ධිය සම්බන්දයෙන් වාහාම ඩී.එන්.ඒ පරීක්ෂයක් පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ නියෝග කළේය. වැලිගම යද්දෙහිවත්ත කොහුණුගමුව පදිංචි තරුණ අඹු සැමි යුවළක් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය කළ කරුණු දැක්වීමෙන් පසු එම නියෝගය කළේය. පෞද්ගලික වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 22 වෙනි දින රාත්‍රි 11:30 ට පමණ ත්‍රී රෝද රථයකින් මාතර කොටවිල නව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කොට තිබිණි ඇය ඉකුත් 24 දින අළුයම 2 :41 පමණ සිය දරුවා බිහි කළ බවත් එම දරුවා තමා වෙත නොලැබුණු බවත් පසුව එම දරුවා මියගිය බවට විවිධ පරස්පරතා අදහස් රෝහල් බලධාරීන් විසින් පැවසූ…

Read More

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බව පවසමින් බොහෝ ජනාධිපතිවරු ධූරයට පැමිණියද එම කිසිවකු ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කළේ නැතැයි ද ආර්ථික අර්බුදයක් හමුවේ වුවද ජනාධිපති උතුරේ ජනතාවගේ බොහෝ ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට කටයුතු කර තිබෙන්නේ යැයිද ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් මහතා පැවසීය. මීට වසර දෙකකට පෙර රටේ වගකීම බාර ගැනීමට බිය වූ පිරිස් අද ජනාධිපතිවරයාගේ සංවර්ධන වැඩපිළිවෙළට බිය වී විවිධ චෝදනා එල්ල කරමින් සිටින බවද තිලීපන් පෙන්වා දුන්නේය. තිලීපන් මහතා මේ බව කීවෙි “උරුමය” වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට සින්නක්කර ඔප්පු ප්‍රදානය වෙනුවෙන් වව්නියාව මෝජෝ උත්සව ශාලාවේ පැවති වැඩසටහනකදීය. සියලු දෙනා එකතු වී…

Read More

රාජ්‍ය ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් සඳහන්වී ඇති ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් 400 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් කාලයක සිට නීතිය ක්‍රියාත්මකවී නැතැයි ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ. එසේම දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රජයට පාඩුවූ කෝටි දාහකට වැඩි මුදලක් එම නිලධාරීන්ගෙන් අයකර ගැනීමද මෙතෙක් සිදුවී නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. වගකිවයුතු නිලධාරීන්ගෙන් පාඩුවූ මුදල් අය කර ගන්නා ලෙස විගණන නිලධාරීන් නොයෙක් වර නිර්දේශ කර ඇතත් එම නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක වී නැති බව විගණන නිලධාරියෙක් පැවසීය. මේ අතර දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෙරුණු නිර්දේශ බොහොමයක් ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක…

Read More

අධික වර්ෂාවත් සමඟ ජල විදුලිබලාගාර ආශිත ජලාශ පිරීයෑමේ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය දෙගුණයක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ඊයේ (27) පැවසීය. ජලවිදුලි බලාගාරවලින් පසුගිය (26) විදුලිය ගිගාවොට් පැය 15.66 ක් නිෂ්පාදන කළ බවත් එම ප්‍රමාණය සමස්ත විදුලි සැපයුමෙන් සියයට 41.91 ක් බවත් එම නිලධාරියා කීය. ජල විදුලි බලාගාරවලින් මෙම මස 1 වැනිදා විදුලිය ගිගාවොට් පැය 8.16 ක් පමණක් නිෂ්පාදනය කළ අතර එහි ප්‍රතිශතය සියයට 20.40 ක් බවත් ඒ අනුව දින 25 තුළ ගිගාවොට් පැය 7.5 කින් ඉහළ ගොස් ඇති බවත් එම නිලධාරියා කීය. ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමත් සමඟ තාප විදුලි සැපයුම පෙරේදා වන විට සියයට…

Read More

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් යළිත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව කැරට්, බොංචි, ගෝවා, අමු මිරිස් ඇතුලු එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ඔව්හු සඳහන් කරති. සාමාන්‍ය වෙළෙඳපොළේ බොංචි රුපියල් 890 කටත්, කැරට් රුපියල් 360 ක පමණ මිලකටත්, ගෝවා රුපියල් 240 කටත්, තක්කාලි රුපියල් 240 කටත්, සලාද කොල රුපියල් 1700 කටත්, වම්බටු 400 කටත්, ලීක්ස් 350 කටත්” කරිවිල 630 කටත්, වැටකොලු 400 කටත්, දඹල 650 කටත් අමුමිරිස් රුපියල් 500කටත් ආදී ලෙස කිලෝවක් සිල්ලරට අලෙවි වී තිබිණ. කොළඹ මැනිං වෙළදපොලේ තොගමිල බොංචි රුපියල් 600කටත්, කැරට් රුපියල් 170කටත්, ගෝවා රුපියල් 80කටත්, තක්කාලි රුපියල්…

Read More

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මහතාව ඇප මත මුදාහැර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස ඇප මත මුදාහැර ඇත. මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මහතා අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.

Read More