Author: LANKA24X7

කල්පිටිය කන්දකුලියවැල්ල කස කැලය ප්‍රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්දකුලියවැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය පවසයි.

Read More

ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. මේ සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා පැවසුවේ මේ තීරණය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල කල් තියා සූදානම් කර තිබූ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් නතර කිරීමට සිදුවූ බවයි. ප්‍රසංග සහ සැණකෙළි මැතිවරණ කාලයේදී නැවැත්වීමෙන් ඒවා සංවිධාන කරන පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ජීවත් වන්නේ කෙසේදැයි තමා…

Read More

ඇදහැලෙන අධික වර්ෂාපතනය සමග, කළුතර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව පවතින බව ආපදා කළමනාකරණ මාධ්‍යස්ථානය කියයි. බුලත්සිංහල පරගොඩ මාර්ගයේ නාලියද්ද ප්‍රදේශය මේ වන විට අඩි අටක් පමණ ජලයෙන් යටවී නිවාස 44ක් ද ජලයෙන් යටව පවතින බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් රංගන පෙරේරා මහතා පවසයි. ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලිමක් අනුව පරගොඩ ප්‍රදේශයට නාවික හමුදාවේ ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කළ බවත් එම සහන කණ්ඩායම් පරගොඩ ප්‍රදේශයේ ගංවතුර සහන මෙහෙයුම් සිදු කරද්දී දියේ ගිලෙන්නට ගිය පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූ බවද ප්‍රාදේශීය ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

Read More

නිකිණිපුර පසළොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබේ. මෙම පොහොය දින බෞද්ධාගමිකයිනට ප්‍රධාන සිදුවීම් කීපයක් නිසා වැදගත් වේ. ඒවා අතර පසු වස් එළඹීම, ආනන්ද තෙරුන් වහන්සේ රහත්වීම. සහ ප්‍රථම ධර්ම සංගායනාව ,ආරම්භ කිරීම ආදිය වේ. පෙර වස පසු වස වශයෙන් භික්ෂූන් වහන්සේලා වස් එළඹ වැඩ සිටිය යුතු දින දෙකක් ගැන සඳහන් වේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහි පොහොය කර්ම කොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹීම එක් ක්‍රමයකි. එසේ කිරීමට යම්කිසි අපහසුවක් ඇති වූ කල්හි නිකිණි පුර පසළොස්වක පොහොය දින පොහොය කර්ම කොට නිකිණි අව පෑල වියද පසුවස් එළඹිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. මෙහි දැක් වූ…

Read More

බස්නාහිර,සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකද තද සුළං ද ඇති වේ.

Read More

වෙන්නප්පුව සින්ද්‍රාන්තිය ප්‍රදේශයේ සිවු දරු මවකගේ සිරුරට සාමියා පෙට්‍රල් හලා ගිනිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම මව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ සංගවේල් සුසිලා නැමති සිව්දරු මවකි. මරණයට පත් කාන්තාව මීට වසර දෙකහමාරකට ඉහතදී ආරථික ප්‍රශ්න හේතුවෙන් රැකියාවකට විදෙස්ගත ඇති අතර එහිදී ඇතිකරගත් අනියම් සම්බන්ධතාවයක් මත නැවත දිවයිනට පැමිණ එම අනියම් සැමියා සමග ජීවත්ව ඇත. අනතුරුව නීත්‍යානුකූල සැමියාගේ ඉල්ලීමකට අනුව තම දරුවකුගේ උපන්දින දවසේ එනම් ඉකුත් 10 දා එම නිවසට පැමිණ ඇති අතර 14දා දක්වා එම නිවසේ දරුවන් ස්වාමියා සමග ජීවත්ව ඇත. පසු තමා දැමූ බඩු පෙට්ටිය ගෙන ඒමට කොළඹ…

Read More

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ දී අද (18) දහවල් කාර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් හත් දෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය. මෙලෙස තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ මහනුවර පිළිමතලාව දන්තුරේ ප්‍රදේශයේ පදිංචිව සිටින පිරිසක් හා කොළඹ කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින සිව් දෙනෙක් සමග හත් දෙනෙක් බවත් පොලිසිය පැවසීය. අනතුරින් කාර් රථ දෙකෙහි ගමන් කරමින් සිටි වයස මාස 8 , මාස 18 දරුවන් දෙදෙනෙක් කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි දෙදෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය. මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු කාර් රථයේ රියදුරුවරයාට…

Read More

යාපනය බන්ධනාගාරයේ රැදවියකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි අයකු එලෙස මියගොස් ඇතැයිද පොලිසිය. හුස්ම ගැනීමේ අපහසුතාවක් පිළිබඳ රැදවියා කිහිපවරක් බන්ධනාගාර නියාමකවරුන් වෙත දන්වා ඇති අතර පසුව ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

Read More

රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම භූ කම්පනයත් සමග අමෙරිකානු ජාතික සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මගින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය සුනාමි තත්ත්වයක් නොවන බවට දැනුම් දී තිබේ. පැසිපික් සාගරයේ භූ කම්පන ක්‍රියාකාරී තීරයක මෙම භූ කම්පනය හටගෙන ඇති අතර පළමු භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ද සිදුව තිබේ. මෙම මුහුදු ප්‍රදේශයේ සක්‍රීය ගිනි කඳු කිහිපයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Read More

කොළඹ ජාතික රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයකදී මැදිරිගිරියේ පදිංචි තිදරු පියෙක් මියයාම සම්බන්ධයෙන් සැත්කම සිදුකළ වෛද්‍යවරයා වගකීම භාරගත යුතු බවට ඥාතීන් චෝදනා කරයි. මියගිය පුද්ගලයාගේ නහරයක් කැපී සිදුවූ අධිර රුධිර වහනයෙන් පුද්ගලයා මියගොස් ඇති බවට වෛද්‍යවරයෙක් සඳහන් කළත්, සැත්කම සිදුකළ වෛද්‍යවරයා සඳහන් කර තිබුණේ යම්කිසි දෙයක් ඇනී මෙලෙස නහරයකට හානි සිදුවී ඇති බවටය. 2023 වසරේ නොවැම්බර් මාසයේදී මැදිරිගිරිය ප්‍රදේශයේ බස් රථයක ගැටී මැදිරිගිරියේ පදිංචි ශාංචන රාජපක්ෂ නමැති 41 හැවිරිදි තිදරු පියා අනතුරකට ලක්වී තිබුණි. වම් අතෙහි වූ කිසියම් තැලීමක් හේතුවෙන් ඔහුගේ වම් අත ඉස්සීමේ අපහසුතාවයක් දිගින් දිගටම පැවතීම එදිනෙදා රාජකාරී කිරීමේදී ශාංචනට බාධාවක් වී විය. ඊට ප්‍රතිකාර කිරීම සඳහා මහනුවර පෞද්ගලික රෝහලකින්…

Read More