Author: LANKA24X7

රනිල් වික්‍රමසිංහ මහතා මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා හූණා කිව්වා සේ පවසන්නේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (28 ) පැවසීය. “කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ” යැයිද ඔහු සඳහන් කළේය. ඔහු ජාත්‍යන්තර සංවිධානයක තනතුරක් ලබාගෙන ඉදිරි කාලය වැජඹීමට බලාවි යැයිද මන්ත්‍රීවරයා කීය. ජනාධිපතිවරණ අපේක්ෂකයෝ දැන් ගොඩක් සිටින බවත් පඳුරකට ගැහුවොත් හැටක් විතර සිටින බවත් වීරවංශ මහතා කීවේය. ජනාධිපති පුටුවට ගිය පසු ඔහුගේ සියලු කටයුතු අවසන් වන හෙයින් එතනින් එහාට මේ රටේ අනාගතය ගැන ඔහුට වගකීමක් නැතැයිද අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන නොහිතන නායකයෙකු අත යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

Read More

මඩුවන්වෙල නින්දගම වත්ත නමැති ඉඩමෙන් කොටසක් වන වගා ව්‍යාපෘතියක් සඳහා සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනාමුර ග්‍රාම නිලධාරී වසමේ මෙම මඩුවන්වෙල නින්දගම වත්ත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමකි. කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ දැක්වෙන්නේ ලංකා දුම්කොළ සමාගම විසින් ඉදිරිපත් කර ඇති අදාළ ව්‍යාපෘති වාර්තාව ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවය. ඒ අනුව මඩුවන්වෙල නින්දගම වත්තෙන් අක්කර 87යි රූඩ් 3යි පර්චස් 25ක කොටසක් මෙම වන වගා ව්‍යාපෘතිය සඳහා වසර 30ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට සංචාරක සහ ඉඩම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති…

Read More

විදේශගත ශ්‍රමිකයන් සදහා සුබසාධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඊට සහය නොදැක්වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගෙන තිබුණ ද මෙතෙක් ඒවා ක්‍රියාත්මක නොවන බවය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “විදේශගත ශ්‍රමිකයන්ට විවිධ යෝජනා ක්‍රියාත්මක කරද්දි අපිට හම්බවුණේ, ඒවට සහයෝගයක් නෙමෙයි. ඒවට හම්බවුණේ බාධා කිරීම් තමයි. අපි සමහර නිලධාරීන් එක්ක රණ්ඩු කර කර, විදේශගත ශ්‍රමිකයන්ට සහන සලසන්න කටයුතු කළා. ඒ අයට නිවාස ණය ලබාදෙන්න අවශ්‍ය අයට අපි කටයුතු සුදානම් කරලා තියෙනවා.…

Read More

මහනුවර – කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබේ. ලංගම බස් රථයක සේවකයින් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට පහරදුන් බව කියමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි. අප වාර්තාකරු පැවසුවේ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ මහනුවර – කොළඹ බස් ගාල් කර ඇති බවයි.

Read More

නවසීලන්තයේ දුම්වැටි තහනම් කිරීමට, එරට කම්කරු පක්ෂය සහ පක්ෂ නායිකා අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ගෙන තිබුණු තීරණය අත්හිටුවීමට නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සහ ඔහුගේ දක්ෂිණාංශික ජාතික පක්ෂ සන්ධානය රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් සහ ඇගේ කම්කරු පක්ෂ රජය තීරණය කර තිබුණේ, 2008 වසරෙන් පසු උපන් අයට දුම්වැටි අලෙවිය තහනම් බවය. ඒ අනුව, දුම්වැටි තහනම් කෙරුණු පළමු රට නවසීලන්තය බවට පත් විය. නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ සන්ධාන රජය, බදු අඩු කරමින් ජනතාවට සහන දීමට පොරොන්දු වී සිටී. බදු අඩු කිරීමට අරමුදල් උපයා ගැනීමට නම්, පසුගිය කම්කරු පක්ෂ රජයේ දුම්වැටි තහනම අත්හිටුවීමට සිදුවන බව නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් පැහැදිලි කර ඇත.

Read More

කුරුණෑගල රිදීගම රත්හැටිකන්ද ප්‍රදේශයේ ස්ථානයක නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටියේ යැයි කියන නාවික හමුදා ලුතිනන් වරයකු ඇතුළු පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය පවසයි. නාවික හමුදා ලුතිනන්වරයාට අමතරව යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් සහ සාමාන්‍ය වැසියෝ දෙදෙනෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. අඩංගුවට ගත් පස් දෙනා අතර කඩියකු යැයි කියන පුද්ගලයෙක් සිටින බව පැවසේ. කිසියම් පිරිසක් රිදීගම රත් හැටි කන්ද ප්‍රදේශයේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරන බවට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ බව රිදීගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් රිදීගම සහ ගොකරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම හැකි ඉක්මණින් දින කීපයක් තුළ ඉත්කරගැනීම ඉතාමත් වැඳගත් බවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගන්නා තීරණ නීතියට අනුව ක්‍රියාත්මක කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් පසුව හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (27) පස්වරුවේ පැවසීය. එම තහනම ඉවත්කරගැනීම වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට වඩාත් වැඳගත් වන බවත් එම තරගාවලිය හැකිනම් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සහ කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අයි.සී.සී.ය අතුරු කමිටු පිළිනොගන්නා බවත් ක්‍රිකට්වලට අවශ්‍ය මුදල් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පමණක් සපයන අතර ආණ්ඩුවේ මුදල් ක්‍රිකට්වලට වියදම් නොකරන බවත් අමාත්‍යවරයා කීය. දූෂණ නැති කිරීම ආදි සියලුම…

Read More

ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. නමුත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බව ද අමාත්‍යවරයා කීය. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ තිරසරභාවය පවත්වාගෙන යාම සඳහා ජල ගාස්තු සඳහා සූත්‍රයක් අවශ්‍ය බවත් එම සූත්‍රය සැකසීම පිළිබඳ සාකච්ඡා දැනට සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. යෝජිත ජල…

Read More

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ සිනෝපෙක් සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඊයේ (27) පස්වරුවේ පැවසීය. එම ආයෝජනයට අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමමිවූ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශය ගැනීම ඊයේ (27) අවසන් කළ බව ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකය පැවසීය. කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ ඊයේ (27) පස්වරු 2.00 ට පමණ පැමිණි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බවත් ඔහු නැවත එම ඒකකය වෙත කැඳවීමට මෙතෙක් තීරණය කර නොමැති බවත් එම ඒකකයේ උසස් නිලධාරියෙක් පැවැසීය. දින දෙකකදී ඒ මහතාගෙන් ලබාගත් ප්‍රකාශය පිළිබඳ අධ්‍යයනය කර නැවත ඔහු කැදවන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස…

Read More